The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පැරාලිම්පික් ක්‍රීඩකයන්ට පැරිසියේ ප්‍රවාහන අපහසුතාවක්

T

The Leader Desk

August 28, 2024 • 4:54 PM

පැරාලිම්පික් ක්‍රීඩකයන්ට පැරිසියේ ප්‍රවාහන අපහසුතාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපහසුතා බොහොමයක් තිබෙන තත්ත්වයක් යටතේ.
  • නගරයේ තිබෙන උමං දුම්රිය ක්‍රමවේදය පැරාලිම්පික් ක්‍රීඩා උළලට සහභාගි වීම පිණිස පැරිසියට පැමිණ සිටින ආබාධිත පුද්ගලයන්ගේ ගමන් බිමන්වලට ඉතාමත් අපහසු වනු ඇති බවට පැරිස් කලාපයේ ප්‍රවාහන ප්‍රධානී Valerie Pecresse පිළිගන්නවා.
  • ප්‍රථම පැරිස් මෙට්රෝව ආරම්භ වූයේ 1900 වසරේ.
  • එය දැන් යුරෝපා සංගමයේ වඩාත්ම කාර්යබහුල ප්‍රවාහන පද්ධතිය බවට පත්ව තිබෙන්නේ දුම්රිය මාර්ග 16ක් පුරා විසිරුනු දුම්රිය ස්ථාන 300කට වැඩි ප්‍රමාණයක් සහිතව.
අකුරු ප්‍රමාණය (Font Size):

ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපහසුතා බොහොමයක් තිබෙන තත්ත්වයක් යටතේ.

‌විශේෂයෙන් පැරිසියේ මෙට්රෝව දුර්වලව තිබෙන අතර සියළු දුම්රිය සේවාවන්හි හතරෙන් එකක පමණයි රෝද පුටු පහසුකම් තිබෙන්නේ.

නගරයේ තිබෙන උමං දුම්රිය ක්‍රමවේදය පැරාලිම්පික් ක්‍රීඩා උළලට සහභාගි වීම පිණිස පැරිසියට පැමිණ සිටින ආබාධිත පුද්ගලයන්ගේ ගමන් බිමන්වලට ඉතාමත් අපහසු වනු ඇති බවට පැරිස් කලාපයේ ප්‍රවාහන ප්‍රධානී Valerie Pecresse පිළිගන්නවා.

මෙට්රෝ ප්‍රවාහනයට සමීප විය නොහැකි වීමේ අඩුව අද ඇරඹෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට තිබෙන ප්‍රධාන හිසරදයක්.

ප්‍රථම පැරිස් මෙට්රෝව ආරම්භ වූයේ 1900 වසරේ. එය දැන් යුරෝපා සංගමයේ වඩාත්ම කාර්යබහුල ප්‍රවාහන පද්ධතිය බවට පත්ව තිබෙන්නේ දුම්රිය මාර්ග 16ක් පුරා විසිරුනු දුම්රිය ස්ථාන 300කට වැඩි ප්‍රමාණයක් සහිතව. මිලියන හතරකට වැඩි මගීන් දිනපතා මෙහි ගමන් කරනවා.

set345f
නමුත් ආබාධිතයන් වෙනුවෙන් රෝද පුටු පහසුකම් තිබෙන්නේ දුම්රිය ස්ථාන 29ක පමණ යි.

ආබාධිත පුද්ගලයන් සඳහා වන පහසුකම් දෙස බලන විට පැරිස් නගරයේ ‌ෙඑතිහාසික මෙට්රෝ උමං දුම්රිය සේවාව තවමත් තිබෙන්නේ ඉතා දුර්වල තැනක බව Pecresse පවසනවා.

මේ ගැටළු නිරාකරණය කිරීම සඳහා දැවැන්ත උත්සාහයක් අවශ්‍ය බව ඇය කියනවා.

මධ්‍යම පැරිසියේ ධාවනය වන සියළුම බස් රථවලට රෝද පුටු ගෙන යා හැකි වූව ද මෙට්රෝ, ට්‍රෑම් හා RER උපනාගරික මගීන් මාරුවන ක්‍රමවේදය ඇතුළු සියළු දුම්රිය සේවාවන්ගෙන් රෝද පුටු පහසුකම තිබෙන්නේ සියයට 25ක ප්‍රමාණයකට පමණක් බව ඇය ප්‍රකාශ කරනවා.

er342fd
රෝද පුටු පහසුකම් අතින් මෙට්රෝවේ බොහෝ ස්ථාන නවීකරණය කළ හැකි බව පවසන පැරිස් කලාපයේ ප්‍රවාහන ප්‍රධානියා, එහෙත් ඒ සඳහා වසර 20ක් හා යුරෝ බිලියන 15ත් 20ත් අතර ආයෝජනයක් අවශ්‍ය බව කියනවා.

එවැනි උත්සාහයක් මේ ශතවර්ෂයේ විශිෂ්ටතම ව්‍යාපෘතිය වනු ඇතැයි ඇය පවසන්නේ ඒ අදහස “සියළු දෙනාටම මෙට්රෝවක්” යනුවෙන් නම් කරමින්.

කෙසේ වෙතත්, මේ පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් විසඳුම් කිහිපයක් ක්‍රියාත්මක කරන බවත් තරග පැවැත්වෙන ස්ථාන කරා සංචාරක ආබාධිත ක්‍රීඩකයන් රැගෙන යාමේ කුඩා බස් රථ 100ක් යෙදවීම ඒ විසඳුම්වලින් එකක් බවත් Pecresse සඳහන් කරනවා.

අබාධිත ක්‍රීඩකයන්ට ඔවුන්ගේ ගමන් සූදානම් කර ගැනීමට උපකාරී වීම පිණිස ස්මාට්ෆෝන් App පහසුකමක් ද සලසා දී තිබෙනවා.

පැරාලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වෙන කාලය තුළ ආගන්තුකයන් 300,000ක් පමණ දිනපතා නගරය තුළ ගමන් කරනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...