The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මාරක මෝර ප්‍රහාරයකින් පාදයක් අහිමි වූ පිහිනුම් ක්‍රීඩිකාව පැරාලිම්පික් රන් පදක්කම සොයා එයි

T

The Leader Desk

August 29, 2024 • 10:55 AM

මාරක මෝර ප්‍රහාරයකින් පාදයක් අහිමි වූ පිහිනුම් ක්‍රීඩිකාව පැරාලිම්පික් රන් පදක්කම සොයා එයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෝර ප්‍රහාරයට ලක්වීමෙන් පසුව තමාට නැවත පිහිනුම් තටාකයකට පිවිසීමට හැකිවනු ඇතැයි අමෙරිකාවේ ඇලී ටෲවිට් (Ali Truwit) කිසිවිටකත් සිතුවේ නැහැ.
  • මේ තරගකාරී පිහිනුම් ක්‍රීඩිකාවගේ පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල දක්වා ගමන ආරම්භ වූයේ ජලයට තිබෙන ඇයගේ ආදරය නැවත ඇතිකර ගෙන නිවස පිටුපස ගෙවත්තේ පිහිනුම් තටාකයට බැසීමත් සමග.
  • ටෲවිට් මීටර් 100 නිදහස්ආර, මීටර් 400 නිදහස්ආර සහ මීටර් 100 පසුපසආර පැරා-පිහිනුම් ඉසව්වලට සුදුසුකම් ලබා ගෙන සිටිනවා.
  • සිය දැඩි අධිෂ්ඨානය සමග ටෲවිට් මීටර් 100 නිදහස්ආර, මීටර් 400 නිදහස්ආර සහ මීටර් 100 පසුපසආර පැරා-පිහිනුම් ඉසව්වලට සුදුසුකම් ලබා ගෙන සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


මෝර ප්‍රහාරයට ලක්වීමෙන් පසුව තමාට නැවත පිහිනුම් තටාකයකට පිවිසීමට හැකිවනු ඇතැයි අමෙරිකාවේ ඇලී ටෲවිට් (Ali Truwit) කිසිවිටකත් සිතුවේ නැහැ.

මේ තරගකාරී පිහිනුම් ක්‍රීඩිකාවගේ පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල දක්වා ගමන ආරම්භ වූයේ ජලයට තිබෙන ඇයගේ ආදරය නැවත ඇතිකර ගෙන නිවස පිටුපස ගෙවත්තේ පිහිනුම් තටාකයට බැසීමත් සමග.

 

swiiming poolටෲවිට් මීටර් 100 නිදහස්ආර, මීටර් 400 නිදහස්ආර සහ මීටර් 100 පසුපසආර පැරා-පිහිනුම් ඉසව්වලට සුදුසුකම් ලබා ගෙන සිටිනවා.
සිය දැඩි අධිෂ්ඨානය සමග ටෲවිට් මීටර් 100 නිදහස්ආර, මීටර් 400 නිදහස්ආර සහ මීටර් 100 පසුපසආර පැරා-පිහිනුම් ඉසව්වලට සුදුසුකම් ලබා ගෙන සිටිනවා.

2023 වසරේ මැයි 24 වැනිදා බහමාස් දූපත්වලට ගිණිකොණ දෙසින් අත්ලාන්තික් සාගරයේ පිහිටි Turks and Caicos දූපත් අසල මුහුදේ දිය යට පිහිනමින් සිටියදීයි දැවැන්ත මෝරෙක් ටෲවිට්ගේ පාදයේ පහළ කොටස ඉරා වෙන්කර තිබෙන්නේ.

මෝරා ඇය වටා කැරකෙමින් සිටියදී මේ තරගකාරී පිහිනුම් ක්‍රීඩිකාව තමා පැමිණි බෝට්ටුවේ ආරක්ෂාව පතා යාර 75ක් දුරට පීනා ගියා.

cbsn fusion american tourist loses foot in shark attack off turks and caicos islands thumbnail 1999326 640x3602023 වසරේ මැයි 24 වැනිදා බහමාස් දූපත්වලට ගිණිකොණ දෙසින් අත්ලාන්තික් සාගරයේ පිහිටි Turks and Caicos දූපත් අසල මුහුදේ දිය යට පිහිනමින් සිටියදීයි දැවැන්ත මෝරෙක් ටෲවිට්ගේ පාදයේ පහළ කොටස ඉරා වෙන්කර තිබෙන්නේ.

ඉක්බිති ඇයව වහාම රෝහලට ගෙනැවිත් එතැන් සිට ගුවනින් ආපසු අමෙරිකාව ට ගෙන ඒමෙන් පසුව වෛද්‍යවරුන් ඇගේ පාදයක් දණහිසට පහළින් කපා දැමුවා. නිව්යෝක් නගරයේ රෝහලක මේ සැත්කම සිදු කෙරුනේ ඇගේ 23 වැනි උපන්දිනය යෙදී තිබූ දවසේ.

මේ බිය උපදවන මෝර ප්‍රහාරයට මොහොතකට පෙර ඇය Yale සරසවියෙන් උපාධිය ලබා ගෙන තිබුනා.

ටෲවිට් සහ ඇගේ මිතුරියන් කිහිප දෙනෙක් Turks and Caicos මුහුදේ කිමිදීමට ගොස් තිබෙන්නේ මෝරුන් සිටින බවට දන්වා නැති පෙදෙසක.

මේ දුෂ්කරතාව මධ්‍යයේත් ටෲවිට් ඇගේ මනස හා ශරීරය ක්‍රියාවට නංවමින් පැරාලිම්පික් සුදුසුකම් ලබා ගැනීමේ තරගවලට සූදානම් වීමට අදිටන් කර ගත්තා.

ඇය කෘතිම පාදයේ පුහුණුවීම් සහ ශක්තිය වැඩීමේ ව්‍යායාමයන්හි නිරත වීමට පටන් ගත්තා. මීට අමතරව තුවාලවලින් හටගත් කම්පනය මකා දැමීමේ මානසික චිකිත්සාවට ද සහභාගි වෙමින් ඇය ජීවිතය යළි ගොඩනගා ගත්තේ බියජනක සිහින සමග පොරබදිමින්.

 

images 31මම යමක් මට ලැබෙන තෙක් බලා ඉන්න කෙනෙක් නෙවෙයි. භීතියට මගේ ජීවිතය පාලනය කරන්න මම ඉඩ දෙන්නේ නැහැ
“මම යමක් මට ලැබෙන තෙක් බලා ඉන්න කෙනෙක් නෙවෙයි. භීතියට මගේ ජීවිතය පාලනය කරන්න මම ඉඩ දෙන්නේ නැහැ” යනුවෙන් මේ දිරිය ක්‍රීඩිකාව පවසනවා.


“මට නැතිවුනු දේවල් මේ ඇති. මට නැවත ලබා ගන්න යමක් ඉතිරි‌ වෙලා තියෙනවා නම්, ඒවා ලබා ගැනීම පිණිස සටන් කරන්න මම තීරණය කළා.”

“කකුල නැතිකර ගත්තා මදිවට වතුරට තිබෙන මගේ ආදරයත් නැතිකර ගන්න මට උවමනා වුනේ නැහැ.”

අනතුරින් මාස තුන හමාරකට පසුව ටෲවිට් නැවත වතුරට බැස තරග කරමින් සිටියා.

 

rawImage“කකුල නැතිකර ගත්තා මදිවට වතුරට තිබෙන මගේ ආදරයත් නැතිකර ගන්න මට උවමනා වුනේ නැහැ.”
ෆ්ලොරිඩා හි පැවති ජාතික පිහිනුම් ශූරතාවලියට සුදුසුකම් ලැබූ ඇය එහිදී නිදහස්ආර සහ පසුපසආර ඉසව්වල තරග වැදුනා. අනතුරුව ඇය පෘතුගාලයේ පැවති ජාත්‍යන්තර තරගාවලියකට සහභාගි වුනා.

පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට අමෙරිකාවෙන් සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවති තරගවලදී ටෲවිට් මීටර් 100 පසුපසආර, මීටර් 100 නිදහස්ආර සහ මීටර් 400 නිදහස්ආර ඉසව් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. ඒ සමගම ඇය විශිෂ්ට ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත අමෙරිකානු පැරාලිම්පික් කණ්ඩායමට ඇතුළත් වුනා.

0825 wn cobbeපැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට අමෙරිකාවෙන් සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවති තරගවලදී ටෲවිට් මීටර් 100 පසුපසආර, මීටර් 100 නිදහස්ආර සහ මීටර් 400 නිදහස්ආර ඉසව් ජයග්‍රහණය කිරීමට සමත් වුනා.
“ඒ කණ්ඩායමේ මගේ නම ඇසුනු විට මට මතක් වුනේ මම හිතනවාට වඩා මම ශක්තිමත් කියල. අපි සියළු දෙනාම අපි හිතනවාට වඩා ශක්තිමත්. යළි නැගිටීමේ හැකියාව අපි සියළු දෙනාටම තියෙනවා” යනුවෙන් ඇලී ටෲවිට් පවසනවා.

“නැවත පැමිණීමේ කතන්දරවලට මම ආසයි. පැහැදිලිවම මම, නිර්භීත එහෙත් යථාර්ථයක් නොවන ලෙස හැඟුනු බලාපොරොත්තුවක් ග්‍රහණය කරගෙන සිටීම පිණිස අනෙක් පුද්ගලයන්ගේ නැවත පැමිණීමේ කතා මත යැපුනා. මෝරෙක් සමග සටන් කර, කකුලේ කොටසක් නැතිකර ගෙන, ජීවිතය බේරා ගැනීමෙන් පසුව පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීම යන සියල්ල එක වසරක් ඇතුළත සිදුවීම යථාර්ථ නොවූ අපේක්ෂාවක් ම යි!”

 




සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...