The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

තරුෂි අවුරුදු හතරකට අමෙරිකාවට යයි

T

The Leader Desk

September 1, 2024 • 8:46 AM

තරුෂි අවුරුදු හතරකට අමෙරිකාවට යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇය ලුසි­යානා ප්‍රාන්තයේ නිව් ඔර­ලෙන්ස්හි පිහිටි තුලේන් විශ්ව­වි­ද්‍යා­ල­යට ලබන සතියේ ඇතු­ළත් වන අතර, ඒ සඳහා ඇයට වසර 4ක පූර්ණ ශිෂ්‍ය­ත්ව­යක් ලැබී ඇත.
  • එම තුලේන් ග්‍රීන් වේව් මලල ක්‍රීඩා කණ්ඩා­යම අමෙ­රි­කානු මලල ක්‍රීඩා සම්මේ­ල­නයේ සාමා­ජි­ක­යකු ලෙස ප්‍රමුඛ පෙළ තර­ගා­වලි නියෝ­ජ­නය කරනු ලබයි.
  • තරු­ෂිට විශ්ව­වි­ද්‍යාල කිහි­ප­ය­කින්ම ශිෂ්‍යත්ව ලැබී ඇති අතර, ක්‍රීඩාව හා අධ්‍යා­ප­නය යන අංශ දෙකම කළ හැකි ස්ථාන­යක් තෝරා­ගත් බව තරුෂි කරු­ණා­රත්න ‘දින­මිණ’ පුවත්පතට පවසා ඇත.
  • එම අමෙ­රිකා තුලේන් විශ්ව­වි­ද්‍යා­ලයේ ක්‍රීඩා පුහු­ණු­වීම් සඳහා අවශ්‍ය පහ­සු­කම් ඇති හෙයින් එය වඩාත් සුදු­සුම ස්ථානය බව ඇය සඳහන් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇය ලුසි­යානා ප්‍රාන්තයේ නිව් ඔර­ලෙන්ස්හි පිහිටි තුලේන් විශ්ව­වි­ද්‍යා­ල­යට ලබන සතියේ ඇතු­ළත් වන අතර, ඒ සඳහා ඇයට වසර 4ක පූර්ණ ශිෂ්‍ය­ත්ව­යක් ලැබී ඇත.

තුලේන් විශ්ව­වි­ද්‍යා­ලය සතුව තුලේන් ග්‍රීන් වේව් නමින් මලල ක්‍රීඩා කණ්ඩා­ය­මක් ඇති අතර, තරුෂි ඉදි­රි­යේදී එම කණ්ඩා­යම නියෝ­ජ­නය කරනු ඇත. එම තුලේන් ග්‍රීන් වේව් මලල ක්‍රීඩා කණ්ඩා­යම අමෙ­රි­කානු මලල ක්‍රීඩා සම්මේ­ල­නයේ සාමා­ජි­ක­යකු ලෙස ප්‍රමුඛ පෙළ තර­ගා­වලි නියෝ­ජ­නය කරනු ලබයි.

තුලේන් ග්‍රීන් වේව් යටතේ පාපන්දු, බාස්ක­ට්බෝල්, වොලි­බෝල් හා බේස්බෝල් වැනි ක්‍රීඩා සංචිත ක්‍රියා­ත්ම­ක­වන අතර, ක්‍රීඩා සංකී­ර්ණ­යක් වෙනම පිහිටා ඇත.

තරු­ෂිට විශ්ව­වි­ද්‍යාල කිහි­ප­ය­කින්ම ශිෂ්‍යත්ව ලැබී ඇති අතර, ක්‍රීඩාව හා අධ්‍යා­ප­නය යන අංශ දෙකම කළ හැකි ස්ථාන­යක් තෝරා­ගත් බව තරුෂි කරු­ණා­රත්න ‘දින­මිණ’ පුවත්පතට පවසා ඇත. එම අමෙ­රිකා තුලේන් විශ්ව­වි­ද්‍යා­ලයේ ක්‍රීඩා පුහු­ණු­වීම් සඳහා අවශ්‍ය පහ­සු­කම් ඇති හෙයින් එය වඩාත් සුදු­සුම ස්ථානය බව ඇය සඳහන් කර තිබේ.

මෙවර පැරිස් ඔලි­ම්පික් ක්‍රිඩා උලෙළේ මීටර් 800 මූලික වටයේ තර­ග­යට එක්වූ තරුෂි කරු­ණා­රත්න මිනිත්තු 2:07.76කින් තර­ගය නිම­කොට අව­සන් පූර්ව වට­යට ඍජුව සුදු­සු­කම් ලබා නොගත් හෙයින් යළි ‘රිපි­චේජ් වට­යේදී’ මිනිත්තු 2:06.66ක කාල­යක් ගත කළාය. ආසි­යානු රන් පද­ක්කම් දිනූ තරුෂි කරු­ණා­ර­ත්නගේ පැරිස් ඔලිම්පික් ධාව­නය ලොව අති­දක්ෂ ක්‍රීඩි­කා­වන් අතු­රින් එලෙස නිමා­වට පත් වූවාය.

(dinamina.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තරුෂි අවුරුදු හතරකට අමෙරිකාවට යයි | The Leader