The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

අන්ධ පාපන්දු: පිට පිට හයවැනි රන් පදක්කම කරා යන ‘පැරාලිම්පික් පේලේ’ගේ බ්‍රසීල කණ්ඩායම

T

The Leader Desk

September 1, 2024 • 3:49 PM

අන්ධ පාපන්දු: පිට පිට හයවැනි රන් පදක්කම කරා යන ‘පැරාලිම්පික් පේලේ’ගේ බ්‍රසීල කණ්ඩායම

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජුන් ලෙස තමන් සතු ආධිපත්‍යය තවදුරටත් පවත්වා ගෙන යාමට බ්‍රසීලය මාන බලමින් සිටින අවස්ථාවක.
  • අන්ධ පාපන්දු ක්‍රීඩාව පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට හඳුන්වා දුන් 2004 සිට මේ දක්වා එම තරගාවලියේ කිසිම තරගයක් පරාජය වී නැති මේ දකුණු අමෙරිකානු ප්‍රවීණයෝ එකදිගට රන් පදක්කම් පහක් දිනා ගැනීමට සමත්ව සිටිනවා.
  • සෑම ක්‍රීඩා රාජ වංශයක් ම අවසානයක් දකින අතර අවස්ථා බොහොමයකදී කිරුළ සමීපයට පැමිණි ආජන්ටිනාව ට මේ වතාවේ ඔවුන්‌ගේ පරම ප්‍රතිවාදීන් වන බ්‍රසීලය අභිබවා යාමට හැකි වේවිද?
  • වර්තමාන ලෝක ශූරයින් වන ආජන්ටිනාව ‘බී’ කොටසේ තරග කිරීමට නියමිතව සිටින්නේ අප්‍රිකානු ශූරයින් හා 2020 ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ රිදී පදක්කම්ලාභීන් වන මොරොක්කෝව, නවකයින් වන කොලොම්බියාව හා ජපානය සමග.
අකුරු ප්‍රමාණය (Font Size):

රජුන් ලෙස තමන් සතු ආධිපත්‍යය තවදුරටත් පවත්වා ගෙන යාමට බ්‍රසීලය මාන බලමින් සිටින අවස්ථාවක.

අන්ධ පාපන්දු ක්‍රීඩාව පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට හඳුන්වා දුන් 2004 සිට මේ දක්වා එම තරගාවලියේ කිසිම තරගයක් පරාජය වී නැති මේ දකුණු අමෙරිකානු ප්‍රවීණයෝ එකදිගට රන් පදක්කම් පහක් දිනා ගැනීමට සමත්ව සිටිනවා.

පිරිමි කණ්ඩායම් අටක් සහභාගි වන මේ පස් සාමාජික තරගාවලියේ කණ්ඩායම් කොටස් දෙකකට බෙදා තිබෙනවා. ‘ඒ’ කණ්ඩායමේ බ්‍රසීලය තරගාවලියේ සත්කාරක රට හා යුරෝපීය ශූරයින් වන ප්‍රංශය, යුරෝ රිදී පදක්කම්ලාභී තුර්කිය හා ආසියානු ශූරයින් වන චීනය සමග තරග වැදීමටයි නියමිත.

සෑම ක්‍රීඩා රාජ වංශයක් ම අවසානයක් දකින අතර අවස්ථා බොහොමයකදී කිරුළ සමීපයට පැමිණි ආජන්ටිනාව ට මේ වතාවේ ඔවුන්‌ගේ පරම ප්‍රතිවාදීන් වන බ්‍රසීලය අභිබවා යාමට හැකි වේවිද? වර්තමාන ලෝක ශූරයින් වන ආජන්ටිනාව ‘බී’ කොටසේ තරග කිරීමට නියමිතව සිටින්නේ අප්‍රිකානු ශූරයින් හා 2020 ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ රිදී පදක්කම්ලාභීන් වන මොරොක්කෝව, නවකයින් වන කොලොම්බියාව හා ජපානය සමග.

පාපන්දුවේ ගිලී තිබෙන රටක් වන බ්‍රසීලයේ ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තර කණ්ඩායම පසුගිය ලෝක කුසලාන තරගාවලියන්හි අසාර්ථක වී සිටිය ද ඔවුන්ගේ පැරා සහෝදරයින් රටේ පාපන්දු කීර්තිය ආරක්ෂා කරගෙන තිබෙනවා.

xrt45345නොකඩවා රන් පදක්කම් හතරක් දිනා ගෙන සිටින Jefinho 
සුවිශේෂ දක්ෂතාවන් තිබෙන බ්‍රසීල කණ්ඩායම මෙහෙයවීමට මූලිකත්වය දරන්නේ ‘පැරාලිම්පික් පේලේ’ ලෙසින් හැඳින්වෙන Jefferson Goncalves Mizael Oliveira (Jefinho). වේගය හා කුසලතාව නිසා ජනප්‍රියව සිටින Jefinho නොකඩවා රන් පදක්කම් හතරක් දිනා ගෙන සිටින අතර ඔහු දැන් කුරුමානම් අල්ලන්නේ ඔහුගේ පස්වැනි හා රටේ හයවැනි රන් පදක්කමට.

2004 වසරේ ග්‍රීසියේ ඇතන්ස් නුවරදී ප්‍රථම වතාවට පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට හඳුන්වා දෙනු ලැබූ අන්ධ පාපන්දු ක්‍රීඩා තරගාවලිය එදා සිට අද දක්වා සෑම පැරාලිම්පික් උළෙලකම දක්නට ලැබී තිබෙන අතර මේ තරග බිමේ පරාජය කළ යුතු ම කණ්ඩායම බවට බ්‍රසීලය පත්ව සිටීම පුදුමයට කරුණක් නොවන්නේ ඔවුන් මේ දක්වා පැවති සෑම පැරාලිම්පික් තරගාවලියක ම රන් පදක්කම දිනා ගෙන සිටින බැවින්.

අන්ධ පාපන්දු ක්‍රීඩාව සෙල්ලම් පිට්ටනියක ආරම්භ වූයේ ඇස් පෙනීම ඉතාමත් දුර්වල පාසල් සිසුන් වෙනුවෙන්. ජාත්‍යන්තර අන්ධ ක්‍රීඩා සම්මේලනය 1996 වසරේදී අන්ධ පාපන්දු ක්‍රීඩාව ඔවුන්ගේ එක් නිල ක්‍රීඩාවක් බවට පත්කළා.

පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී පැවැත්වෙන්නේ පිරිමි තරගාවලියක් පමණයි.

t45345
සෑම කණ්ඩායමක්ම ක්‍රීඩකයන් පස් දෙනෙකුගෙන් සෑදී තිබෙන්නේ පිටියේ ක්‍රීඩකයන් සිවු දෙනෙක් හා ගෝල් රකින්නෙක් වශයෙන්. පිටියේ ක්‍රීඩකයන් සිවු දෙනා සම්පූර්ණයෙන් අන්ධ ලෙස වර්ග කර තිබිය යුතු වනවා. එයින් තේරුම් ගත යුත්තේ ඔවුන්ට තිබෙන්නේ ඉතා අඩු පෙනීමක් සහ/හෝ ආලෝකය හැඳින ගැනීමක් බව.

එහෙත් ඔවුන් සියළු දෙනාම ඇස් ආවරණ පැළඳිය යුතු වන්නේ සමහරුන්ට අනෙක් අයට වඩා එළිය හා සෙවණැලි දැකීමට පුළුවන් වීමේ අවස්ථා තිබිය හැකි බැවින්.

මේ අතර ගෝල් රකින්නන් හොඳ දෘශ්‍යක් තිබෙන හෝ අර්ධ ඇස් පෙනීමක් තිබෙන අය යි. කණ්ඩායමේ ආරක්ෂාකාරී ක්‍රීඩාව සඳහා වැදගත් වන සන්නිවේදනය ලබා දෙන්නේ මේ ගෝල් රකින්නන්. කෙසේ වෙතත්, ඔවුන් ගෝල් කණුව වටා තිබෙන සීමිත කුඩා කලාපයේ සිටිය යුතු වනවා. ගෝල් රකින්නන්ගේ කාර්යභාරය වනුයේ ක්‍රීඩකයන්ට මඟ පෙන්වීම හා දැල තුළට යන පන්දුව වැළැක්වීම.

සෑම කණ්ඩායමකටම සහාය වීම පිණිස තවත් මඟ පෙන්වන්නන් දෙදෙනෙකු බැගින් ද සිටිනවා. එක් අයෙක් පිටියේ මැද රේඛාව අසල සිටින අතර අනෙකා සිටින්නේ කණ්ඩායම ආක්‍රමණය කරන ගෝල් කණුව පිටුපස.

gyty555
තරග පැවැත්වෙන කාලය මිනිත්තු 40ක් වන අතර එය මිනිත්තු 20 බැගින් භාග දෙකකට බෙදා තිබෙනවා. අන්ධ පාපන්දු ක්‍රීඩාව සඳහා වන පිටියේ ප්‍රමාණය මීටර් 40 x 20 (සාමාන්‍යයෙන් අඩි 131.2 x 65.6). සාමාන්‍ය ක්‍රීඩකයන් සඳහා වන FIFA පාපන්දු තරග පැවැත්වෙන්නේ මිනිත්තු 45 බැගින් භාග දෙකකින් යුත් මිනිත්තු 90ක කාලයක වන අතර එහි තරග බිමේ ප්‍රමාණය මීටර් 105 x 68 (සාමාන්‍යයෙන් අඩි 344.5 x 223.1)ක්.

පාපන්දු තරග කළහකාරී සහ ඉතාමත් ඝෝෂාකාරී සෙනඟක් ඉදිරිපිට පැවැත්වුන ද අන්ධ පාපන්දු තරගවලදී නරඹන්නන් නිහඬව සිටිය යුතු වන්නේ ක්‍රීඩකයන්ට පන්දුවේ ශබ්දය ඇසීමට ඉඩ සැලසිය යුතු බැවින්. පන්දුව මසා තිබෙන්නේ එය හඬ නගා සෙලවෙන පරිදි. අන්ධ පාපන්දුවේ ප්‍රමාණය සාමාන්‍ය පාපන්දුවේ විශාලත්වයට වඩා අඩුයි.

පන්දුව ක්‍රීඩාවෙන් පිටතට යාම වැළැක්වීම පිණිස පිටිය වටා ලෑලි දමා තිබෙන අතර මෙමගින් වඩා වේගවත් ක්‍රීඩාවකට අවස්ථාව ලැබෙනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අන්ධ පාපන්දු: පිට පිට හයවැනි රන් පදක්කම කරා යන ‘පැරාලිම්පික් පේලේ’ගේ බ්‍රසීල කණ්ඩායම | The Leader