The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පෙම්වතාගේ ගිනි ප්‍රහාරයට ලක්වූ උගන්ඩාවේ ඔලිම්පික් ක්‍රීඩිකාව මිය යයි

T

The Leader Desk

September 5, 2024 • 3:52 PM

පෙම්වතාගේ ගිනි ප්‍රහාරයට ලක්වූ උගන්ඩාවේ ඔලිම්පික් ක්‍රීඩිකාව මිය යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇයගේ හිටපු පෙම්වතෙකු විසින් ශරීරයට පෙට්‍රල් දමා ගිනිතැබීමෙන් පසුව අද මිය ගියා.
  • ඉරිදා සිදුවූ මේ ගිනි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබ සිටි 33 හැවිරිදි දුර දිවීමේ ක්‍රීඩිකාව කෙන්යාවේ රෝහල්ගතව සිටියේ ඇගේ ශරීරයේ සියයට 80ක ප්‍රමාණයක් පිළිස්සී ගොස් තිබියදී.
  • නිවසේ ඇතිවූ ගෘහස්ථ ආරවුලක් යැයි කියනු ලබන සිද්ධියකදී ඇයට ගිනිතැබූ ඇගේ හිටපු පෙම්වතා වන කෙන්යාවේ Dickson Ndiema Marangach ද මේ පිළිස්සීමෙන් තුවාල ලබා සිටිය ද ඔහුට තිබෙන්නේ සියයට 30ක පිළිස්සුම් තුවාල පමණක් බව පැවසෙනවා.
  • චෙප්ටෙගේව ඉලක්ක කරගෙන තිබෙන්නේ ඇය ඇගේ දියණියන් දෙදෙනා සමග පල්ලියේ සිට නැවත නිවෙසට පැමිණීමෙන් පසුව බව ඇය ජීවත් වෙමින් පුහුණු වූ කෙන්යාවේ වයඹ දිසාවේ බලධාරීන් පවසනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇයගේ හිටපු පෙම්වතෙකු විසින් ශරීරයට පෙට්‍රල් දමා ගිනිතැබීමෙන් පසුව අද මිය ගියා.

ඉරිදා සිදුවූ මේ ගිනි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබ සිටි 33 හැවිරිදි දුර දිවීමේ ක්‍රීඩිකාව කෙන්යාවේ රෝහල්ගතව සිටියේ ඇගේ ශරීරයේ සියයට 80ක ප්‍රමාණයක් පිළිස්සී ගොස් තිබියදී.

නිවසේ ඇතිවූ ගෘහස්ථ ආරවුලක් යැයි කියනු ලබන සිද්ධියකදී ඇයට ගිනිතැබූ ඇගේ හිටපු පෙම්වතා වන කෙන්යාවේ Dickson Ndiema Marangach ද මේ පිළිස්සීමෙන් තුවාල ලබා සිටිය ද ඔහුට තිබෙන්නේ සියයට 30ක පිළිස්සුම් තුවාල පමණක් බව පැවසෙනවා.

චෙප්ටෙගේව ඉලක්ක කරගෙන තිබෙන්නේ ඇය ඇගේ දියණියන් දෙදෙනා සමග පල්ලියේ සිට නැවත නිවෙසට පැමිණීමෙන් පසුව බව ඇය ජීවත් වෙමින් පුහුණු වූ කෙන්යාවේ වයඹ දිසාවේ බලධාරීන් පවසනවා.

පසුගිය මාසයේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග කළ චෙප්ටෙගේ එහිදී තරගය අවසන් කළේ 44 වැනි ස්ථානයෙන්. 2022 වසරේ තායිලන්තයේ පැවති World Mountain and Trail Running ශූරතාවලියේදී රන් පදක්කම දිනා ගැනීමට චෙප්ටෙගේ සමත් වුනා.


කෙන්යාවේ පුහුණු වන අතරතුර රැඳී සිටීම පිණිස මේ උගන්ඩා දුර දිවීමේ ක්‍රීඩිකාවට කෙන්යාවේ ද නිවසක් තිබුනා. ඇය මේ ඛේදජනක ඉරණමට ගොදුරු වූයේ ඒ නිවසේදී.

ඇයගේ උදරයට හා ශරීරයේ පහළ කොටසට සිදුව තිබෙන බරපතළ තුවාල බැක්ටීරියා ආසාදනයෙන් පැසවීමකට ලක්ව තිබෙන බව රෝහල් ආරංචි මාර්ග කළින් ප්‍රකාශ කර තිබුනා.

උගන්ඩාව සහ කෙන්යාව යන රටවල් දෙක ම මේ ක්‍රීඩිකාව රැකබලා ගැනීම පිණිස රාජ්‍ය මට්ටමෙන් මැදිහත් වුනා. කෙන්යාවේ Eldoret නගරයේ රිෆ්ට් වැලී (Rift Valley) රෝහලේ සිට ඇයව ගුවන් මගින් නයිරෝබි නුවරට විශේෂ සත්කාර පිණිස රැගෙන යාමට රෝහල් බලධාරීන් වෙහෙසෙමින් සිටියා.

චෙප්ටෙගේ ගේ හිටපු පෙම්වතා ඇයගේ නිවසේදී ඇයට ගිනිතබනු ඇයගේ එක් දියණියක් දැක තිබෙනවා. “මම අම්මාව බේර ගන්න එතනට දුවන්න උත්සාහ කරද්දී ඔහු මට පයින් ගැහුවා” යනුවෙන් දියණිය ප්‍රකාශ කර තිබෙනවා.

“මම වහාම උදව් ඉල්ලා කෑගැහුවා. ඒක ඇහිලා දුවගෙන ආපු අසල්වැසියෙක් වතුර දාලා ගින්න නිවන්න උත්සාහ කළා. නමුත් ඒක කරන්න බැරිවුනා” යනුවෙන් නම හෙළි කර නැති දියණිය කියා තිබෙනවා.

චෙප්ටෙගේ ගේ පියා වන ජෝසෆ් චෙප්ටෙගේ දේශීය මාධ්‍යට කියා තිබෙන්නේ තමාගේ දුව උගන්ඩාවේ පුද්ගලයෙකු සමග විවාහ සිටින බව හා ඔහු මේ අවස්ථාවේ කෙන්යාවේ නැති බව යි. තමාට ඉතාමත් ලොකු සහයෝගයක් ලබා දුන් දියණිය තමාට අහිමි වූ බව පියා කියනවා.

තම දියණියගේ මරණය පිළිබඳව යුක්තිය ඉටු කිරීමට සහතික වන ලෙසට ජෝසෆ් චෙප්ටෙගේ කෙන්යානු රජයෙන් ඉල්ලා සිටිනවා. ඔහු මේ ඉල්ලීම කළේ ඔහුගේ දියණිය ප්‍රතිකාර ලැබූ රෝහලෙන් පිටත සිට මාධ්‍යවේදීන් අමතමින්.

“අපට ආහාර ලබා දුන් දුව අපට නැතිවුනා” යනුවෙන් පියා පැවසුවේ රෙබෙකා චෙප්ටෙගේ ගේ වයස අවුරුදු 12 සහ 13 දියණියන් මින් ඉදිරියට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ කෙසේදැයි කල්පනා කරමින්.

චෙප්ටෙගේ ඇයගේ ත්‍යාගශීලී බවට ප්‍රසිද්ධ කෙනෙක්. ඇය නොයෙකුත් අවස්ථාවන්හිදී අනෙක් දුර දිවීමේ ධාවකයන්ට මුදලින් උපකාර කර තිබෙනවා.

චෙප්ටෙගේ සහ ඇයගේ හිටපු පෙම්වතා ඉඩමක් සම්බන්ධයෙන් අඬදබර කරගත් බව පවසන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනවා.

මෑත කාලයේ සිට මැරතන් ධාවන ලෝකයෙන් අසන්නට ලැබුනේ දුක්බර පුවත් ම යි.

චෙප්ටෙගේ ට සිදුවූ මේ අමානුෂික ප්‍රහාරය වාර්තා වන්නේ කෙන්යාවේ උපත ලද ක්‍රීඩිකා Damaris Mutua රිෆ්ට් වැලී හි ජනප්‍රිය දුර දිවීමේ ක්‍රියාකාරී පෙදෙසක් වන Iten හි දී ඝාතනය කර දෙවසරකට පසුව.

sr3423f| Damaris Mutua

ඊට පෙර 2021 වසරේදී, වාර්තාලාභී කෙන්යානු ක්‍රීඩිකා 25 හැවිරිදි Agnes Tirop ඇගේ නිවසේදී පිහියෙන් ඇන මරා දමා තිබුනා. ඇගේ මලසිරුර සොයා ගැනුනේ Iten හි පිහිටි ඇගේ නිවසින්.

ser45234| Agnes Tirop

මේ ඝාතන දෙක ට ම පොලිසිය සැක කරන්නේ මේ ක්‍රීඩිකාවන්ගේ පෙම්වතුන්ව.

Tiropගේ සැමියා දැන් නඩු විභාගයකට පෙනී සිටින අතර ඔහු තමන්ට එරෙහිව නගා තිබෙන චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ අතර Mutuaගේ පෙම්වතා සොයා යාම පොලිසිය දිගටම කරගෙන යනවා.

කාන්තාවන්ට පහර දීම කෙන්යාවේ ප්‍රධාන ගැටළුවක් බවට පත්ව තිබෙනවා. ජාතික සමීක්ෂණයකට අනුව, තමන් ශාරීරික ප්‍රචණ්ඩත්වයට ලක්ව ඇති බව කාන්තාවන්ගෙන් අවම වශයෙන් සියයට 34ක් 2022 වසරේදී ප්‍රකාශ කර තිබුනා.

2023 වසරේ ජනවාරි මාසයේ කෙන්යාවේ ජාතික සංඛ්‍යාන කාර්යාංශය නිකුත් කළ අලුත්ම දත්ත අනුව රටේ කාන්තාවන්ගෙන් සියයට 34ක් වයස අවුරුදු 15 සිට ශාරීරික හිංසනයට ලක්ව ඇති බවට සොයා ගෙන තිබෙනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...