The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

නංගිගේ මඟුල වෙනුවට අයියලාගේ අවමඟුල් දෙකක්

T

The Leader Desk

September 9, 2024 • 12:10 PM

නංගිගේ මඟුල වෙනුවට අයියලාගේ අවමඟුල් දෙකක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙත් දෛවයේ කුරිරු සරදමින් මේ පවුලේ අයට විවාහ උත්සවයකින් ප්‍රීති වනවා වෙනුවට සිදුවූයේ අවමඟුල් දෙකකින් ශෝක වීමට.
  • හැවිරිදි ජොනී ගුඩ්රෝ (Johnny Gaudreau) සහ 29 හැවිරිදි මැතිව් ගුඩ්රෝ (Matthew Gaudreau) අමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ Oldsmans නගර ප්‍රදේශයේ මීදුමින් වැසී ගිය 551 මාර්ගයේ පාපැදිවලින් යන විට හිරු බැස ගොස් තිබුනා.
  • ඒ රාත්‍රියේ තමා බීර බෝතල් පහක් හෝ හයක් පානය කර සිටි බව 43 හැවිරිදි රියදුරු ෂෝන් හිගින්ස් (Sean Higgins) පසුව නිව් ජර්සි ප්‍රාන්ත පොලිසියට ප්‍රකාශ කර තිබුනා.
  • එහෙත් හිගින්ස්ගේ ඊළඟ ක්‍රියාවෙන් සොහොයුරන්ගේ රාත්‍රී බයිසිකල් ධාවනය ඛේදවාචකයක් බවට පරිවර්තනය වුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත් දෛවයේ කුරිරු සරදමින් මේ පවුලේ අයට විවාහ උත්සවයකින් ප්‍රීති වනවා වෙනුවට සිදුවූයේ අවමඟුල් දෙකකින් ශෝක වීමට.

31 හැවිරිදි ජොනී ගුඩ්රෝ (Johnny Gaudreau) සහ 29 හැවිරිදි මැතිව් ගුඩ්රෝ (Matthew Gaudreau) අමෙරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ Oldsmans නගර ප්‍රදේශයේ මීදුමින් වැසී ගිය 551 මාර්ගයේ පාපැදිවලින් යන විට හිරු බැස ගොස් තිබුනා.

 

dims.apnews

අයිස් හොකී ක්‍රීඩාවේ සහජ දක්ෂතාවක් තිබූ ජොනී හා මැතිව් ට ක්ෂිතජයේ පෙනෙන්නට තිබුනේ ඉතාමත් හොඳ සාර්ථකත්වයක්. ‘ජොනී හොකී’ ලෙසින් ඉතාමත් ජනප්‍රියව සිටි ජොනී උතුරු අමෙරිකාවේ වෘත්තීය අයිස් හොකී ලීගය වන NHL හි Calgary Flames කණ්ඩායම විසින් විදුහලේ සිට කෙළින් ම සුවිශේෂ වෘත්තීය ක්‍රීඩා දිවියක් ආරම්භ කිරීම සඳහා තෝරා ගැනීමට පෙර ජොනී සහ මැතිව් බොස්ටන් විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා වාරයක සෙල්ලම් කළේ එකට.

johnny matthewAP81654

 

ඔවුන්ගේ පවුල ව්‍යාප්ත වෙමිනුයි තිබුනේ. තම පවුලට තවත් සහෝදරයෙක් සාදරයෙන් පිළිගැනීමට ඔවුන් කටයුතු කරමින් සිටියේ ඔවුන්ගේ සොහොයුරිය වන කේටී ගුඩ්රෝ (Katie Gaudreau) ඇයගේ පෙම්වතා සමග ෆිලඩෙල්ෆියා නගරය අසල නිව් ජර්සි හි ග්ලොස්ට නුවරදී විවාහ වීමට සූදානම් වෙමින් සිටි බැවින්.

මැතිව් ගුඩ්රෝගේ බිරිඳ මැඩලින් ගුඩ්රෝ (Madeline Gaudreau) සිටියේ ඔවුන්ගේ පළමු දරුවාගේ උපත බලාපොරොත්තුවෙන්. හිටපු උසස් පාසල් හොකී පුහුණුකරුවකු හා අනාගත පියා එළඹෙන දෙසැම්බරයේදී මෙලොව එළිය දැකීමට නියමිත ට්‍රිප් (Tripp) නමැති පිරිමි දරුවාගේ අති ධ්වනිය තීරුවක ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ පෝස්ට් කර තිබුනේ ඉතාමත් ආඩම්බරයෙන්.

 

AP24249042442055 1568x1015

ගුඩ්රෝ පවුල විවාහ උත්සවයකට සූදානම් වෙමින් සිටි රාත්‍රියේ, බීමත් රියදුරෙක් ගුඩ්රෝ සොහොයුරන් පාපැදි ධාවනය කරමින් සිටි මාර්ගයේ ම ඔහුගේ ජීප් රථය පදවමින් සිටියා. ඒ රාත්‍රියේ තමා බීර බෝතල් පහක් හෝ හයක් පානය කර සිටි බව 43 හැවිරිදි රියදුරු ෂෝන් හිගින්ස් (Sean Higgins) පසුව නිව් ජර්සි ප්‍රාන්ත පොලිසියට ප්‍රකාශ කර තිබුනා. සෙමෙන් ධාවනය කරමින් තිබූ සෙඩාන් රථයක් හා SUV රථයක් පසු කිරීමට උත්සාහ කරමින් සිටි හිගින්ස් ට සෙඩාන් රිය පසු කිරීමට හැකිවුනා. ගුඩ්රෝ සොහොයුරන් මාර්ගයේ බයිසිකල් පදිමින් එනු දුටූ SUV රථයේ රියදුරා ඔවුන් පරිස්සමෙන් පසුකර යාම පිණිස මාර්ගයේ මැද ධාවන පථයට රථය ගෙන ආවා. එහෙත් හිගින්ස්ගේ ඊළඟ ක්‍රියාවෙන් සොහොයුරන්ගේ රාත්‍රී බයිසිකල් ධාවනය ඛේදවාචකයක් බවට පරිවර්තනය වුනා.

n8uy

 

SUV රථය පසු කිරීමට උත්සාහ කළ රියදුරා ජොනී හා මැතිව් ගුඩ්රෝ සමග වේගයෙන් ගැටුනේ සොයුරිය විවාහ වනු දැකීමේ අවස්ථාව සොයුරන්ට සදහටම අහිමි කරමින්. බොහෝ දෙනා ආදරය කළ සැමියෙක් හා දරු දෙදෙනෙකුගේ පියෙකු වූ ජොනී ඔහුගේ බාල සොහොයුරා සමග ඒ අවාසනාවන්ත රාත්‍රියේ 551 මාර්ගයේදී මිය ගියා.

මාරක රියදුරු හිගින්ස් ට නිව් ජර්සි රාජ්‍ය බන්ධනාගාරයේ දස වසරක උපරිම සිරදඬුවමක් නියම වීමට ඉඩ තිබෙනවා.

හිම මත හොකී ක්‍රීඩාවේ පමණක් නොව අනෙක් ක්‍රීඩාවන්හිදී ද ලොව සෑම තැනකම ගුඩ්රෝ සොයුරන් දෙදෙනා වෙනුවෙන් විවිධ ආකාරයෙන් ශෝකය පළ කෙරුනේ මුළු මහත් ක්‍රීඩා ලෝකය ම කම්පාවට පත්වෙමින්.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නංගිගේ මඟුල වෙනුවට අයියලාගේ අවමඟුල් දෙකක් | The Leader