The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

‘බැලන් ඩෝ’ නාම යෝජනා: දශක දෙකකට පසුව පළමු වතාවට මෙසී හා රොනාල්ඩෝ නෑ

T

The Leader Desk

September 7, 2024 • 4:35 PM

‘බැලන් ඩෝ’ නාම යෝජනා: දශක දෙකකට පසුව පළමු වතාවට මෙසී හා රොනාල්ඩෝ නෑ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රීඩකයන්ගේ නාම යෝජනා ඉදිරිපත් කිරීමේදී ලයනල් මෙසී හා ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ එම ලැයිස්තුවේ නොසිටීම විශේෂත්වයක්.
  • දශක දෙකක් තිස්සේ මේ ලැයිස්තුවේ සිටි මේ ක්‍රීඩකයන් දෙදෙනාගේ නාමයන් මෙවර සම්මානය වෙනුවෙන් යෝජනා නොවන්නේ 2003 වසරෙන් පසුව ප්‍රථම වතාවට.
  • ‘බැලන් ඩෝ’ සම්මානය වාර්තාගත අට වතාවක් හිමිකර ගෙන සිටින මෙසී හා ඔහුගේ දීර්ඝ කාලීන ප්‍රතිවාදියා වන මේ සම්මානය පස් වතාවක් දිනා සිටින රොනාල්ඩෝ මේ වසරේ සම්මානය සඳහා ඊයේ නිකුත් කෙරුනු ක්‍රීඩකයන් 30 දෙනෙකුගේ නම් ලැයිස්තුවට ඇතුළත්ව සිටියේ නැහැ.
  • කණ්ඩායම් සගයන් වන Vinicius හා Bellingham රෙආල් මැඩ්රිඩ් කණ්ඩායමට ‘ලා ලීගා’ සහ එම සමාජයේ 16 වැනි චැම්පියන්ස් ලීග් කුසලානය පසුගිය ක්‍රීඩා වාරයේදී දිනා ගැනීමට උපකාරී වුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

ක්‍රීඩකයන්ගේ නාම යෝජනා ඉදිරිපත් කිරීමේදී ලයනල් මෙසී හා ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ එම ලැයිස්තුවේ නොසිටීම විශේෂත්වයක්.

දශක දෙකක් තිස්සේ මේ ලැයිස්තුවේ සිටි මේ ක්‍රීඩකයන් දෙදෙනාගේ නාමයන් මෙවර සම්මානය වෙනුවෙන් යෝජනා නොවන්නේ 2003 වසරෙන් පසුව ප්‍රථම වතාවට.

‘බැලන් ඩෝ’ සම්මානය වාර්තාගත අට වතාවක් හිමිකර ගෙන සිටින මෙසී හා ඔහුගේ දීර්ඝ කාලීන ප්‍රතිවාදියා වන මේ සම්මානය පස් වතාවක් දිනා සිටින රොනාල්ඩෝ මේ වසරේ සම්මානය සඳහා ඊයේ නිකුත් කෙරුනු ක්‍රීඩකයන් 30 දෙනෙකුගේ නම් ලැයිස්තුවට ඇතුළත්ව සිටියේ නැහැ.


සම්මානය සඳහා යෝජිත නාමයන් අතර Vinicius Junior, Rodri, Jude Bellingham, Kylian Mbappe, Erling Haaland සහ Harry Kane යන ක්‍රීඩකයන් ඉදිරියෙන් සිටිනවා.

කණ්ඩායම් සගයන් වන Vinicius හා Bellingham රෙආල් මැඩ්රිඩ් කණ්ඩායමට ‘ලා ලීගා’ සහ එම සමාජයේ 16 වැනි චැම්පියන්ස් ලීග් කුසලානය පසුගිය ක්‍රීඩා වාරයේදී දිනා ගැනීමට උපකාරී වුනා. Haaland ප්‍රිමිය ලීගයේ වැඩිම ගෝල්ලාභියා වූ අතර Kane බුන්ඩස්ලීගා තරගාවලියේ වැඩිම ගෝල්ලාභියා බවට පත්වුනා.

වසර හයක් PSG ක්‍රීඩා සමාජය සමග ගත කිරීමෙන් පසුව Mbappe මේ ගිම්හානය මුලදී රෙආල් මැඩ්රිඩ් කණ්ඩායම වෙත ඔහුගේ අපේක්ෂිත මාරු වීම සිදුකළා.

‘ඉන්ට මයාමි’ කණ්ඩායමට ක්‍රීඩා කරන මෙසී තුවාල ලැබීමෙන් පසුව දැන් නැවත සුවය ලබමින් සිටින අතර ‘බැලන් ඩෝ’ සම්මානය පසුගිය වසරේ දිනා ගත් ක්‍රීඩකයා වූයේ මෙසී.

rt4534
ලයනල් මෙසී මේ සම්මානය සඳහා පළමු වරට නම් කරනු ලැබුවේ 2006 වසරේ. දැන් 37 වැනි වියේ පසුවන ඔහු සිය පළමු ‘බැලන් ඩෝ’ සම්මානය 2009 වසරේ දිනා ගත්තේ නොකඩවා එම සම්මානය හිමිකර ගැනීමේ සිවු වසරක ගමනක් අරඹමින්.

රොනාල්ඩෝ සහ මෙසී මේ සම්මාන තරගය ද්වන්ධ සටනක් බවට පත්කර ගනිමින් 2008 වසරේ සිට 13 වතාවක් කුසලානය දිනා ගෙන තිබෙනවා. ‘බැලන් ඩෝ’ සම්මානය වෙනුවෙන් ප්‍රථම වතාවට 2004 වසරේදී නම් කෙරුනු රොනාල්ඩෝ එය පළමු වරට දිනා ගත්තේ 2008 වස‌රේදී.

sert34534

කාන්තා ‘බැලන් ඩෝ’ සම්මානය සඳහා වන නාම යෝජනා ලැයිස්තුවට අමෙරිකානු පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පස් දෙනෙකු ඇතුළත්ව සිටීම ද විශේෂත්වයක්.

ser23423| Lindsey Horan | Alyssa Naeher | Trinity Rodman | Sophia Smith | Mallory Swanson 
නායිකා හා මැදපෙල ක්‍රීඩිකා Lindsey Horan, ගෝල්රකින්නී Alyssa Naeher සහ ඉදිරි පෙල ක්‍රීඩිකාවන් වන Trinity Rodman, Sophia Smith හා Mallory Swanson මෙවර සම්මාන ලැයිස්තුවේ සිටිනවා. අමෙරිකාව ට 2024 ඔලිම්පික් පාපන්දු කාන්තා රන් පදක්කම ලබා දීමට විශේෂයෙන් දායක වුනේ මේ ක්‍රීඩිකාවන්.

Aitana Bonmati, Mariona Caldentey, Patri Guijarro, Salma Paralluelo සහ Alexia Putellas සම්මානය සඳහා නම් කර තිබෙන ස්පාඤ්ඤ ක්‍රීඩිකාවන් පස් දෙනා. ස්පාඤ්ඤය මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ හිමිකර ගත්තේ සිවුවැනි ස්ථානය. ඒ, ලෝක කාන්තා පාපන්දු කුසලානය දිනා ගෙන වසරකට පසුව.

‘බැලන් ඩෝ’ කාන්තා සම්මානය පසුගිය වසර තුනේදී ම හිමිවූයේ ස්පාඤ්ඤ ක්‍රීඩිකාවන්ට. Putellas දෙවතාවක් මෙය හිමිකර ගත් අතර පසුගිය වසරේ මේ සම්මානය දිනා ගත්තේ Bonmati.

2023 ලෝක කුසලාන අවසාන තරගයේදී ස්පාඤ්ඤය වෙතින් පරාජය ලැබූ එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙකු ද මේ නාම යෝජනා ලැයිස්තුවට ඇතුළත්ව සිටිනවා. ඒ, Lauren Hemp, Lauren James හා Lucy Bronze.

srt45345| Lauren Hemp | Lauren James | Lucy Bronze

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...