The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පිරිමියෙක් හා යෝධ කාන්තාවක් අතර බ්‍රසීල ජි-ජිට්සු සටනක්

T

The Leader Desk

August 17, 2024 • 1:34 PM

පිරිමියෙක් හා යෝධ කාන්තාවක් අතර බ්‍රසීල ජි-ජිට්සු සටනක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (Gabi Garcia) අතර තරගය විකාරයක් වන්නේ එය පැවැත්වෙන්නේ පිරිමියෙකු හා කාන්තාවක් අතර නිසා.
  • මේ සටන් ශිල්පයේ විශාරදයෙකු ලෙස සැලකෙන ජෝන්ස් තරග 55ක් ජයග්‍රහණය කර තිබෙන අතර කාන්තා අංශයේ ආධිපත්‍ය පතුරුවා සිටින ගාසියා ජයග්‍රහණ 71ක් වාර්තා කර තිබෙන්නේ වෘත්තීය මිශ්‍ර සටන් කලාවේ - MMA - තවත් ජයග්‍රහණ 6ක් ද සමග.
  • ඇත්ත වශයෙන්ම, ගාසියා ඇගේ පිරිමි ප්‍රතිවාදියාට වඩා උසින් මෙන්ම බර ප්‍රමාණයෙන් ද වැඩියි.
  • ඉක්බිති වහාම එතැනින් පලා ගිය ඔහු දෙස ඇය බලා සිටියේ විස්මයෙන් යුතුව.
අකුරු ප්‍රමාණය (Font Size):

 (Gabi Garcia) අතර තරගය විකාරයක් වන්නේ එය පැවැත්වෙන්නේ පිරිමියෙකු හා කාන්තාවක් අතර නිසා.


zdvsrg
මේ සටන් ශිල්පයේ විශාරදයෙකු ලෙස සැලකෙන ජෝන්ස් තරග 55ක් ජයග්‍රහණය කර තිබෙන අතර කාන්තා අංශයේ ආධිපත්‍ය පතුරුවා සිටින ගාසියා ජයග්‍රහණ 71ක් වාර්තා කර තිබෙන්නේ වෘත්තීය මිශ්‍ර සටන් කලාවේ - MMA - තවත් ජයග්‍රහණ 6ක් ද සමග.

මේ දෙදෙනා බ්‍රසීල ජි-ජිට්සු සටනක යෙදීමට තීරණය කළේ දෙදෙනාගේ ශාරිරික සංඛ්‍යානවල තිබෙන සමානත්වය නිසා. ඇත්ත වශයෙන්ම, ගාසියා ඇගේ පිරිමි ප්‍රතිවාදියාට වඩා උසින් මෙන්ම බර ප්‍රමාණයෙන් ද වැඩියි.

කෙසේ වෙතත්, මේ දෙදෙනා තරගයට පෙර පැවැත්වෙන හමුවක් සඳහා බ්‍රහස්පතින්දා මුහුණට මුහුණ හමුවූ අවස්ථාවේදී වාතාවරණය උණුසුම් වුනා. පොර බදන්නන් දෙදෙනා තර්ජනාත්මක පෙනුමෙන් යුතුව එකිනෙකාට සමීප වූ විට ජෝන්ස් ට වඩා අඟල් තුනක් උසින් වැඩි ගාසියා දිස්වූයේ ඉතා විශාලව.

zxvewrs
එහෙත් එක්වරම යෝධ ගාසියාගේ හිස බලයෙන් අල්ලා ගත් ජෝන්ස් ඇගේ තොල්පෙති සිප ගත්තා. ඉක්බිති වහාම එතැනින් පලා ගිය ඔහු දෙස ඇය බලා සිටියේ විස්මයෙන් යුතුව. ඉන්පසු ඇය ඔහුට අසභ්‍ය වචනයෙන් බැන වැදුනා.

ජෝන්ස්ගේ මේ ක්‍රියාව නිසා තරගය අහෝසි කෙරෙන බවක් පෙනුනා.

“සටන අහෝසි කරලා. බ්‍රසීලයේ මිනිසුන්ට විහිළුවක් බාර ගන්න බැහැ කියල මට හිතෙනවා” යනුවෙන් ජෝන්ස් ‘ඉන්ස්ටග්‍රෑම්’ හි සටහන් කළා.

zdfseee
නමුත් ඊට පසුව ඔහු ආපසු සටහනක් තබමින්, “තරගය නැවත පැවැත්වෙනවා” යනුවෙන් පැවසුවා.

පිරිමියෙක් සහ කාන්තාවක් අතර මේ සුපිරි තරගය ලාස් වේගාස් හි පැවැත්වෙන්නේ අද රාත්‍රියේ.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පිරිමියෙක් හා යෝධ කාන්තාවක් අතර බ්‍රසීල ජි-ජිට්සු සටනක් | The Leader