The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

බොක්සිං ක්‍රීඩාවේ ඔලිම්පික් තත්ත්වය අනතුරේ

T

The Leader Desk

September 11, 2024 • 4:06 PM

බොක්සිං ක්‍රීඩාවේ ඔලිම්පික් තත්ත්වය අනතුරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බේරා ගැනීමේ උවමනාවෙන් පසුවන ලෝක බොක්සිං සමූහයට (World Boxing) පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මතභේදාත්මක බොක්සිං ක්‍රීඩිකා ඉමාන් කලීෆ් අයත් ඇල්ජීරියානු බොක්සිං සම්මේලනය එක්ව සිටිනවා.
  • ඇල්ජීරියාව මෙන්ම ජපානය ද මේ ලෝක බොක්සිං සමූහයට බැඳීමත් සමග එහි සාමාජිකත්වය ජාතික බොක්සිං සම්මේලන 45ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර තවත් රටවලින් අයැදුම් පත් ලැබෙමින් පවතිනවා.
  • IOC විසින් 2023 වසරේ ජූනි මාසයේදී IBA අහෝසි කරන ලද අතර මේ දෙපාර්ශවය අතර තිබෙන වසර ගණනාවක මතභේදය පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී උත්සන්න වුනා.
  • IBA විසින් කලීෆ් හා ලින් යන ක්‍රීඩිකාවන් 2023 කාන්තා ලෝක බොක්සිං ශූරතාවලියෙන් ඉවත් කර තිබුනේ ඔවුන් ලිංගිකත්වයේ සුදුසුකම් ලබා ගැනීමේ පරීක්ෂණවලින් අසමත් වූ බව පවසමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

බේරා ගැනීමේ උවමනාවෙන් පසුවන ලෝක බොක්සිං සමූහයට (World Boxing) පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මතභේදාත්මක බොක්සිං ක්‍රීඩිකා ඉමාන් කලීෆ් අයත් ඇල්ජීරියානු බොක්සිං සම්මේලනය එක්ව සිටිනවා.

ඇල්ජීරියාව මෙන්ම ජපානය ද මේ ලෝක බොක්සිං සමූහයට බැඳීමත් සමග එහි සාමාජිකත්වය ජාතික බොක්සිං සම්මේලන 45ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර තවත් රටවලින් අයැදුම් පත් ලැබෙමින් පවතිනවා.

බොක්සිං ක්‍රීඩාවේ ඔලිම්පික් තත්ත්වය වර්තමානයේ තිබෙන්නේ අවිනිශ්චිත තත්ත්වයක. ජාත්‍යන්තර බොක්සිං සංගමය - International Boxing Association (IBA) - සමග වසර ගණනාවක් තිස්සේ පැවැත්වෙන ආරවුලෙන් පසුව විශ්වාසනීය ගෝලීය පාලක මණ්ඩලයක් බොක්සිං ක්‍රීඩාව වෙනුවෙන් ස්ථාපිත කර ගැනීම පිණිස ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) ලබන වසරේ මුල දක්වා වන අවසන් කාල සීමාවක් ලබා දී තිබෙනවා.

zxdfwe54
IOC විසින් 2023 වසරේ ජූනි මාසයේදී IBA අහෝසි කරන ලද අතර මේ දෙපාර්ශවය අතර තිබෙන වසර ගණනාවක මතභේදය පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී උත්සන්න වුනා. පැරිසියේදී, කලීෆ් හා තවත් රන් පදක්කම්ලාභිනියක වන තායිවානයේ ලින් යූ-ටිං ඔවුන්ගේ ස්ත්‍රී-පුරුෂ භාවය සම්බන්ධයෙන් ගෝලීය මතභේදයකට මැදිවුනා.

IBA විසින් කලීෆ් හා ලින් යන ක්‍රීඩිකාවන් 2023 කාන්තා ලෝක බොක්සිං ශූරතාවලියෙන් ඉවත් කර තිබුනේ ඔවුන් ලිංගිකත්වයේ සුදුසුකම් ලබා ගැනීමේ පරීක්ෂණවලින් අසමත් වූ බව පවසමින්. එහෙත් IOCයේ සහයෝගය මත මේ බොක්සිං ක්‍රීඩිකාවන් දෙදෙනා පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබුවේ මේ ක්‍රීඩිකාවන්ගේ පරීක්ෂණ සම්බන්ධයෙන් IBA විසින් ඉදිරිපත් කරන ලද කරුණුවල අපැහැදිලි බවක් පෙනෙන්නට තිබු නිසා.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පටන් තායිවානය ද සාමාජිකයෙකු ලෙස බඳවා ගෙන සිටින ලෝක බොක්සිං සමූහය බොක්සිං ක්‍රීඩාවේ පිළිගත් ජාත්‍යන්තර පාලක මණ්ඩලය බවට පත්වීම සඳහා IOCය සමග කටයුතු කරමින් සිටිනවා.

“අපේ ක්‍රීඩාව හරහා තිබෙන පුළුල්ව ව්‍යාප්ත වූ වෙනසක අභිලාෂයට තවත් සාක්ෂියකි ඇල්ජීරියාව හා ජපානය අප සමග එක්වීමට ගත් තීරණය” යනුවෙන් ලෝක බොක්සිං සභාපති Boris van der Vorst ප්‍රකාශ කරනවා.

dfsf| Boris van der Vorst
“ඔලිම්පික් ක්‍රීඩාවේ හදවතේ බොක්සිං ක්‍රීඩාව රැකගෙන සිටීම කොතරම් වැදගත් ද යන්න මෙයින් පැහැදිලි කෙරෙනවා.”

2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග වැඩසටහනේ බොක්සිං ක්‍රීඩාව ස්ථාපිත කිරීම පිණිස ජාතික සම්මේලන ලෝක බොක්සිං සමූහය වටා රොක්වීමට තිබෙන කාලය අඩු වෙමින් යන බව Vorst පෙන්වා දෙනවා.

ජාතික බොක්සිං සම්මේලනවලට ඔවුන්ගේ පක්ෂපාතිත්වය IBA සමග තබා ගන්නා අතරතුර ලෝක බොක්සිං සමූහය සමග ද එක්විය හැකි බව ඔහු සඳහන් කරනවා.

“මෙය ලෝක බොක්සිං හා IBA අතර තරගයක් නෙවෙයි. මෙය බොක්සිං ක්‍රීඩාව ඔලිම්පික්වල තබා ගැනීම පිළිබඳ කාරණයක්. යම් රටක ජාතික සංගමයක් වෙනත් ජාත්‍යන්තර සම්මේලනයක් සමග සිටීමට කැමති වීම මට ප්‍රශ්නයක් නෙවෙයි. ඒක ඒගොල්ලන්ට අයිති දෙයක්. නමුත් ඔවුන් ඒ සම්මේලනයේ සිටින අතරතුර ලෝක බොක්සිං සමූහය සමගත් එකතු වෙන්න ඔවුන්ට පුළුවන්.”

IBA සමග රැඳී සිටීමට ආසියානු බොක්සිං සම්මේලනය පසුගිය මාසයේ තීරණය කළා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...