The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සමිත දුලාන් ගෙන් ලෝක වාර්තාවක්

T

The Leader Desk

September 3, 2024 • 5:29 AM

සමිත දුලාන් ගෙන් ලෝක වාර්තාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව, මීටර 67.03ක පුද්ගලික හොඳම දුරක් වාර්තා කරමින් ඔහුගේම පෙර පැවති මීටර් 66.49ක ලෝක වාර්තාව බිඳ දැමීමට මෙහිදී ඔහු සමත්ව ඇත.
  • ඉන්දියාවේ සුමිත් ඇන්ටිල් මෙම කාණ්ඩයේ මීටර් 70.59ක විසි කිරීමක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගනිමින් සිය වාර්තාවම නැවත නැවතත් ස්ථාවර කර ගැනීමට සමත් විය.
  • ඔස්ට්‍රේලියාවේ මිචල් බුරාන් මීටර් 64.89ක දුරක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම දිනාගෙන ඇත.
  • පැරිස් 2024 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීම (F64) ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් කොඩිතුවක්කු ඊයේ සමත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව, මීටර 67.03ක පුද්ගලික හොඳම දුරක් වාර්තා කරමින් ඔහුගේම පෙර පැවති මීටර් 66.49ක ලෝක වාර්තාව බිඳ දැමීමට මෙහිදී ඔහු සමත්ව ඇත.

ඉන්දියාවේ සුමිත් ඇන්ටිල් මෙම කාණ්ඩයේ මීටර් 70.59ක විසි කිරීමක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගනිමින් සිය වාර්තාවම නැවත නැවතත් ස්ථාවර කර ගැනීමට සමත් විය.

ඔස්ට්‍රේලියාවේ මිචල් බුරාන් මීටර් 64.89ක දුරක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම දිනාගෙන ඇත.

 

Samitha Dulan France Paralympics 765894පැරිස් 2024 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීම (F64) ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් කොඩිතුවක්කු ඊයේ සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමඟ සමිත දුලාන් ටෝකියෝහිදී ලබාගත් ලෝකඩ පදක්කමෙන් පසුව පිරිමි F64 හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරගයේදී ලැබූ දෙවැනි පැරාලිම්පික් පදක්කමයි.


සමිත දුලාන් ඊයේ ලබාගත් ජයග්‍රහණයත් සමග ඔලිම්පික් සහ පැරාලිම්පික් තරගාවලදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු ලබා ඇති ඉහළම ජයග්‍රහණය මෙයයි.

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සමිත දුලාන් ගෙන් ලෝක වාර්තාවක් | The Leader