The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

කඩුල්ලක් ලබා ගනිමින් පාකිස්තානයේ ෂහීන් අෆ්රිඩි පළමු දරු උපත සමරයි

T

The Leader Desk

August 25, 2024 • 9:58 AM

කඩුල්ලක් ලබා ගනිමින් පාකිස්තානයේ ෂහීන් අෆ්රිඩි පළමු දරු උපත සමරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ෂහීන් (Shaheen Shah Afridi) සහ අන්ෂා (Ansha Afridi) විවාහ ගිවිස ගත්තේ 2023 පෙබරවාරියේ.
  • පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් මේ විවාහ උත්සවයට සහභාගි වූයේ ඊට ප්‍රබෝධමත් ක්‍රිකට් ක්‍රීඩා ස්වරූපයක් එක් කරමින්.
  • සටහන : (වර්නන් ගුණසේකර) ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී gunasekera33@gmail.com.
අකුරු ප්‍රමාණය (Font Size):


අලි යාර් (Ali Yar) ලෙස නම් කර ඇති පිරිමි දරුවා සෙනසුරාදා මෙලොව එළිය දුටුවේ පියා රාවල්පින්ඩි නුවරදී බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ක්‍රීඩා කරමින් සිටියදී. 

බංග්ලාදේශය සමග තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවකට සහභාගි වෙමින් සිටින 24 හැවිරිදි ෂහීන් අෆ්රිඩි ඔහුගේ බිරිඳ හා අලුත උපන් දරුවා දැක ගැනීම පිණිස අද ඉරිදා රාත්‍රියේ රාවල්පින්ඩි නුවරින් පිටත්ව කරච්චි නගරය බලා පිටත්ව යනු ඇත්තේ පළමු ටෙස්ට් තරගය අවසන් වීමෙන් පසුව. 

අගෝස්තු 30 වැනිදා දෙවැනි ටෙස්ට් ගැටුම ආරම්භ වීමට පෙර ඔහු සිය කණ්ඩායම් සගයන් සමග නැවත එක්විමට නියමිතයි.

ෂහීන් (Shaheen Shah Afridi) සහ අන්ෂා (Ansha Afridi) විවාහ ගිවිස ගත්තේ 2023 පෙබරවාරියේ. පසුව එම වසරේ සැප්තැම්බරයේදී මේ යුවළ ඔවුන්ගේ විවාහ උත්සවයන් පැවැත්වූවා.

පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් මේ විවාහ උත්සවයට සහභාගි වූයේ ඊට ප්‍රබෝධමත් ක්‍රිකට් ක්‍රීඩා ස්වරූපයක් එක් කරමින්.

නව යුවළට සුභ පැතීම සඳහා පැමිණ සිටි විශේෂ පුද්ගලයන් අතර බාබර් අසාම්, ෂඩාබ් ඛාන්, ඉමාම්-උල්-හක් සහ හැරිස් රවුෆ් යන ක්‍රීඩකයන් ද සිටියා. මීට අමතරව නසීම් ෂා, ෆඛාර් සමාන් හා මොහමඩ් රිස්වාන් යන ක්‍රීඩකයන් ද විවාහෝත්සවයට පැමිණ සිටියා. 

වමතින් වේග පන්දු යවන ෂහීන් ෂා අෆ්රිඩි ඔහුගේ පළමු දරුවා ලැබීමේ ප්‍රීතිය සැමරුවේ බංග්ලාදේශය ට එරෙහි රාවල්පින්ඩ් පළමු ටෙස්ට් තරගයේ කඩුල්ලක් ලබා ගැනීමෙන් පසුව දරුවකු දෑතේ තබා ගෙන තොටිල්ලක මෙන් පැද්දෙන අංග චලනයක් ප්‍රදර්ශනය කරමින්.

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කඩුල්ලක් ලබා ගනිමින් පාකිස්තානයේ ෂහීන් අෆ්රිඩි පළමු දරු උපත සමරයි | The Leader