The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පැරාලිම්පික් ගම්මානය කොන්ඩම් විසිකරමින් විවාහ යෝජනා ආරම්භය සමරයි

T

The Leader Desk

September 2, 2024 • 9:26 AM

පැරාලිම්පික් ගම්මානය කොන්ඩම් විසිකරමින් විවාහ යෝජනා ආරම්භය සමරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙන්ම පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ද පැරිසියේ පැවැත්වෙද්දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජීවිතාන්තය දක්වා වන ඔවුන්ගේ විවාහ පොරොන්දු ප්‍රකාශ කිරීම සඳහා මේ ‘ප්‍රේමයේ නගරය’ උපකාරී කරගෙන සිටින බවක් දිස්වෙමින් තිබෙනවා.
  • යුවල පසුව නැවත එක්ව, ඇය ඇඟිල්ලේ මඟුල් මුද්ද ද ඇතිව, ඡායාරූපයකට පෙනී සිටියා. යුවල පසුව නැවත එක්ව, ඇය ඇඟිල්ලේ මඟුල් මුද්ද ද ඇතිව, ඡායාරූපයකට පෙනී සිටියා.
  • එම වාර්තාව “අපේ හදවත්වලට ඉතාම සමීපයි” යනුවෙන් පැරිස් 2024 ඔලිම්පික් සංවිධායක කමිටුවේ සභාපති Tony Estanguet සඳහන් කර තිබුනා.
  • “පැරිස් 2024 අනෙක් බොහෝ වාර්තා බිඳ දමා තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔලිම්පික් ක්‍රීඩා උළෙල මෙන්ම පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ද පැරිසියේ පැවැත්වෙද්දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජීවිතාන්තය දක්වා වන ඔවුන්ගේ විවාහ පොරොන්දු ප්‍රකාශ කිරීම සඳහා මේ ‘ප්‍රේමයේ නගරය’ උපකාරී කරගෙන සිටින බවක් දිස්වෙමින් තිබෙනවා.

 

https prod.static9.netLionel Morales Gonzalez ඔහුගේ පෙම්වතිය වන Jessica (ජෙසිකා) ඉදිරියේ දණක් වැටී මුද්දක් සහිත පුංචි පෙට්ටියක් එළියට ඇද ගත්තේ පැරාලිම්පික් ගම්මානයේ භෝජන ශාලාව අසලදී

2024 පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ක්‍රීඩකයන්ගේ විවාහ යෝජනා ඉදිරිපත් කිරීම අගෝස්තු 29 වැනිදා ආරම්භ කරමින් ස්පාඤ්ඤයේ තුන්ප්‍රයාම ක්‍රීඩක Lionel Morales Gonzalez ඔහුගේ පෙම්වතිය වන Jessica (ජෙසිකා) ඉදිරියේ දණක් වැටී මුද්දක් සහිත පුංචි පෙට්ටියක් එළියට ඇද ගත්තේ පැරාලිම්පික් ගම්මානයේ භෝජන ශාලාව අසලදී. විමතියට පත් ජෙසිකා මුද්ද පිළිගැනීමට පෙර ඔහුට දිගු හාදුවකින් සංග්‍රහ කරද්දී එතැනින් යමින් සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතුටින් සිටි මේ ජෝඩුව වෙත උපත් පාලන කොපු විසි කිරීමට පටන් ගත්තා. ඔලිම්පික් ගම්මානයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නොමිලේ කොන්ඩම් ලබා දීමට ඔලිම්පික් සංවිධායකයින් කටයුතු යොදා තිබෙනවා.

PARIS, FRANCE - AUGUST 30: Rogerio Junior Xavier de Oliveira of Team Brazil holds a sign which translates to 'Edwarda Will You Marry Me?' whilst proposing during the Men's Singles SL4 Group Play Stage - Group D Match MSSL4107 on day two of the Paris 2024 Summer Paralympic Games at Porte de La Chapelle Arena on August 30, 2024 in Paris, France. (Photo by Alex Slitz/Getty Images)“එඩ්වඩා ඔයා මාව බඳිනවාද?” යනුවෙන් කියැවුනු ඒ වදන් ඔහු යොමුකර තිබුනේ ඔහුගේ පෙම්වතිය වන පැරාලිම්පියන් වොලිබෝල් ක්‍රීඩිකා Edwarda Dias වෙත.

 

දෙවැනි විවාහ යෝජනාව ඉදිරිපත් කිරීම පසුදින බැඩ්මින්ටන් පිටියේදී සිදුවූයේ බ්‍රසීලයේ ක්‍රීඩක Rogerio Junior Xavier de Oliveira ඔහුගේ අලුත්ම තරගයෙන් පසුව වදන් කිහිපයකින් යුත් සලකුණක් ප්‍රදර්ශනය කර මුද්දක් අතට ගත් මොහොතේ. “එඩ්වඩා ඔයා මාව බඳිනවාද?” යනුවෙන් කියැවුනු ඒ වදන් ඔහු යොමුකර තිබුනේ ඔහුගේ පෙම්වතිය වන පැරාලිම්පියන් වොලිබෝල් ක්‍රීඩිකා Edwarda Dias වෙත.

නරඹන්නන් සිටි මණ්ඩපයේ සිටි ඇය සිනාසෙමින් ඇගේ මුවට අත තබා ගෙන සිටියේ ඔහුගේ ක්‍රියාවෙන් විස්මයට පත්ව. යුවල පසුව නැවත එක්ව, ඇය ඇඟිල්ලේ මඟුල් මුද්ද ද ඇතිව, ඡායාරූපයකට පෙනී සිටියා. 

 

zzhttps prod.static9.netයුවල පසුව නැවත එක්ව, ඇය ඇඟිල්ලේ මඟුල් මුද්ද ද ඇතිව, ඡායාරූපයකට පෙනී සිටියා.
ඔලිම්පික් ක්‍රීඩා උළෙලක වැඩිම විවාහ යෝජනා සංඛ්‍යාවේ වාර්තාව බිඳ දැමුවේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල විසින් බවට නිලධාරීන් තහවුරු කර තිබෙනවා. එම වාර්තාව “අපේ හදවත්වලට ඉතාම සමීපයි” යනුවෙන් පැරිස් 2024 ඔලිම්පික් සංවිධායක කමිටුවේ සභාපති Tony Estanguet සඳහන් කර තිබුනා.

“පැරිස් 2024 අනෙක් බොහෝ වාර්තා බිඳ දමා තිබෙනවා. වාර්තාගත නරඹන්නන් සංඛ්‍යාවක්, වාර්තාගත පැමිණීමක් යනාදී වශයෙන්. දැන් අපි පැරිසියේදී තවත් අලුත් වාර්තාවක් පිහිටුවා තිබෙනවා. අපේ හදවත්වලට ඉතාමත් සමීප ඒ වාර්තාව නම් මෙතෙක් පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලන් හි ඉදිරිපත් කෙරුනු වැඩිම විවාහ යෝජනා සංඛ්‍යාව යි.”

“ප්‍රාර්ථනාව, මහත් ප්‍රබෝධය හා ආදරයේ මේ හැඟීම් සැමදා රැඳී තිබේවි.”

WILL YOU MARRY ME message“ප්‍රාර්ථනාව, මහත් ප්‍රබෝධය හා ආදරයේ මේ හැඟීම් සැමදා රැඳී තිබේවි.”

 

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල අතරතුර අවම වශයෙන් විවාහ යෝජනා හතක් වාර්තා වුනා. දැනටමත් දෙකක් සම්පූර්ණ වී තිබෙන බැවින් පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙල ද වැඩි දුරක් පිටුපසින් නොසිටිනු ඇත.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පැරාලිම්පික් ගම්මානය කොන්ඩම් විසිකරමින් විවාහ යෝජනා ආරම්භය සමරයි | The Leader