The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ෂීක් හසීනාගේ මන්ත්‍රී ක්‍රිකට් ක්‍රීඩකයාට බංග්ලාදේශ කණ්ඩායමේ රැඳී සිටීමට අවසර

T

The Leader Desk

August 19, 2024 • 9:22 AM

ෂීක් හසීනාගේ මන්ත්‍රී ක්‍රිකට් ක්‍රීඩකයාට බංග්ලාදේශ කණ්ඩායමේ රැඳී සිටීමට අවසර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ දිනවල පාකිස්තානයේ තරග සංචාරයක යෙදී සිටින බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ තවදුරටත් රැඳී සිටීමට එරට නව පාලකයින් අවසර දී තිබෙනවා.
  • නියම විපක්ෂයක් නොමැතිව පැවැත්වූ මැතිවරණයකින් පසුව බලයට පැමිණි හිටපු අගමැතිනි ෂීක් හසීනාගේ අවාමි ලීග් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස ෂකිබ් පත්වූයේ පසුගිය ජනවාරියේ.
  • කැරැල්ල මෙහෙයවූ ශිෂ්‍ය නායකයන්ගෙන් කෙනෙකු වන 26 හැවිරිදි අසි‌ෆ් මහමුද් දැන් බංග්ලාදේශය පාලනය කරන තාවකාලික රජයේ ක්‍රීඩා ඇමතිවරයා වන අතර ඔහු හසීනා සහ අවාමි ලීග් පක්ෂය සමග ෂකිබ්ගේ සබඳතා තිබියදීත් ෂකිබ් ට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දිගටම රැඳී සිටීමට අවසර ලබා දී තිබෙනවා.
  • ඔහු ෂකිබ් කණ්ඩායමට ඇතුළත්ව සිටීම ගැන විරුද්ධ වුනේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ දිනවල පාකිස්තානයේ තරග සංචාරයක යෙදී සිටින බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ තවදුරටත් රැඳී සිටීමට එරට නව පාලකයින් අවසර දී තිබෙනවා.

නියම විපක්ෂයක් නොමැතිව පැවැත්වූ මැතිවරණයකින් පසුව බලයට පැමිණි හිටපු අගමැතිනි ෂීක් හසීනාගේ අවාමි ලීග් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ලෙස ෂකිබ් පත්වූයේ පසුගිය ජනවාරියේ. බංග්ලාදේශ ශිෂ්‍යන් විසින් ජාතික මට්ටමෙන් දියත් කරන ලද කැරැල්ලක් අවසානයේ හසීනා හදිසියේ ම ඉල්ලා අස්වී හෙලිකොප්ටරයකින් ඉන්දියාව ට පලා යාමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග ෂකිබ් ට ඔහුගේ රැකියාව අහිමි වුනා.

 

කැරැල්ල මෙහෙයවූ ශිෂ්‍ය නායකයන්ගෙන් කෙනෙකු වන 26 හැවිරිදි අසි‌ෆ් මහමුද් දැන් බංග්ලාදේශය පාලනය කරන තාවකාලික රජයේ ක්‍රීඩා ඇමතිවරයා වන අතර ඔහු හසීනා සහ අවාමි ලීග් පක්ෂය සමග ෂකිබ්ගේ සබඳතා තිබියදීත් ෂකිබ් ට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දිගටම රැඳී සිටීමට අවසර ලබා දී තිබෙනවා.

 

66b6364b57218අසි‌ෆ් මහමුද්
“අපි ක්‍රීඩා ඇමතිවරයාට කණ්ඩායම ඉදිරිපත් කළා. ඔහු ෂකිබ් කණ්ඩායමට ඇතුළත්ව සිටීම ගැන විරුද්ධ වුනේ නැහැ. කණ්ඩායම සැදී තිබිය යුත්තේ කුසලතාව මත බව ඔහු කීවා” යනුවෙන් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලයේ (BCB) අධ්‍යක්ෂවරයෙකු වන ඉෆ්ටිඛර් අහමඩ් ප්‍රකාශ කරනවා.

හසීනාව බලයෙන් පහ කෙරුනු රැලි සංවිධානය කළ ‘වෙනස්කම් කිරීමට එරෙහි ශිෂ්‍යයෝ’ නමැති විරෝධය පළකිරීමේ කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයන්ගෙන් කෙනෙකි මහමුද්.

 

Shakib Al Hasanහසීනාගේ ඉල්ලා අස්වීමෙන් පසුව 37 හැවිරිදි ෂකිබ් අල් හසන්ව දක්නට නොලැබුණි

හසීනාගේ ඉල්ලා අස්වීමෙන් පසුව 37 හැවිරිදි ෂකිබ් අල් හසන්ව දක්නට නොලැබුනු අතර ඔහු පාකිස්තානයේ සිටින බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධ වී තිබෙන්නේ කෙළින්ම කැනඩාවේ සිට පැමිණෙමින්. ඒ වන විට ඔහු සිටියේ කැනඩාවේ පැවැත්වෙන විස්සයි20 තරගාවලියකට සහභාගි වෙමින්.

“මන්ත්‍රීවරයෙකු ලෙස ෂකිබ් ට සමූහ මිනිස් ඝාතනයේ වගකීමෙන් මගහැර ඉන්න බැහැ” යනුවෙන් හසීනා බලයට ඒමට පෙර BCB ට සේවය කළ එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු සාමාජික රෆිකුල් ඉස්ලාම් පවසනවා.

 

1723538257 unb newswireබංග්ලාදේශයේ ප්‍රධානතම ක්‍රිකට් ස්ථානය වන Sher-e-Bangla ජාතික ක්‍රීඩාංගණයේ පිහිටි BCB මූලස්ථානය පිටත පැවති විරෝධතාව
“ශිෂ්‍යයන් මරා දමද්දී ඔහු කිසිම අවස්ථාවක ඊට විරුද්ධ වුනේ නැහැ. මියගිය මේ සිසුන් බොහෝ දෙනෙක් ෂකිබ් ට සංකේතාත්මක ක්‍රීඩකයෙකු ලෙසින් ගරු කළා. පළමුව ඔහු ඔහුගේ රට ට ඇවිත් ඔහු නිහඬව සිටියේ ඇයි කියා පැහැදිලි කර දෙන්න තිබුනා.”

බංග්ලාදේශයේ ප්‍රධානතම ක්‍රිකට් ස්ථානය වන Sher-e-Bangla ජාතික ක්‍රීඩාංගණයේ පිහිටි BCB මූලස්ථානය පිටත පැවති විරෝධතාවට රෆිකුල් ද සහභාගි වී සිටියා. ඔහු සහ අනෙකුත් ක්‍රීඩා බලධාරීන් මෙහිදී ඉල්ලා සිටියේ ෂීක් හසීනාගේ හිතවතුන් වන ක්‍රිකට් මණ්ඩලයේ සාමාජිකයන් වහාම ඉවත් කරන ලෙස.

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ෂීක් හසීනාගේ මන්ත්‍රී ක්‍රිකට් ක්‍රීඩකයාට බංග්ලාදේශ කණ්ඩායමේ රැඳී සිටීමට අවසර | The Leader