The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සතුරන් සමග සිනාසෙමින් සෙල්ෆි ඡායාරූප ගත් උතුරු කොරියානු ක්‍රීඩකයන්ට දඬුවම් ලැබෙන ලකුණු

T

The Leader Desk

August 26, 2024 • 11:28 AM

සතුරන් සමග සිනාසෙමින් සෙල්ෆි ඡායාරූප ගත් උතුරු කොරියානු ක්‍රීඩකයන්ට දඬුවම් ලැබෙන ලකුණු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රිදී පදක්කම් දිනා ගත් Ri Jong-sik සහ Kim Kum-yong යන උතුරු කොරියානු ටේබල් ටෙනිස් ක්‍රීඩකයන් ඔවුන්ගේ දකුණු කොරියානු ප්‍රතිවාදීන් සමග එකට සිට ගත් හද උණුසුම් කරවන සෙල්ෆි ඡායාරූපය සමාජ මාධ්‍යවල ඉතාමත් සීඝ්‍රයෙන් ජනප්‍රිය වුනා.
  • සතුරු ප්‍රතිවාදීන් සමග ‘සිනහ වීම’ නිසා උතුරු කොරියානු ටේබල් ටෙනිස් ක්‍රීඩකයන් දෙදෙනාට එරෙහිව විනයානුකූල පියවර ගැනීමට යන බව පැවසෙනවා.
  • “කොරියානු රටවල් දෙකේ ම ජාතික ධජයන් හා සැම්සුං දුරකථනයක් සමග සෙල්ෆියක්” යනුවෙන් දකුණු කොරියානු දිනපතා පුවත්පත වන JoongAng Ilbo පළකර තිබූ අතර මෙය පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මතුවී පෙනුනු එක් සුවිශේෂී අවස්ථාවක් ලෙස People සඟරාව නම් කර තිබුනා.
  • දකුණු කොරියානු ඉලෙක්ට්‍රොනික් දැවැන්තයින් වන සැම්සුං ආයතනය පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ප්‍රධාන අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

 

රිදී පදක්කම් දිනා ගත් Ri Jong-sik සහ Kim Kum-yong යන උතුරු කොරියානු ටේබල් ටෙනිස් ක්‍රීඩකයන් ඔවුන්ගේ දකුණු කොරියානු ප්‍රතිවාදීන් සමග එකට සිට ගත් හද උණුසුම් කරවන සෙල්ෆි ඡායාරූපය සමාජ මාධ්‍යවල ඉතාමත් සීඝ්‍රයෙන් ජනප්‍රිය වුනා. එහෙත් Ri හා Kim ක්‍රීඩකයන් සහ පැරිස් ඔලිම්පික් තරගවලින් පසුව ආපසු සියරට පැමිණි අනෙක් උතුරු කොරියානු ක්‍රීඩකයන් දැන් ‘මතවාදී තක්සේරුවකට’ ලක්ව සිටිනවා. සතුරු ප්‍රතිවාදීන් සමග ‘සිනහ වීම’ නිසා උතුරු කොරියානු ටේබල් ටෙනිස් ක්‍රීඩකයන් දෙදෙනාට එරෙහිව විනයානුකූල පියවර ගැනීමට යන බව පැවසෙනවා.

ec4881162

 

Kim Kum-yong සියුම් පිරික්සීමකට ලක්ව සිටින්නේ සතුරු දේශයේ සිට පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පැමිණි දකුණු කොරියානු ක්‍රීඩකයන් අසල සිටිමින් ගනු ලැබූ ජයග්‍රාහී ඡායාරූපයක සිනාසෙමින් සිටීම නිසා.

ඔහුගේ ටේබල් ටෙනිස් සහකරුවා වන Ri Jong-sik ට විපාක විඳීමට සිදුවනු ඇත්තේ ඔහු පදක්කම් පිරිනැමීමේ කුඩා වේදිකාවෙන් බිමට බැසීමෙන් පසුව චීනයේ රන් පදක්කම්ලාභීන් සහ විශේෂයෙන් දකුණු කොරියානු ලෝකඩ පදක්කම්ලාභීන් වූ Lim Jong-hoon සහ Shin Yu-bin සමග සිනාසෙමින් ඡායාරූපයට පෙනී සිටී හේතුවෙන්. 

සතුරු රටවල් දෙකේ ක්‍රීඩකයින් එකට සිට ගත් මේ ඡායාරූපය ඉතාමත්ම ජනප්‍රියව ලෝකය පුරා පැතිර ගියේ එහි දිස්වන ක්‍රීඩාශීලිත්වය හා දේශසීමා හරහා සමගියේ මොහොත නිසා. උතුරු හා දකුණු කොරියානු ක්‍රීඩකයන් අතර කලාතුරකින් දක්නට ලැබෙන මේ අන්‍යෝන්‍ය ක්‍රියාවේදී චීන හා කොරියානු ක්‍රීඩකයන් ප්‍රීතියෙන් සිනාසෙමින් මුහුණ දී සිටියේ Limගේ ජංගම දුරකථන කැමරාවට.

ලෝකයේ පුවත් සිරස්තල මැවීමට මේ ඡායාරූපය සමත් වුනා.

 

(From L) Silver medalists North Korea's Ri Jong Sik, and North Korea's Kim Kum Yong, gold medalists China's Wang Chuqin and China's Sun Yingsha, bronze medalists South Korea's Shin Yubin and South Korea's Lim Jonghoon celebrate on the podium at the end of their mixed table tennis doubles competition at the Paris 2024 Olympic Games at the South Paris Arena in Paris on July 30, 2024. (Photo by WANG Zhao / AFP) (Photo by WANG ZHAO/AFP via Getty Images)
“කොරියානු රටවල් දෙකේ ම ජාතික ධජයන් හා සැම්සුං දුරකථනයක් සමග සෙල්ෆියක්” යනුවෙන් දකුණු කොරියානු දිනපතා පුවත්පත වන JoongAng Ilbo පළකර තිබූ අතර මෙය පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මතුවී පෙනුනු එක් සුවිශේෂී අවස්ථාවක් ලෙස People සඟරාව නම් කර තිබුනා. දකුණු කොරියානු ඉලෙක්ට්‍රොනික් දැවැන්තයින් වන සැම්සුං ආයතනය පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ප්‍රධාන අනුග්‍රාහකයෙකු ලෙස කටයුතු කළා.

මේ ‘සෙල්ෆි ආදරයේ’ ඡායාරූපය ලෝකය පුරා ජනප්‍රිය වූව ද උතුරු කොරියාවේදී එය එසේ නොවන්නේ Kim Jong Un නමැති ඒකාධිපතියෙක් එරට පාලනය කරන නිසාවෙන්.

අගෝස්තු 15 වැනිදා පෙරළා සියරට පැමිණි දා පටන් උතුරු කොරියානු ඔලිම්පික් කණ්ඩායම ඔවුන් පැරිසියේදී නිරාවරණය වූ විෂ පැතිරීම වළකාලීමේ පිළිවෙතකට අනුව මාසයක් පුරා ශුද්ධ කිරීමේ ක්‍රියාවලියකට බඳුන්ව සිටිනවා. මෙවැනි පිරිසිදු කිරීමක් උතුරු කොරියානු ක්‍රීඩා අමාත්‍යංශය විසින් ‘මතවාදී තක්සේරු කිරීමේ’ ක්‍රියාවලියක් ලෙස අදියර තුනකින් පවත්වනු ලබන්නේ සමාජවාදී නොවන සංස්කෘතියක බලපෑමක් ක්‍රීඩකයන්ගේ මනසේ රැඳී තිබෙනවා නම් එය ඉවත් කිරීම ඉලක්ක කරගෙන.

QFPIHA2IEFIRFIBI3H3KKAKWV4

 

පැරිසියේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී දකුණු කොරියානුවන් හෝ අනෙක් විදෙස් ක්‍රීඩකයන් සමග අන්‍යෝන්‍යව ක්‍රියා නොකරන ලෙසටත් එසේ නොවුනොත් දරුණු විපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවටත් විශේෂ උපදෙස් උතුරු කොරියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දී තිබූ බව වාර්තා වනවා.

මේ උපදෙස්වලට පටහැනිව ක්‍රියා කළහොත් එම ක්‍රීඩකයන් දඬුවමකට යටත් වීමට ඉඩ තිබෙනවා. එම දඬුවම බරපතළ එකක් වනු ඇත්ද එසේත් නැත්නම් ලිහිල් අනතුරු ඇඟවීමක් සමග ඔවුන් එහිදී කළ කී දේවල් පිළිබඳව ස්වයං-ආවර්ජනයක යෙදෙමින් දේශපාලනික හෝ පරිපාලනමය දඩුවමක් වළක්වා ගන්නා ලෙසට කටයුතු කරන මෙන් පනවනු ලබන නියෝගයක් පමණක් වනු ඇත්ද යන්න මෙතෙක් පැහැදිලි නැහැ.

 2010 වසරේ පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ උතුරු කොරියානු කණ්ඩායම ගෝල් ලබා ගැනීමට අසමත් වූ අවස්ථාවේදී ඔවුන් ප්‍රසිද්ධියේ ලජ්ජාවට පත් කෙරුනු අතර පැය හයක කාලයක් පුරා කෙරුනු දරුණු විවේචනයන් විඳ දරා සිටීමට ද ඔවුන්ට සිදුවුනා. එම කණ්ඩායමේ පුහුණුකරුට ඉදිකිරීමේ කම්කරු සේවයේ යෙදෙන ලෙසට බල කෙරුනා.

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...