The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

දශකයකට පසු ශ්‍රී ලංකාවට එංගලන්තයේදී ටෙස්ට් තරග ජයක්

T

The Leader Desk

September 9, 2024 • 2:38 PM

දශකයකට පසු ශ්‍රී ලංකාවට එංගලන්තයේදී ටෙස්ට් තරග ජයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2-1 ක් ලෙස එංගලන්තය ජය ගනු ලැබුව ද, අවසන් තරගයේදී සත්කාරක එංගලන්තයට දැඩි අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකාව සමත්විය.
  • ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගනු ලැබුවේ, කඩුලු 8කිනි.
  • ශ්‍රී ලංකාවට වඩා ප්‍රබල තත්ත්වයක පසුවූ එංගලන්ත කණ්ඩායමේ දෙවන ඉනිම ලකුණු 156කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.
  • ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය වූයේ, ලකුණු 219කි.
අකුරු ප්‍රමාණය (Font Size):


තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2-1 ක් ලෙස එංගලන්තය ජය ගනු ලැබුව ද, අවසන් තරගයේදී සත්කාරක එංගලන්තයට දැඩි අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකාව සමත්විය.

ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගනු ලැබුවේ, කඩුලු 8කිනි.

ශ්‍රී ලංකාවට වඩා ප්‍රබල තත්ත්වයක පසුවූ එංගලන්ත කණ්ඩායමේ දෙවන ඉනිම ලකුණු 156කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය වූයේ, ලකුණු 219කි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම ජයග්‍රහණය සුවිශේෂි වන්නේ, තරගාවලියේ මුල් තරග දෙක ම එංගලන්තය ජය ලැබීම නිසා ය. තරගාවලියේ තරග තුන ම දින 4කින් අවසන් වීම ද සුවිශේෂී විය.

sedrw3ශ්‍රී ලංකාවට වඩා ප්‍රබල තත්ත්වයක පසුවූ එංගලන්ත කණ්ඩායමේ දෙවන ඉනිම ලකුණු 156කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය වූයේ, ලකුණු 219කි.

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තරගය කනපිට පෙරළති

දෙවන ඉනිමේදී තරගයේ වාසිය ශ්‍රී ලංකාවට හරවා දීමට විශ්ව ප්‍රනාන්දු සමත්විය. ජෝ රූට් සහ හැරී බෘක්ගේ කඩුලු පන්දු 6ක් ඇතුළත දවා ගැනීමට ඔහු සමත්විය. ඒ සමග ම එංගලන්ත ඉනිමේ මුල් කඩුලු 7ම ලකුණු 82ක් ඇතුළත බිඳ වැටිණි.

කෙසේ වෙතත්, 8 වන කඩුල්ලට එක් වුණු කඩුලු රකින ජැමී ස්මිත් (67) සහ ඔලී ස්ටෝන් දෙදෙනා එංගලන්ත ලකුණු පුවරුව ඉදිරියට රැගෙන ගියහ.

srt4534fffපන්දු යැවීමේදී ළහිරු කුමාර ලකුණු 21කට කඩුලු 4ක් සහ විශ්ව ප්‍රනාන්දු ලකුණු 40කට කඩුලු 3ක් දවා ගනු ලැබූහ. ඊට අමතරව අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් සහ මිලාන් රත්නායක එක් කඩුල්ලක් බිඳ හෙළූහ.
පන්දු යැවීමේදී ළහිරු කුමාර ලකුණු 21කට කඩුලු 4ක් සහ විශ්ව ප්‍රනාන්දු ලකුණු 40කට කඩුලු 3ක් දවා ගනු ලැබූහ. ඊට අමතරව අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් සහ මිලාන් රත්නායක එක් කඩුල්ලක් බිඳ හෙළූහ.

පළමු ඉනිමේදී නායක ධනංජය ද සිල්වා ලකුණු 69ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 64ක් රැස් කළහ. ඔවුන් දෙදෙනා අතර හය වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 127ක් විය. කෙසේ වෙතත්, ධනංජය ද සිල්වා දැවී යෑමත් සමග ලකුණු 43ක් ඇතුළත ශ්‍රී ලංකා ඉනිම නිමාවට පත් කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත්වූහ.

එංගලන්තය පළමු ඉනිම පන්දු වාර 69.1කදී සියලු දෙනා දැවී ලකුණු 325ක් රැස් කළ අතර ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී පන්දු වාර 61.2කදී සියලු දෙනා දැවී ලකුණු 263ක් රැස් කළේ ය.

පැතුම් නිස්සංක ඕවල් පිටියේදී සිය දෙවන ශතකය වාර්තා කිරීමට අද සමත්විය. නොදැවී ලකණු 127ක් රැසකළ පැතුම් නිස්සංක ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගියේ ඇන්ජලෝ මැතිව්ස් සමග අගනා සබඳතාවක් ගොඩ නගමිනි.

(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...