The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

නිදාගන්න ඇඳක් නැතිව තෙවැනි රන් පදක්කම හඹා යන වැඩිම උසැති පැරාලිම්පික් ක්‍රීඩකයා

T

The Leader Desk

August 31, 2024 • 10:41 AM

නිදාගන්න ඇඳක් නැතිව තෙවැනි රන් පදක්කම හඹා යන වැඩිම උසැති පැරාලිම්පික් ක්‍රීඩකයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙවැනියට වැඩියෙන්ම උස පුද්ගලයා යි.
  • මේ 36 හැවිරිදි ක්‍රීඩකයා ඉරානයේ සාර්ථක ‘ඉඳගෙන ක්‍රීඩා කරන වොලිබෝල්’ - sitting Volleyball - කණ්ඩායමේ ප්‍රධාන පුරුකක්.
  • නමුත් Mehrzad (මෙහ්ර්සාද්) ලෙසින් වඩාත් දන්නා හඳුනන මේ ක්‍රීඩකයා ඒ ගැන තැවෙන්නේ නැහැ.
  • ජපානයේ ටෝකියෝ නුවර පැවති 2020 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඔහු වෙනුවෙන් විශේෂ ඇඳක් නිර්මාණය කර තිබුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙවැනියට වැඩියෙන්ම උස පුද්ගලයා යි.

මේ 36 හැවිරිදි ක්‍රීඩකයා ඉරානයේ සාර්ථක ‘ඉඳගෙන ක්‍රීඩා කරන වොලිබෝල්’ - sitting Volleyball - කණ්ඩායමේ ප්‍රධාන පුරුකක්. පිට පිට තෙවැනි වතාවටත් රන් පදක්කම සොයා පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට මේ ක්‍රීඩකයා පැමිණ සිටිනේ රියෝ හා ටෝකියෝ නගරවල පැවති පසුගිය පැරාලිම්පික් තරගාවලියන් දෙකේ ම ඉරානය ට රන් දිනා දීමට උපකාරී වීමෙන් පසුව.


210904150107 iran sitting volleyballපිට පිට තෙවැනි වතාවටත් රන් පදක්කම සොයා පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට මේ ක්‍රීඩකයා පැමිණ සිටිනේ රියෝ හා ටෝකියෝ නගරවල පැවති පසුගිය පැරාලිම්පික් තරගාවලියන් දෙකේ ම ඉරානය ට රන් දිනා දීමට උපකාරී වීමෙන් පසුව.
කෙසේ වෙතත්, දෙවරක් පැරාලිම්පික් ශූරයෙකු වීමෙන් හා ලෝකයේ දෙවැනියට වඩාත්ම උස පුද්ගලයා වීමෙන් ජනප්‍රියත්වයක් ලබා ගත්තද එයින් පැරිසියේ පැරාලිම්පික් ක්‍රීඩා ගම්මානයේ සුවපහසු ඇඳක් ලැබෙන්නේ නැහැ.

නමුත් Mehrzad (මෙහ්ර්සාද්) ලෙසින් වඩාත් දන්නා හඳුනන මේ ක්‍රීඩකයා ඒ ගැන තැවෙන්නේ නැහැ.

ජපානයේ ටෝකියෝ නුවර පැවති 2020 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඔහු වෙනුවෙන් විශේෂ ඇඳක් නිර්මාණය කර තිබුනා. නමුත් අවාසනාවකට 2024 පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ඔහුට එවැනි යහනක් නැහැ.

“ඔහු නිදා ගන්නේ බිම” ඉරාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හාඩි රේසොයීගර්කානි (Hadi Rezaeigarkani) පවසනවා.

sporterහැම අතින්ම එයාගෙ මනසේ තියෙන්නේ ශුරයෙකු බවට පත්වීම ගැනයි.

 

“එයාට විශේෂ ඇඳක් නැහැ. නමුත් වඩාත්ම වැදගත් ඉලක්කය එයාගෙ හිතේ තියෙනවා. එයා නිදා ගන්නේ බිම ද එයාට අවශ්‍ය තරමට කෑම හම්බුවෙන්නෙ නැතිවෙයි ද කියලා එයා කරදර වෙන්නේ නැහැ. හැම අතින්ම එයාගෙ මනසේ තියෙන්නේ ශුරයෙකු බවට පත්වීම ගැනයි.”


මෙහ්ර්සාද් සහ ඔහුගේ කණ්ඩායමේ සගයන් ඉදිරියේ ඇත්ත වශයෙන්ම තිබෙන්නේ විශාල මෙහෙයුමක්. ඒ, ඉරානය වෙනුවෙන් ඔවුන්ගේ අට වැනි පැරාලිම්පික් ශූරතාව sitting volleyball ක්‍රීඩාවෙන් දිනා ගැනීම. 1988 වසරේ දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ගත් පළමු උත්සාහයෙන් පසුව මේ දක්වා මේ ක්‍රීඩාවේ තරග වැදුනු තරගාවලියන් නවයෙන් හතක් ම ඉරානය ජයග්‍රහණය කර තිබෙනවා.

 

feb0db4384e8190537fbf74845939805ecbe9b3eජපානයේ ටෝකියෝ නුවර පැවති 2020 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඔහු වෙනුවෙන් විශේෂ ඇඳක් නිර්මාණය කර තිබුනා.
2016 වසරේ මංගල වතාවට පැරාලිම්පික් තරග බිමට පිවිසෙමින් එදා මෙදා තුර පැරාලිම්පික් ක්‍රීඩා උළෙලක තරග කළ වැඩිම උසැති ක්‍රීඩකයා බවට පත්වූ මෙහ්ර්සාද් ට පැරිසියේදී ලබා ගන්නා රන් පදක්කමක් ‘හැට්-ට්‍රික්’ දක්ෂතාවක් වනු ඇත.

ප්‍රධාන පුහුණුකරු හාඩි රේසොයීගර්කානි මේ අනාගත ක්‍රීඩකයා සොයා ගත්තේ දිනපතා ජීවිතයේ තමා මුහුණ දෙන ගැටළු පිළිබඳව කතා කිරීම පිණිස මෙහ්ර්සාද් රිඇලිටි වැඩසටහනකට 2011 වසරේදී සහභාගි වූ අවස්ථාවේ.

 

GettyImages MEHRZAD3ප්‍රධාන පුහුණුකරු හාඩි රේසොයීගර්කානි මේ අනාගත ක්‍රීඩකයා සොයා ගත්තේ දිනපතා ජීවිතයේ තමා මුහුණ දෙන ගැටළු පිළිබඳව කතා කිරීම පිණිස මෙහ්ර්සාද් රිඇලිටි වැඩසටහනකට 2011 වසරේදී සහභාගි වූ අවස්ථාවේ.

ශරීර කොටස්වල අධික වැඩීමකට හේතුවන කලාතුරකින් අසන්නට ලැබෙන Acromegaly නමැති රෝගය මේ ක්‍රීඩකයාට වැළඳී තිබෙන බව අනාවරණය වූයේ ඔහු ඉතාමත් තරුණ වියේ සිටියදී. බයිසිකල් අනතුරකට ලක්වීමෙන් ඔහුගේ උකුල් පෙදෙසට තුවාල සිදුවූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ දකුණු පාදයේ වැඩීම බාල කෙරුනා. එය දැන් ඔහුගේ වම් පාදයට වඩා අඟල් හයක් කොට වී තිබෙන්‌නේ ඔහුට එහෙ මෙහෙ යාම පිණිස සමහර අවස්ථාවල රෝද පුටුවක් භාවිතා කිරීමට සිදුවෙමින්.

ඔහුගේ පුහුණුකරු වන රේසොයීගර්කානි ද sitting volleyball ක්‍රීඩකයෙක්. 1983 වසරේදී ක්‍රීඩා කිරීම ආරම්භ කළ ඔහු ක්‍රීඩකයෙකු ලෙස පැරාලිම්පික් ක්‍රීඩා උළෙල තුනක තරග කර තිබෙනවා.


2015 වසරේදී ඉරාන ජාතික කණ්ඩායමට එක්වූ මෙහ්ර්සාද් ඊට මාස හයකට පසුව ඔහුගේ පළමු පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට 2016 වසරේ බ්‍රසීලයේ රියෝ නුවරදී සහභාගි වුනා. එම තරගාවලියේදී ඉරානය නැවත වතාවක් රන් පදක්කම දිනා ගත්තේ ඊට පෙර පැවති 2012 ලන්ඩන් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමකින් පමණක් සෑහීමකට පත්වීමට සිදුවීමෙන් පසුව.

 

baf60534217e63953c7ee38b6b801afcf8110be12020 ටෝකියෝ හි දී ඉරාන කණ්ඩායම ඔවුන්ගේ පැරාලිම්පික් කිරුළ රැක ගත්තේ මෙහ්ර්සාද් ඔවුන්ගේ එක් ප්‍රධානතම ක්‍රීඩකයෙක් ලෙස අවධානය යොමු කර ගනිමින්.

2020 ටෝකියෝ හි දී ඉරාන කණ්ඩායම ඔවුන්ගේ පැරාලිම්පික් කිරුළ රැක ගත්තේ මෙහ්ර්සාද් ඔවුන්ගේ එක් ප්‍රධානතම ක්‍රීඩකයෙක් ලෙස අවධානය යොමු කර ගනිමින්.

මේ යෝධ ක්‍රීඩකයාගේ ශක්තිමත් වොලිබෝල් දක්ෂතා හේතුවෙන් ඔහු ඉරානයේ ප්‍රතිවාදීන්ගේ බලවත් විරුද්ධවාදියෙක් බවට පත්ව සිටිනවා. තරග බිමේ වාඩිවී සිටිමින් දෑත් ඉහළට ඔසවන විට ද මෙහ්ර්සාද් අඩි හයකට වඩා උසයි.

160915075918 morteza mehrzadselakjani volley net rio exlarge 169තරග බිමේ වාඩිවී සිටිමින් දෑත් ඉහළට ඔසවන විට ද මෙහ්ර්සාද් අඩි හයකට වඩා උසයි.

 

2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ වඩාත්ම වටිනා ක්‍රීඩකයා සහ හොඳම වොලිබෝල් ක්‍රීඩකයා ලෙසත්, 2022 ලෝක පැරා ශූරතාවලියේ හොඳම වොලිබෝල් ක්‍රීඩකයා වශයෙනුත් මොර්ටසා මෙහ්ර්සාද් සලක්ජානි තේරුනා.

 


සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නිදාගන්න ඇඳක් නැතිව තෙවැනි රන් පදක්කම හඹා යන වැඩිම උසැති පැරාලිම්පික් ක්‍රීඩකයා | The Leader