The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සුජීව විජයනායකගෙන් මෙරට බේස්බෝල් ක්‍රීඩාවට නොමසුරු පරිත්‍යාගයක්

T

The Leader Desk

August 18, 2024 • 10:35 AM

සුජීව විජයනායකගෙන් මෙරට බේස්බෝල් ක්‍රීඩාවට නොමසුරු පරිත්‍යාගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විසින් බේස්බෝල් ක්‍රීඩා භාණ්ඩ රැසක් ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩා කරන පාසල්, විශ්ව විද්‍යාල, ත්‍රිවිධ හමුදාව හා ක්‍රීඩා සමාජ 95කට පරිත්‍යාග කර තිබෙනවා.
  • කොළඹ ආනන්ද විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන සුජීව මේ සුවිශේෂ පරිත්‍යාගය සිදුකර තිබෙන්නේ ඔහුගේ බේස්බෝල් ක්‍රීඩා දිවියට වසර 25ක් පිරීම නිමිත්තෙන්.
  • තමා බේස්බෝල් ක්‍රීඩාවට අවතීර්ණ වූ විදුහලේදී ම පැවති විශේෂ උත්සවයකදී සුජීව සිදුකළ මේ බේස්බෝල් ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානයට රබර් බේස්බෝල් 2400ක් සහ හාඩ් බැට් 241ක් ඇතුළත්.
  • සුජීව මේ ක්‍රීඩා භාණ්ඩ එක්රැස් කර ගෙන තිබෙන්නේ ජපානයේ සහයෝගීතාවෙන්. ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩා කරන පාසල් 45ක්, විශ්ව විද්‍යාල 13ක්, ත්‍රිවිධ හමුදාව ඇතුළුව ක්‍රීඩා සමාජ 22ක් හා ත්‍රිවිධ හමුදාව හා සරසවි ඇතුළුව කාන්තා කණ්ඩායම් 15කට මේ ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කෙරුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

විසින් බේස්බෝල් ක්‍රීඩා භාණ්ඩ රැසක් ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩා කරන පාසල්, විශ්ව විද්‍යාල, ත්‍රිවිධ හමුදාව හා ක්‍රීඩා සමාජ 95කට පරිත්‍යාග කර තිබෙනවා.

කොළඹ ආනන්ද විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන සුජීව මේ සුවිශේෂ පරිත්‍යාගය සිදුකර තිබෙන්නේ ඔහුගේ බේස්බෝල් ක්‍රීඩා දිවියට වසර 25ක් පිරීම නිමිත්තෙන්.

තමා බේස්බෝල් ක්‍රීඩාවට අවතීර්ණ වූ විදුහලේදී ම පැවති විශේෂ උත්සවයකදී සුජීව සිදුකළ මේ බේස්බෝල් ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානයට රබර් බේස්බෝල් 2400ක් සහ හාඩ් බැට් 241ක් ඇතුළත්. සුජීව මේ ක්‍රීඩා භාණ්ඩ එක්රැස් කර ගෙන තිබෙන්නේ ජපානයේ සහයෝගීතාවෙන්. 

ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩා කරන පාසල් 45ක්, විශ්ව විද්‍යාල 13ක්, ත්‍රිවිධ හමුදාව ඇතුළුව ක්‍රීඩා සමාජ 22ක් හා ත්‍රිවිධ හමුදාව හා සරසවි ඇතුළුව කාන්තා කණ්ඩායම් 15කට මේ ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කෙරුනා.

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොශි හිදෙකි, JICA ආයතනයේ ශ්‍රී ලංකා ප්‍රධානී යමදා තෙත්සුයා, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ ප්‍රධානී සම්පත් අමරතුංග ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මේ අවස්ථාවට සහභාගි වුනා.

 

sujeewa don

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...