The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

අමෙරිකාවට පිරිනැමූ ඔලිම්පික් පදක්කම රුමේනියාවට බාර දෙන්නැයි නියෝගයක්

T

The Leader Desk

August 22, 2024 • 6:38 AM

අමෙරිකාවට පිරිනැමූ ඔලිම්පික් පදක්කම රුමේනියාවට බාර දෙන්නැයි නියෝගයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෙරිකාවේ 23 හැවිරිදි ජෝඩන් චයිල්ස් (Jordan Chiles) ජිම්නාස්ටික් floor exercise ඉසව්වේදී ලෝකඩ පදක්කම හිමිකර ගත්තා.
  • ඇය මුලින් ලකුණු 13.666ක් ලබා ගත්තේ පස්වැනි ස්ථානය සඳහා.
  • මේ ක්‍රීඩිකාවන් දෙදෙනා ම ලකුණු 13.700 බැගින් ලබා ගෙන සිටි අතර බර්බොසු වඩාත් ඉහළ ස්ථානයක තබා තිබුනේ උසස් අසීරු ලකුණ සංඛ්‍යාවක් රැස්කර ගෙන සිටීම මත.
  • අනතුරුව කෙරුනු පරීක්ෂණයේදී CAS විසින් සොයා ගනු ලැබුවේ ලන්ඩි පුහුණුකාරිනියගේ අභියෝගය පැමිණියේ මිනිත්තුවේ අවසාන කාලසීමාවෙන් තත්පර හතරකට පසුව බව.
අකුරු ප්‍රමාණය (Font Size):


අමෙරිකාවේ 23 හැවිරිදි ජෝඩන් චයිල්ස් (Jordan Chiles) ජිම්නාස්ටික් floor exercise ඉසව්වේදී ලෝකඩ පදක්කම හිමිකර ගත්තා. ඇය මුලින් ලකුණු 13.666ක් ලබා ගත්තේ පස්වැනි ස්ථානය සඳහා. නමුත් ඇගේ පුහුණුකාරිනිය වන සිසිල් ලන්ඩි (Cecile Landi) විසින් එම ලකුණු සංඛ්‍යාව පිළිබඳව අභියෝග කිරීමෙන් පසුව චයිල්ස් ට අමතර ලකුණු 0.10ක් පිරිනැමීම හේතුවෙන් ඇයගේ ලකුණු ප්‍රමාණය 13.766 දක්වා ඉහළ ගියා. 

 

75අමෙරිකාවේ 23 හැවිරිදි ජෝඩන් චයිල්ස් (Jordan Chiles) ජිම්නාස්ටික් floor exercise ඉසව්වේදී ලෝකඩ පදක්කම හිමිකර ගත්තා
මේ ලකුණු ප්‍රමාණයත් සමග අමෙරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාව පැරිස් ඔලිම්පික් පදක්කම් පිරිනැමීමේ උත්සවයේදී ලෝකඩ පදක්කම ලබා ගත්තේ අනා බර්බොසු (Ana Barbosu) හා සබ්රිනා වොයීන (Sabrina Voinea) යන රුමේනියානු ක්‍රීඩිකාවන් අභිභවා යමින්. මේ ක්‍රීඩිකාවන් දෙදෙනා ම ලකුණු 13.700 බැගින් ලබා ගෙන සිටි අතර බර්බොසු වඩාත් ඉහළ ස්ථානයක තබා තිබුනේ උසස් අසීරු ලකුණ සංඛ්‍යාවක් රැස්කර ගෙන සිටීම මත.

 

Gettd35327dffae080c ඇය මුලින් ලකුණු 13.666ක් ලබා ගත්තේ පස්වැනි ස්ථානය සඳහා

කෙසේ වෙතත්, මෙයින් මතභේදයක් ආරම්භ වුනේ රුමේනියානු ඔලිම්පික් හා ක්‍රීඩා කමිටුව විසින් මේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් ‘ක්‍රීඩාව සඳහා වන බේරුම්කාර උසාවිය’ට (CAS) ඇපෑලක් ඉදිරිපත් කිරීම නිසා. අනතුරුව කෙරුනු පරීක්ෂණයේදී CAS විසින් සොයා ගනු ලැබුවේ ලන්ඩි පුහුණුකාරිනියගේ අභියෝගය පැමිණියේ මිනිත්තුවේ අවසාන කාලසීමාවෙන් තත්පර හතරකට පසුව බව. ඒ අනුව චයිල්ස් ට ලබා දී තිබූ අමතර ලකුණු ප්‍රමාණය අවලංගු කෙරුනා.

usatsi 23914779ජගත් ඔලිම්පික් කමිටුව (IOC) ද එය අනුගමණය කරමින් ලෝකඩ පදක්කම නැවත බාර දෙන ලෙසට චයිල්ස් ට නියෝග කළා.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, මුලින් වාර්තා වූ ලකුණු ආපසු ගෙන ආ යුතු බවට CAS තීරණය කළා. ඒ අනුව බර්බොසු තෙවැනි ස්ථානයටත්, වොයීන සිවුවැනි ස්ථානයටත්, චයිල්ස් පස්වැනි ස්ථානයටත් පත්වුනා. ජාත්‍යන්තර ජිම්නාස්ටික් සම්මේලනය මේ තීරණයට අවනත වූ අතර ජගත් ඔලිම්පික් කමිටුව (IOC) ද එය අනුගමණය කරමින් ලෝකඩ පදක්කම නැවත බාර දෙන ලෙසට චයිල්ස් ට නියෝග කළා.

hq720ලෝකඩ පදක්කම ලබා ගැනීමට බර්බොසු ට අයිතිය තිබෙනවා

 

අමෙරිකානු ජිම්නාස්ටික් බලධාරීන් මේ තීරණය පිළිබඳව CAS වෙත ඇපෑලක් ඉදිරිපත් කළ ද, අවසාන තීන්දුවක් ලබා දී තිබෙන නඩුවක් නැවත විවෘත කිරීම තවදුරටත් කළ නොහැකි බව ඔවුන් දන්වා සිටියා. මේ හේතුවෙන්, CAS වැනි අධිකරණ විසින් දෙනු ලැබූ තීන්දුවලට කරන අභියාචනයන් බාර ගන්නා ස්විස් ෆෙඩරල් අධිකරණය වෙත මේ නඩුව ඉදිරිපත් කිරීමට අමෙරිකානු ජිම්නාස්ටික් සංගමය දැන් සැලසුම් කර තිබෙනවා.

මේ කාරණාව සම්බන්ධයෙන් අමෙරිකානු ජිම්නාස්ටික් බලධාරීන් තවමත් කටයුතු කරමින් තිබියදීත්, රුමේනියාවේ අගනුවර වන Bucharest හි පැවති උත්සවයකදී බර්බොසු ට ලෝකඩ පදක්කමක් ප්‍රදානය කෙරුනා. චයිල්ස් තවමත් ඇයගේ පදක්කම රඳවා ගෙන සිටින බැවින් බර්බොසු ට පිරිනමනු ලැබුවේ අලුත් පදක්කමක්.

 

gymnastරුමේනියාවේ අගනුවර වන Bucharest හි පැවති උත්සවයකදී බර්බොසු ට ලෝකඩ පදක්කමක් ප්‍රදානය කෙරුනා.
අමෙරිකාව හා චයිල්ස්ගේ කඳවුර දිගටම අභියාචනය කරමින් සිටියදීත් බර්බොසු ට පදක්කම ලබා දීම පිළිබඳව පැහැදිලි කරමින් IOCය කියා සිටියේ, වර්තමාන තත්ත්වය මධ්‍යයේත් CAS තීන්දුව දැනටමත් බලාත්මක බව යි. 

“ස්විස් ෆෙඩරල් අධිකරණයේ කරන අභියෝගයකට තවමත් අවස්ථාව තිබුන ද, CAS තීන්දුව වහාම ක්‍රියාත්මක වන පරිදි බලාත්මකයි. ඒ අනුව ලෝකඩ පදක්කම ලබා ගැනීමට බර්බොසු ට අයිතිය තිබෙනවා” යනුවෙන් IOCය ප්‍රකාශ කළා.

barb3 අනා බර්බොසු ට ඇගේ පදක්කම ලැබීමෙන් පසුව මේ මතභේදය දැන් තවත් සංකීර්ණ වී තිබෙන බව නම් ඉතාම පැහැදිලියි.

 

ස්විස් ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කරන අභියාචනයේදී අමෙරිකානු ජිම්නාස්ටික් බලධාරීන් සාර්ථක වනු ඇත්ද යන්න ඉදිරියේදී දැක ගැනීමට හැකිවේවි. නමුත් අනා බර්බොසු ට ඇගේ පදක්කම ලැබීමෙන් පසුව මේ මතභේදය දැන් තවත් සංකීර්ණ වී තිබෙන බව නම් ඉතාම පැහැදිලියි.

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...