The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඔලිම්පික් රිදී පදක්කම දිනා ගැනීමෙන් පසුව චීන ක්‍රීඩිකාව ආපසු අවන්හලේ රැකියාවට

T

The Leader Desk

August 24, 2024 • 4:16 PM

ඔලිම්පික් රිදී පදක්කම දිනා ගැනීමෙන් පසුව චීන ක්‍රීඩිකාව ආපසු අවන්හලේ රැකියාවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චෝ යාචින් (Zhou Yaqin) නමැති 18 හැවිරිදි චීන ක්‍රීඩිකාව ඇගේ පවුලේ අවන්හලේ සේවය කරමින් සිටින අයුරු දිස්වන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ ඉතාමත් ජනප්‍රියව තිබෙනවා.
  • චෝ ජයග්‍රහණය කළ රිදී පදක්කම ඉතාමත් ඉහළින් අගය කෙරෙමින් ඇය බොහෝ දෙනාගේ අවධානයට ලක්වූයේ ඇය තවමත් 18 වැනි වියේ පසුවෙමින් සිටියදීත් ලෝකයේ බොහෝ ප්‍රබල තරගකාරියන් අතර කැපී පෙනීමට සමත් වූ නිසා.
  • ඇත්තටම, ඒක නිවාඩුවක් කියල හඳුන්වන්න බැහැ.
  • සටහන : (වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com.
අකුරු ප්‍රමාණය (Font Size):

චෝ යාචින් (Zhou Yaqin) නමැති 18 හැවිරිදි චීන ක්‍රීඩිකාව ඇගේ පවුලේ අවන්හලේ සේවය කරමින් සිටින අයුරු දිස්වන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ ඉතාමත් ජනප්‍රියව තිබෙනවා.

sdfw435
චෝ යාචින් ඇයගේ ඔලිම්පික් නිල ඇඳුම පැළඳ පාරිභෝගිකයන්ට ආහාර පිළිගන්වමින් සේවයේ නිරතව සිටින අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.

චෝ ජයග්‍රහණය කළ රිදී පදක්කම ඉතාමත් ඉහළින් අගය කෙරෙමින් ඇය බොහෝ දෙනාගේ අවධානයට ලක්වූයේ ඇය තවමත් 18 වැනි වියේ පසුවෙමින් සිටියදීත් ලෝකයේ බොහෝ ප්‍රබල තරගකාරියන් අතර කැපී පෙනීමට සමත් වූ නිසා.

චෝ මේ වසරේ පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට චීනයෙන් සහභාගි වූ ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් පස් දෙනාගෙන් කෙනෙක්. චීන කාන්තා ජිම්නාස්ටික් කණ්ඩායම රිදී පදක්කම් දෙකක් දිනා ගත් අතර චෝ ඇයගේ රිදී පදක්කම හිමිකර ගත්තේ balance beam ඉසව්වෙන්.

sdf4w5

සිය මවුපියන් විසින් පවත්වා ගෙන යනු ලබන අවන්හලේ මේ ළාබාල ක්‍රීඩිකාව සේවය කරන අයුරු දැක්වෙන වීඩියෝව ShanghaiPanda විසින් පෝස්ට් කර තිබෙන්නේ X වේදිකාවේ. මේ අවන්හල තිබෙන්නේ චීනය මධ්‍යයේ Hunan පළාතේ Hengyang නගරයේ.

වීඩියෝව ජනප්‍රියව පැතිර ගොස් තිබුනේ මේ කැප්ෂනයත් සමග. “අර ලස්සණ චීන ජිම්නාස්ටික් ක්‍රීඩිකා චෝ යාචින් මතකද? ඔලිම්පික් රිදී පදක්කම දිනා ගැනීමෙන් පසුව, ඇය නිවාඩුවක් සඳහා ඇගේ මවුපියන්ගේ නිවසට පැමිණ සිටිනවා. ඇත්තටම, ඒක නිවාඩුවක් කියල හඳුන්වන්න බැහැ. මොකද, ඇය ඇගේ මවුපියන් විසින් පවත්වා ගෙන යන රෙස්ටෝරන්ට් එකේ වැඩවලට උදව් කළ යුතුයි.”

zdfw34
වේගයෙන් ජනප්‍රිය වූ මේ වීඩියෝවට ලැබුනු ප්‍රතිචාරවලින් කිහිපයකි මේ.....

“චෝ යාචින් ඇගේ ඔලිම්පික් සාර්ථකත්වය පවුලේ වගකීම් සමග සමව තබා ගන්නා ආකාරය හද උණුසුම් කරනවා. හරිම නිහතමානීයි!”

“වෙහෙස වෙලා වැඩ කරල පවුල වෙනුවෙන් මුදල් උපයන එක උතුම් රැකියාවක්. ඇය ආඩම්බර විය යුතුයි. ඇය පදක්කමක් දිනා ගත් අවස්ථාව අන්තර්ජාල ලෝකයේ අමරණීය යි.”

“එය ඇදහිය නොහැකියි. ඇය හරිම නිහතමානීයි. මම ආහාර ගන්න යන චීන අවන්හල්වල තමන්ගේ මවුපියන්ට හා පවුලට උදව් කරන බොහෝ ළමයින් සෑම ගිම්හානයකම මම දකිනවා. මම මේ ආකල්පයට හරි කැමතියි.”

“ඇයට ලැබුනේ රිදී පදක්කමක් වුනත් ඇය ඇගේ මවුපියන්ගේ රෙස්ටෝරන්ට් එකේ කෑම කන්න එන අයට ලබා දෙන්නේ රත්තරං සේවාවක්. ඇය පැළඳ සිටියේ ඇගේ ක්‍රීඩා ඇඳුම. කොච්චර හොඳ වෙළඳ උපායක්ද එය මේ රෙස්ටෝරන්ට් එකට.”


වීඩියෝව ඉතාම ජනප්‍රිය වී තිබෙනවා. විශිෂ්ට සාර්ථකත්වය හමුවේ වූව ද නිහතමානකම හා පවුලට තිබෙන වැදගත්කම පිළිබඳව ප්‍රබල සිහිගැන්වීමකි මේ වීඩියෝව.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...