The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මංගල වසරේදීම වාර්තාගත ප්‍රගතියක් ලැබූ ‘ශ්‍රී ලයන්ස් ශ්‍රී ලංකා’ ක්‍රීඩා සංවිධානය

T

The Leader Desk

August 22, 2024 • 5:47 AM

මංගල වසරේදීම වාර්තාගත ප්‍රගතියක් ලැබූ ‘ශ්‍රී ලයන්ස් ශ්‍රී ලංකා’ ක්‍රීඩා සංවිධානය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විදේශීය ශ්‍රී ලාංකිකයන් අතර ද එකමුතුවක ශක්තිමත් හැඟීමක් පෝෂණය කරමින්.
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ සැලකිය යුතු පෙනී සිටීමක් තිබෙන ශ්‍රී ලයන්ස් සංවිධානයට ලියාපදිංචි සාමාජිකයන් 2,500ක් සිටින අතර ඔවුන්ගේ වැඩසටහන්වලට පුද්ගලයන් 10,000කට වැඩි පිරිසකගේ සහභාගිත්වයක් තිබෙනවා.
  • ඔවුන් සාර්ථකව ඉටුකර ගත් ප්‍රධාන ක්‍රීඩා කාර්යයන්ට ඩුබායි රග්බි සෙවන්ස්, බුඛාතීර් ක්‍රිකට් ලීගය හා ඩුබායි නෙට්බෝල් ලීගයට සහභාගි වීම ඇතුළත් වනවා.
  • මේ ක්‍රීඩා ඉසව් නැරඹීමට විශාල ජනකායක් පැමිණි අතර ශ්‍රී ලයන්ස් සංවිධානය ඔවුන්ගේ නියෝජනය එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ජපානය, බහරේන් හා ඔ්මානය ඇතුළු වෙනත් රටවලට ද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

විදේශීය ශ්‍රී ලාංකිකයන් අතර ද එකමුතුවක ශක්තිමත් හැඟීමක් පෝෂණය කරමින්. අනාගත වර්ධනයක හා සාර්ථකත්වයක සවිමත් අඩිතාලමක් ඔවුන් පළමු වසරේදී ම දමා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, ජනතාව හා අනාගත අභිලාෂයන් නියෝජනය වන ජාත්‍යන්තරව ප්‍රසිද්ධ ක්‍රීඩා සලකුණක් ස්ථාපිත කිරීමයි ශ්‍රී ලයන්ස් සංවිධානයේ දැක්ම වී තිබෙන්නේ.

 

එක්සත් අරාබි එමීර් රාජ්‍යය මූලස්ථානය කර ගත් ශ්‍රී ලයන්ස්, ලියාපදිංචි ක්‍රීඩා හා ප්‍රජා සේවා සංවිධානයක්. ශ්‍රී ලංකාව මෙන්ම ඩුබායි හා කැනඩාව යන රටවල නොයෙකුත් බලධාරීන්ගේ පිළිගැනීම මේ සංවිධානයට ලැබී තිබෙනවා. මේ සංවිධානයේ ප්‍රධාන කාර්යභාරය වී තිබෙන්නේ සමාජ, ක්‍රීඩා හා සැබෑ ක්‍රියාකාරකම්වලින් ශ්‍රී ලංකා ප්‍රජාවට සහාය වීම යි. මේ ඉසව් ඔවුන් සංවිධානය කරන්නේ ළමයින් මෙන්ම වැඩිහිටියන් ද ඉලක්ක කරගෙන. එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ සැලකිය යුතු පෙනී සිටීමක් තිබෙන ශ්‍රී ලයන්ස් සංවිධානයට ලියාපදිංචි සාමාජිකයන් 2,500ක් සිටින අතර ඔවුන්ගේ වැඩසටහන්වලට පුද්ගලයන් 10,000කට වැඩි පිරිසකගේ සහභාගිත්වයක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, ජනතාව හා අනාගත අභිලාෂයන් නියෝජනය වන ජාත්‍යන්තරව ප්‍රසිද්ධ ක්‍රීඩා සලකුණක් ස්ථාපිත කිරීමයි ශ්‍රී ලයන්ස් සංවිධානයේ දැක්ම වී තිබෙන්නේ.

 

AGM 2එක්සත් අරාබි එමීර් රාජ්‍යය මූලස්ථානය කර ගත් ශ්‍රී ලයන්ස්, ලියාපදිංචි ක්‍රීඩා හා ප්‍රජා සේවා සංවිධානයක්.


මේ සංවිධානය ඔවුන්ගේ පළමු වසරක කාලයේදී ක්‍රීඩා හා ප්‍රජා සේවා යන තරගකාරී ක්ෂේත්‍රයන්හි අවධානය යොමුකර ගත් පියවර ගණනාවක් ම තබා තිබෙනවා. ඔවුන් සාර්ථකව ඉටුකර ගත් ප්‍රධාන ක්‍රීඩා කාර්යයන්ට ඩුබායි රග්බි සෙවන්ස්, බුඛාතීර් ක්‍රිකට් ලීගය හා ඩුබායි නෙට්බෝල් ලීගයට සහභාගි වීම ඇතුළත් වනවා. මේ ක්‍රීඩා ඉසව් නැරඹීමට විශාල ජනකායක් පැමිණි අතර ශ්‍රී ලයන්ස් සංවිධානය ඔවුන්ගේ නියෝජනය එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, ජපානය, බහරේන් හා ඔ්මානය ඇතුළු වෙනත් රටවලට ද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබෙනවා.

 

AGM 5වසරේ එක් සංකේතාත්මක ඉසව්වක් වූයේ ඔවුන් සංවිධානය කළ බස්නාහිර පළාත් රග්බි සංගමයේ අවුරුදු 18න් පහළ පාසල් රග්බි තරගාවලිය. ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ පැවැත්වූ ‘ජාත්‍යන්තර නෙට්බෝල් ලීගය’ ශ්‍රී ලයන්ස් සංවිධානය දියත් කළ තවත් සාර්ථක තරගාවලියක්.

වසරේ එක් සංකේතාත්මක ඉසව්වක් වූයේ ඔවුන් සංවිධානය කළ බස්නාහිර පළාත් රග්බි සංගමයේ අවුරුදු 18න් පහළ පාසල් රග්බි තරගාවලිය. ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ පැවැත්වූ ‘ජාත්‍යන්තර නෙට්බෝල් ලීගය’ ශ්‍රී ලයන්ස් සංවිධානය දියත් කළ තවත් සාර්ථක තරගාවලියක්. මේ ලීගයෙන් නොයෙකුත් රටවල කණ්ඩායම් එක තරග බිමකට පිවිසියේ ලාංකේය නෙට්බෝල් ක්‍රීඩිකාවන්ට විවිධ ක්‍රීඩා තාක්ෂණය හා උපක්‍රමවල වටිනා අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව උදා කරමින්. ‘රවුන්ඩ් රොබින්’ ක්‍රමයට පැවති තරගාවලිය පසුව පිළිමළුන් පිටු දැකීමේ අදියරට පැමිණි අතර මේ තරග ක්‍රමවේදය නිසා ප්‍රබල තරගකාරිත්වයකට හා ඉහළ තත්ත්වයේ තරග ප්‍රදර්ශනයකට මං විවර වුනේ විශාල නරඹන්නන් පිරිසක් ඊට ආකර්ෂණය වෙමින්. මේ තරගවලට සමගාමීව ශ්‍රී ලයන්ස් සංවිධානය සංවර්ධන වැඩසටහන් හා වැඩමුළු ද ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් හා නිලධාරීන්‌ වෙනුවෙන් ක්‍රියාත්මක කළා.

ශ්‍රී ලයන්ස් ‘බී’ කොටසේ රග්බි කණ්ඩායම ශ්‍රී ලංකා ‘බී’ කොටසේ ලීග් ශූරතාව දිනා ගැනීම ද විශේෂත්වයක්. මේ ජයග්‍රහණයෙන් සංකේතවත් වූයේ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ වර්ධනයට හා මේ වසරේ පැවැත්වෙන ශ්‍රී ලංකා රග්බි ලීග් ‘ඒ’ කොටසට සහභාගි වීමේ  වේදිකාව සකස් කර ගැනීමට ‘ශ්‍රී ලයන්ස් ශ්‍රී ලංකා’ සංවිධානයට තිබූ කැපවීම හා උත්සාහය.

 

AGM 6ශ්‍රී ලයන්ස් ‘බී’ කොටසේ රග්බි කණ්ඩායම ශ්‍රී ලංකා ‘බී’ කොටසේ ලීග් ශූරතාව දිනා ගැනීම ද විශේෂත්වයක්


ශ්‍රී ලයන්ස් ප්‍රජා සේවා නව ශාඛාවක් අනුරාධපුරයේ විවෘත කිරීම ද එම සංවිධානය ඔවුන්ගේ පළමු වසරේ තැබූ තවත් දැවැන්ත පියවරක්.

ශ්‍රී ලයන්ස් සංවිධානය නොයෙකුත් වැඩසටහන්වලට සහාය දැක්වීමේදී ඔවුන්ගේ මූල්‍ය සම්පත් සාර්ථකව කළමනාකරණය කරගෙන සිටිනවා. ඔවුන්ගේ වැඩිම වියදම වූයේ ‘බී’ කොටසේ රග්බි මෙහෙයුම වෙනුවෙන්. ඒ සඳහා වැය වූ මුදල රුපියල් 10,000,000ක්. නෙට්බෝල් තරගාවලියේ වියදම රුපියල් 700,000ක්. ශ්‍රී ලයන්ස් බස්නාහිර පළාත් රග්බි තරගාවලියට වැය කරන ලද මුදල රුපියල් 2,300,000ක්.

කොළඹදී පසුගියදා පැවති ‘ශ්‍රී ලයන්ස් ශ්‍රී ලංකා’ පළමු වාර්ෂික මහා සභා රැස්වීමේදී එම සංවිධානයේ නිර්මාතෘ හා සභාපති ආචාර්ය කැළුම් සුජිත් පෙරේරා මහතා මෙසේ ප්‍රකාශ කර සිටියා.

 

AGM 1“මේක අපේ ආරම්භක මෙහෙයුම් වර්ෂය යි. අපි තවමත් මුල් අවස්ථාවේ සිටියත් අපේ දියුණුව ඇත්ත වශයෙන්ම විශිෂ්ටයි.”

“මේක අපේ ආරම්භක මෙහෙයුම් වර්ෂය යි. අපි තවමත් මුල් අවස්ථාවේ සිටියත් අපේ දියුණුව ඇත්ත වශයෙන්ම විශිෂ්ටයි.”

“පසුගිය වසර මුළුල්ලේ අපි කිසිවිටෙකත් බලාපොරොත්තු නොවූ දේවල් සාක්ෂාත් කරගෙන සිටිනවා. විශේෂයෙන් ඉතාමත් තරගකාරී ක්ෂේත්‍රයන් වන ක්‍රීඩා හා ප්‍රජා සත්කාරවල. මේ කෙටි කාලය තුළ අප ලැබූ සාර්ථකත්වය ශ්‍රී ලයන්ස් සමග සම්බන්ධ වී සිටින සියළු දෙනාගේම කැපවීම හා දැඩි උද්යෝගයේ ප්‍රතිඵලයක්. අපි සියළු දෙනාම එක්ව ‘ලබා ගත හැකි දේවල් පිළිබඳ නව ප්‍රමිතියක්’ ස්ථාපිත කර තිබෙනවා. අපේ අනාගතය මීටත් වඩා විශිෂ්ට වනු ඇති බවට කිසිම සැකයක් නැහැ.”
ශ්‍රී ලයන්ස් සංවිධානය ක්‍රියාත්මක වන්නේ ආචාර්ය කැළුම් සුජිත් පෙරේරා මහතා සහ ජාත්‍යන්තර වෙළඳ තානාපතිනි ආරීෆා අල් ෆලාහි මහත්මියගේ දූරදර්ශී නායක්තවය යටතේ.

සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...