The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඔලී පෝප්: පළමු ටෙස්ට් ශතක 7 රටවල් 7කට එරෙහිව ලබාගත් එකම පිතිකරුවා

T

The Leader Desk

September 9, 2024 • 8:55 AM

ඔලී පෝප්: පළමු ටෙස්ට් ශතක 7 රටවල් 7කට එරෙහිව ලබාගත් එකම පිතිකරුවා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිය 49 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් පෝප් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මේ වැදගත් අවස්ථාව සනිටුහන් කළේ ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකාව ට එරෙහි තෙවැනි ටෙස්ට් තරගයේ ආරම්භක දිනයේ.
  • එය ඔහුගේ පළමු පංතියේ ක්‍රිකට් ක්‍රීඩාවේ 12 වැනි ශතකය හා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ 7 වැනි ශතකය යි.
  • ඔලී පෝප්ගේ මේ වාර්තාගත ශතක හතේ ගමන ආරම්භ වූයේ 2020 වසරේ ජනවාරි මාසයේ.
  • එහිදී ඔහු අංක 6 පිතිකරුවා ලෙස පන්දුවට පහර දෙමින් නොදැවී ලකුණු 135ක් රැස් කිරීමට සමත් වුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉතිහාසගතව සිටිනවා.

සිය 49 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් පෝප් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මේ වැදගත් අවස්ථාව සනිටුහන් කළේ ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකාව ට එරෙහි තෙවැනි ටෙස්ට් තරගයේ ආරම්භක දිනයේ.

ඔලී පෝප් නැවත දස්කම් අතරට පිවිසීම සැලකිය යුතු දෙයක් වන්නේ මෑත කාලයේ ඔහු ලකුණු අතරට පිවිසීමේ අසීරුතාවකට මුහුණ දී සිටි බැවින්. ශ්‍රී ලංකාව ට එරෙහි ටෙස්ට් තරගමාලාව ආරම්භයේදී ආබාධයට ලක්වූ නායක බෙන් ස්ටෝක්ස් වෙනුවට තාවකාලික එංගලන්ත නායකත්වයට පිවිසීමෙන් පසුව මේ තරගයට පෙර ක්‍රීඩා කළ ඉනිම හතරේදී පෝප් ලබා ගෙන තිබුනේ ලකුණු 30ක් පමණයි.

oli pope

ශ්‍රී ලංකාව ට එරෙහි පෝප්ගේ සිකුරාදා ඉනිම එංගලන්ත නායකයා ලෙස ඔහු වාර්තා කළ ප්‍රථම ශතකය යි. එය ඔහුගේ පළමු පංතියේ ක්‍රිකට් ක්‍රීඩාවේ 12 වැනි ශතකය හා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ 7 වැනි ශතකය යි. ඔහු මේ ශතක ලබා ගැනීමේදී මුහුණ දුන් පන්දු යවන්නන්ගේ විවිධත්වය සැලකිල්ලට ගත් විටයි මේ දක්ෂතාවයේ අගය දැනෙන්නේ.


ඔලී පෝප්ගේ මේ වාර්තාගත ශතක හතේ ගමන ආරම්භ වූයේ 2020 වසරේ ජනවාරි මාසයේ. ඒ, දකුණු අප්‍රිකාව ට එරෙහිව. එහිදී ඔහු අංක 6 පිතිකරුවා ලෙස පන්දුවට පහර දෙමින් නොදැවී ලකුණු 135ක් රැස් කිරීමට සමත් වුනා. අංක 3 පිතිකරුගේ ස්ථානයෙන් පිට ක්‍රීඩා කරමින් පෝප් ලබා ගත් එක ම ශතකයයි ඒ.

තමන්ගේ ඊළඟ ශතකය එනතෙක් පෝප් වසර දෙකක් බලා සිටියා. එය පැමිණියේ නවසිලන්තය ට එරෙහිව නොටිංහැම් හි දී 2022 වසරේ ජනවාරියේ. එහිදී ඔහු ලකුණු 145ක් ලබා ගත් අතර එය අංක 3 ස්ථානයේ පිතිකරුවා ලෙස ඔහු වාර්තා කළ පළමු ශතකය වුනා.

 

sevenඑංගලන්ත වැඩබලන ටෙස්ට් ක්‍රිකට් නායක ඔලී පෝප් (Ollie Pope) පළමු ටෙස්ට් ශතක හත විවිධ රටවලට එරෙහිව වාර්තා කළ පළමු ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉතිහාසගතව සිටිනවා.

2022 වසරේ දෙසැම්බරයේදී, පෝප් ඔහුගේ තෙවැනි ටෙස්ට් ශතකය ලබා ගත්තේ වේගවත් පිතිකරණයක නියැලෙමින්. රාවල්පින්ඩි හි පාකිස්තානය ට එරෙහිව ඔහු ලකුණු 108ක් රැස් කළේ පන්දු 104කින්.

සිවු වැනි ශතකය පැමිණියේ 2023 වසරේ ජූනි මාසයේ. ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී අයර්ලන්තය ට එරෙහිව පන්දු 208කින් අගනා ලකුණු 205ක් ලබා ගනිමින් පෝප් එදා වාර්තා කළේ ඔහුගේ පළමු ටෙස්ට් ද්විත්ව ශතකය.

2024 වසරේ ඔලී පෝප් ඉන්දියානු පොලවේ සංචාරක පිතිකරුවෙකු ක්‍රීඩා කළ හොඳම ඉනිම ප්‍රදර්ශනය කළා. හයිද්‍රබාද් හි දී ඉන්දියාව ට එරෙහිව එදා ලකුණු 196ක් රැස් කිරීමට පෝප් සමත් වුනා.

පෝප්ගේ හය වැනි ශතකය සටහන් වූයේ 2024 ජූලි මාසයේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව. නොටිංහැම් හි පැවති තරගයේදී ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 121ක්.

22772587 8a71 43e1 b2e9 0f1af394a773ඔලී පෝප් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන විවිධ රටවල් හතකට එරෙහිව ඔහුගේ ශතක හත සම්පූර්ණ කළේ එකිනෙකට වෙනස් වූ ක්‍රීඩාංගණ හයක ක්‍රීඩා කරමින් වීම විශේෂත්වයක්

 

සිකුරාදා ඕවල් හි දී ශ්‍රී ලංකාව ට එරෙහිව ලබා ගත් ලකුණු 103ත් සමග ඔලී පෝප් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන විවිධ රටවල් හතකට එරෙහිව ඔහුගේ ශතක හත සම්පූර්ණ කළේ එකිනෙකට වෙනස් වූ ක්‍රීඩාංගණ හයක ක්‍රීඩා කරමින් වීම විශේෂත්වයක්. මේ දක්ෂතාව වසර 147ක ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ පළමුවැන්නක්.


ඔලී පෝප් තවමත් ශතකයක් ලබා ගෙන නැත්තේ ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, සිම්බාබ්වේ හා ඇෆ්ගනිස්තානය යන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් හතරට එරෙහිව පමණයි. මේ රටවල් අතරින් ඔස්ට්‍රේලියාව හැරුනු විට සෙසු රටවල කණ්ඩායම් සමග පෝප් මේ දක්වා තරග කර නැහැ.


සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඔලී පෝප්: පළමු ටෙස්ට් ශතක 7 රටවල් 7කට එරෙහිව ලබාගත් එකම පිතිකරුවා | The Leader