The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩාව පාසලේ ප්‍රධාන විෂයක් වෙයි

T

The Leader Desk

August 31, 2024 • 4:24 PM

ක්‍රිකට් ක්‍රීඩාව පාසලේ ප්‍රධාන විෂයක් වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔස්ට්‍රේලියාව ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම සාර්ථක රට බවට පත්ව සිටිනවා.
  • දැන්, ඔස්ට්‍රේලියාවේ පාසලක් ක්‍රිකට් ක්‍රීඩාව සමග රටේ ඇතිව තිබෙන මේ බැඳීම තවත් පියවරක් ඉදිරියට ගෙන යමින් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රධාන විෂයක් ලෙස එහි විෂය මාලාවට නිල වශයෙන් ඇතුළත් කර තිබෙන්නේ මෙවැනි දෙයක් කළ ලෝකයේ පළමු පාසල බවට පත්වෙමින්.
  • වික්ටෝරියා හි ලාරා ද්විතීයික විදුහල - Lara Secondary College - ලබන 2025 වසරේදී ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරිපත් කිරීමට යන්නේ බාහිර ක්‍රියාකාරකමක් වශයෙන් නොව විධිමත් විෂයක් ලෙස.
  • ඔවුන් මේ ක්‍රියාවට යොමුවන්නේ වික්ටෝරියා ප්‍රාන්ත ක්‍රිකට් මණ්ඩලය හා ඔස්ට්‍රේලියානු ලාභ නොලබන ඇකඩමිය සමග තිබෙන ඔවුන්ගේ හවුල් ව්‍යාපාරයේ කොටසක් ලෙස.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔස්ට්‍රේලියාව ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම සාර්ථක රට බවට පත්ව සිටිනවා.

දැන්, ඔස්ට්‍රේලියාවේ පාසලක් ක්‍රිකට් ක්‍රීඩාව සමග රටේ ඇතිව තිබෙන මේ බැඳීම තවත් පියවරක් ඉදිරියට ගෙන යමින් ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රධාන විෂයක් ලෙස එහි විෂය මාලාවට නිල වශයෙන් ඇතුළත් කර තිබෙන්නේ මෙවැනි දෙයක් කළ ලෝකයේ පළමු පාසල බවට පත්වෙමින්.

වික්ටෝරියා හි ලාරා ද්විතීයික විදුහල - Lara Secondary College - ලබන 2025 වසරේදී ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරිපත් කිරීමට යන්නේ බාහිර ක්‍රියාකාරකමක් වශයෙන් නොව විධිමත් විෂයක් ලෙස. ඔවුන් මේ ක්‍රියාවට යොමුවන්නේ වික්ටෝරියා ප්‍රාන්ත ක්‍රිකට් මණ්ඩලය හා ඔස්ට්‍රේලියානු ලාභ නොලබන ඇකඩමිය සමග තිබෙන ඔවුන්ගේ හවුල් ව්‍යාපාරයේ කොටසක් ලෙස.

මේ පියවර යටතේ, වික්ටෝරියා ප්‍රාන්තයේ තිබෙන පාසල්වල හතේ පංතිය දක්වා සිසුන්ට විශාරද ක්‍රිකට් පුහුණුව ලබා දීමට තීරණය කර තිබෙනවා.

drwer345Lara Secondary College ක්‍රිකට් ඇකඩමියේ වික්ටෝරියා ප්‍රාන්ත ක්‍රිකට් මණ්ඩලය හා හවුල්කාරීත්වය
මේ ක්‍රිකට් ඇකඩමිය සිසුන්ට අනිවාර්ය නොවන බවත් ඔවුන්ට අවශ්‍ය නම් පමණක් ඊට ඇතුළත් විය හැකි බවත් ලාරා ද්විතීයික පාසලේ විදුහල්පති ලූක් ස්කිවුස් (Luke Skewes) ප්‍රකාශ කරනවා. සිසුන් ක්‍රිකට් ක්‍රීඩාව ඔවුන්ගේ එක් විෂයක් ලෙස තෝරා ගතහොත්, එයින් ඔවුන්ගේ අධ්‍යයන ලකුණුවලට සියයට 20ක් එකතු වනු ඇති බවත් පුහුණු සැසි පාසල ආරම්භ වීමට පෙර හා පසුව පැවැත්වෙනු ඇති බවත් විදුහල්පතිවරයා සඳහන් කරනවා.

ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අමතරව, පුහුණුකිරීම හා තරග විනිශ්චය කිරීම වැනි ක්‍රිකට් කාර්යභාරයන් කෙරෙහි ද සිසුන් යොමු කෙරෙනු ඇති අතර මේ දෙඅංශයේම පිළිගැනීමක් ඔවුන්ට ලබා දෙනු ඇත.

පංති කාමරයේ මෙන්ම ක්‍රිකට් ක්‍රීඩා පිටියේදීත් විශිෂ්ටත්වය ලබා දීම මේ ඇකඩමියේ ප්‍රධානතම දර්ශනය බව ස්කිවුස් පවසනවා.

“ඔබ ඔබේ ක්‍රිකට් ක්‍රීඩාවට කැප වීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. සිසුන් ඔවුන්ගේ ජීවිතවල සියළු අංශ දියුණු කර ගැනීමේ අධිෂ්ඨානයක් ඇතිකර ගත යුතුයි.”

පාසල් විෂය මාලාවට ක්‍රීඩාව එකතු කර ගැනීමේ වැදගත්කම පිළිබඳ පණිවුඩය මේ වැඩසටහන මගින් ලෝකයේ අනෙකුත් රටවලට හා අධ්‍යාපන ආයතනවලට සන්නිවේදනය වනු ඇතැයි ස්කිවුස් අපේක්ෂා කරනවා.

“අපේ ක්‍රිකට් වැඩසටහන සැලසුම් කර තිබෙන්නේ ද්විතීයික පාසලෙන් පසුව සිසුන්ව ජීවිතය සඳහා සූදානම් කිරීමටයි. මෙමගින් ශිෂ්‍යයන් ඔවුන්‌ගේ ක්‍රීඩා දිවියෙන් ඔබ්බට යන සාර්ථකත්වයකට අඩිතාලම දැමෙනවා.”

“සිසුන්ට ඔවුන්ගේ අනාගත මාර්ගය තීරණය කිරීමේ කැමැත්ත මෙයින් ලැබෙනවා. තමා ‘බිස්නස් ඩිප්ලෝමාව’ සහ ‘නායකත්වය හා කළමනාකාරිත්ව ඩිප්ලෝමාව’ යන ද්විත්ව අධ්‍යාපනයේ යෙදෙනවාද එසේත් නැත්නම් වෘත්තීය ක්‍රිකට් ක්ෂේත්‍රයට දැන් අවශ්‍යව තිබෙන ඔ්නෑම වෘත්තීය කාර්යභාරයන් හඹා යනවාද කියා ශිෂ්‍යයන්ට තීරණය කිරීමේ අවස්ථාව මෙයින් හිමිවනවා.”

“ඔවුන්ට ක්‍රීඩා වෛද්‍යවරුන්, භෞතචිකිත්සකයින්, ක්‍රීඩක-කළමනාකරුවන්, ශක්තිය හා තත්ත්වය පිළිබඳ පුහුණුකරුවන්, ක්‍රීඩා පරිපාලකයන්, මාධ්‍ය කළමනාකරුවන්, තරග විනිසුරුවන්, ක්‍රියාකාරිත්වයේ විශ්ලේෂකයන්, වෙළඳ උපදේශකයන් හෝ ක්‍රිකට් නමැති විශිෂ්ට ක්‍රීඩාව සමග දැන් බද්ධ වී තිබෙන අනෙක් දුසිම් ගණනින් යුත් කාර්යයන් හි නියැලෙන කෙනෙක් විය හැකියි” ලූක් ස්කිවුස් විදුහල්පතිවරයා පෙන්වා දෙනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ක්‍රිකට් ක්‍රීඩාව පාසලේ ප්‍රධාන විෂයක් වෙයි | The Leader