The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ජෝඩී ග්‍රින්හැම්: පැරාලිම්පික් පදක්කමක් දිනා ගත් පළමු ගැබිනි කාන්තාව

T

The Leader Desk

September 2, 2024 • 11:48 AM

ජෝඩී ග්‍රින්හැම්: පැරාලිම්පික් පදක්කමක් දිනා ගත් පළමු ගැබිනි කාන්තාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බඩදරු ඇයට තනි Compound විවෘත ඉසව්වේ ලෝකඩ පදක්කම සඳහා තරග වැදීමට සිදුවූයේ එංගලන්තයේ ම පුරවැසියකු මෙන්ම ඇගේ හොඳම මිතුරියට ද එරෙහිව.
  • එංගලන්තයේ ජෝඩී ග්‍රින්හැම් (Jodie Grinham) ඉලක්කයට ඊතලය විදිමින් ලෝකඩ පදක්කම හිමිකර ගෙන පැරාලිම්පික් පදක්කමක් දිනා ගත් ඉතිහාසයේ පළමු ගර්භණී කාන්තාව බවට පත්වුනා.
  • නමුත් බබා ඉන්න එක ගෞරවයක් වගේ මට දැනුනේ මගේ බඩේ තිබූ බුබුළු දාන හඬින් එයාගෙ පුංචි සහයෝගය මට මතක් කර දුන්න නිසා.” “බබා පයින් ගහන එක නැවැත්තුවේ නැහැ.
  • ඉලක්කය ගැනීමේදී තමාගේ බඩ ඉදිරියට නෙරා තිබීම පිළිබඳව අවධානය යොමු කරමින් තමාගේ සාමාන්‍ය ඉරියව්ව හා හුරුපුරුදු ක්‍රීඩා පිළිවෙල නිරතුරුව වෙනස් කිරීම පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ තමාගේ සූදානම් වීමේ ක්‍රියාවලියට ඇතුළත් වූ බව ග්‍රින්හැම් පැවසුවා.
අකුරු ප්‍රමාණය (Font Size):

බඩදරු ඇයට තනි Compound විවෘත ඉසව්වේ ලෝකඩ පදක්කම සඳහා තරග වැදීමට සිදුවූයේ එංගලන්තයේ ම පුරවැසියකු මෙන්ම ඇගේ හොඳම මිතුරියට ද එරෙහිව.

මාස හතක ගැබිනියකව සිටිමින් තරග කරද්දී නියමිත ඉලක්කයට කුරුමානම අල්ලන තෙක් පයින් ගසන්නේ නැතිව සිටින්නැයි බඩේ සිටින බබාගෙන් ඉල්ලීම වැනි සාධාරණ අභියෝගයන්ට මුහුණ දීමට ග්‍රින්හැම් ට සිදුවුනා.
 
zgettyimages 2168845199 copyඑංගලන්තයේ ජෝඩී ග්‍රින්හැම් (Jodie Grinham) ඉලක්කයට ඊතලය විදිමින් ලෝකඩ පදක්කම හිමිකර ගෙන පැරාලිම්පික් පදක්කමක් දිනා ගත් ඉතිහාසයේ පළමු ගර්භණී කාන්තාව බවට පත්වුනා.
“අපි තීරණාත්මක තරග වටයට ඇවිත් හිටියේ. බබා පයින් ගහන්න පටන් ගත්තා. ඒක හරිම සුන්දර දැනීමක් වුනත්, ‘දැන්ම එපා බබෝ, අම්මා ඔයාට ආදරෙයි, නමුත් අපි මේ පයින් ගහන එක තව මිනිත්තුවකින් පස්සෙ කරමු’ කියල මම හිතුවා” යනුවෙන් ඇය තරගයෙන් පසුව කියා සිටියා.
 
“බබා පයින් ගහන එක නැවැත්තුවේ නැහැ. ඒක හරියට බබා, ‘ඔතන මොකද වෙන්නේ, හරිම සද්දෙයි අම්මේ, ඔයා මොකද කරන්නේ?’ කියල මගෙන් අහනව වගෙයි. නමුත් බබා ඉන්න එක ගෞරවයක් වගේ මට දැනුනේ මගේ බඩේ තිබූ බුබුළු දාන හඬින් එයාගෙ පුංචි සහයෝගය මට මතක් කර දුන්න නිසා.”
zce adc1 c1aeb6d6763a 2“බබා පයින් ගහන එක නැවැත්තුවේ නැහැ. ඒක හරියට බබා, ‘ඔතන මොකද වෙන්නේ, හරිම සද්දෙයි අම්මේ, ඔයා මොකද කරන්නේ?’ කියල මගෙන් අහනව වගෙයි.
 
ඉලක්කය ගැනීමේදී තමාගේ බඩ ඉදිරියට නෙරා තිබීම පිළිබඳව අවධානය යොමු කරමින් තමාගේ සාමාන්‍ය ඉරියව්ව හා හුරුපුරුදු ක්‍රීඩා පිළිවෙල නිරතුරුව වෙනස් කිරීම පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ තමාගේ සූදානම් වීමේ ක්‍රියාවලියට ඇතුළත් වූ බව ග්‍රින්හැම් පැවසුවා.

“මගේ පුහුණුකරු සහ මම ගර්භණී අවස්ථාවල සිටින ක්‍රීඩිකාවකට යෝග්‍ය සූදානම්වීම් වෙනුවෙන් දීර්ඝ කාලයක් ගත කළා.”
 
“ගැබ්බර කාන්තාවක් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලට යනවා කියල මිනිස්සු කියනවාට මගේ කැමැත්තක් තිබුනේ නැහැ. මට ඕන වුනේ, ‘ගැබිනි කාන්තාවකටත් ඉහළම මට්ටමේ තරග කරල පදක්කමක් දිනා ගන්න පුළුවනි’ කියල ඔවුන් කියනවා ඇසීමටයි. කෙනෙක් හිතුවොත් ඕනෑම දෙයක් කළ හැකියි. බය නැතිව ඉදිරියට ගොස් ඒක කරන්න. ඔබට යමක් කරන්න උවමනා නම්, ඒක කරන්න” යනුවෙන් මේ ආදර්ශමත් දුනුවිදින්නිය උපදෙස් දෙනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ජෝඩී ග්‍රින්හැම්: පැරාලිම්පික් පදක්කමක් දිනා ගත් පළමු ගැබිනි කාන්තාව | The Leader