The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පැරිස් ඔලිම්පික් උළෙලට පහර දීමේ සැලසුම් තුනක් වැළැක්වීමට ප්‍රංශය සමත් වෙයි

T

The Leader Desk

September 12, 2024 • 10:59 AM

පැරිස් ඔලිම්පික් උළෙලට පහර දීමේ සැලසුම් තුනක් වැළැක්වීමට ප්‍රංශය සමත් වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ කුමන්ත්‍රණ තුනට ඊශ්‍රායල් ආයතන හෝ ඊශ්‍රායලය නියෝජනය කරන්නන්ට පහර දීමේ සැලසුම් ද ඇතුළත්ව තිබූ බව ප්‍රංශයේ ජාතික ත්‍රස්ත විරෝධී පැමිණිල්ල මෙහෙයවන්නා වන ඔලිවිය ක්‍රිස්ටන් (Olivier Christen) අනාවරණය කරනවා.
  • ඊශ්‍රායල ක්‍රීඩා කණ්ඩායම පමණක් විශේෂයෙන් ඉලක්ක කර නොතිබූ බව ද ඔහු කියන්නේ වැඩි විස්තර හෙළි නොකරමින්.
  • මේ සැකකරුවන් දැන්‌ ත්‍රස්තවාදයට අදාළ නොයෙකුත් චෝදනාවන්ට මුහුණ දී සිටින අතර ඔවුන් නඩු විභාගයට පෙර රඳවා ගැනීමක පසුවන බව නීතිඥවරයා සඳහන් කරනවා.
  • Saint-Etienne නගරයේ Geoffroy-Guichard ක්‍රීඩාංගණය වටා තිබෙන අවහන්හල් මාදිලියේ ස්ථාන ඉලක්ක කරගෙන මේ ප්‍රහාර සිදු කිරීමට සැලසුම් කර තිබූ බව පැමිණිල්ලේ නීතිඥවරයා කියනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ කුමන්ත්‍රණ තුනට ඊශ්‍රායල් ආයතන හෝ ඊශ්‍රායලය නියෝජනය කරන්නන්ට පහර දීමේ සැලසුම් ද ඇතුළත්ව තිබූ බව ප්‍රංශයේ ජාතික ත්‍රස්ත විරෝධී පැමිණිල්ල මෙහෙයවන්නා වන ඔලිවිය ක්‍රිස්ටන් (Olivier Christen) අනාවරණය කරනවා.

ඊශ්‍රායල ක්‍රීඩා කණ්ඩායම පමණක් විශේෂයෙන් ඉලක්ක කර නොතිබූ බව ද ඔහු කියන්නේ වැඩි විස්තර හෙළි නොකරමින්.

 

ඔලිවිය ක්‍රිස්ටන් (Olivier Christen)

බාලවයස්කාරයෙකු ද ඇතුළුව පුද්ගලයන් පස් දෙනෙක් මේ කුමන්ත්‍රණ තුනට සැක කරමින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සැකකරුවන් දැන්‌ ත්‍රස්තවාදයට අදාළ නොයෙකුත් චෝදනාවන්ට මුහුණ දී සිටින අතර ඔවුන් නඩු විභාගයට පෙර රඳවා ගැනීමක පසුවන බව නීතිඥවරයා සඳහන් කරනවා.

 

පසුගිය සතියේ අවසන් වූ ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩා උළෙලන් වෙනුවෙන් ප්‍රංශය සිටියේ ඔවුන්ගේ උපරිම ආරක්ෂක සෝදිසියෙන්. 

ආයුධ සන්නද්ධ කල්ලි, පාරිසරික ක්‍රියාකාරීන් සහ රුසියාව හෝ අනෙක් විරුද්ධවාදීන්ගේ සයිබ ප්‍රහාර මේ ආරක්ෂක තර්ජනවලට ඇතුළත්ව තිබෙන බවට ක්‍රීඩා උළෙල සඳහා සූදානම් වන කාලය තුළ අභ්‍යන්තර කටයුතු ඇමති Gerald Darmanin නැවත නැවතත් අනතුරු අඟවා තිබුනා. 

ඔලිම්පික් පාපන්දු තරගවලට ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලැස්මක් පිටුපස සිටින බවට සැකපිට චෙච්නියාවේ 18 හැවිරිදි පුද්ගලයෙක් අභ්‍යන්තර ආරක්ෂක නිලධාරීන් විසින් මැයි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

 

0000NAN 000 34UD38H 1 jpg

Saint-Etienne නගරයේ Geoffroy-Guichard ක්‍රීඩාංගණය වටා තිබෙන අවහන්හල් මාදිලියේ ස්ථාන ඉලක්ක කරගෙන මේ ප්‍රහාර සිදු කිරීමට සැලසුම් කර තිබූ බව පැමිණිල්ලේ නීතිඥවරයා කියනවා. ISIL (ISIS) ත්‍රස්ත මතවාදය වෙනුවෙන් ප්‍රචණ්ඩ ක්‍රියාවක් සැලසුම් කළ බවටයි සැකකරුට චෝදනා ගොනු කර තිබෙන්නේ.

ඔලිම්පික් පාපන්දු තරගවලට පහර දීමේ සැලැස්මක් ව්‍යර්ථ කිරීමට ප්‍රංශය සමත් වෙයිපොලිසිය හා අනෙක් ආරක්ෂක නිලධාරීන් 2024 වසරේ මේ දක්වා නිවාස සෝදිසි කිරීම් 936ක් සිදුකර තිබෙන බව කියා සිටිනවා.

 

ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භ වීමට පෙර නිවාස සෝදිසිය වැඩි කිරීම හා නිවාසවලට පැමිණ අත්අඩංගුවට ගැනීම ත්‍රස්ත ප්‍රහාර වැළැක්වීමේ ක්‍රමවේදයන්ට ඇතුළත්ව තිබුනේ යැයි පවසන ඔලිවිය ක්‍රිස්ටන්, පොලිසිය හා අනෙක් ආරක්ෂක නිලධාරීන් 2024 වසරේ මේ දක්වා නිවාස සෝදිසි කිරීම් 936ක් සිදුකර තිබෙන බව කියා සිටිනවා. පසුගිය වසරේ සිදු කළ මෙවැනි සෝදිසි කිරීම් සංඛ්‍යාව වූයේ 153ක් පමණයි.

ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩා උළෙලන් පැවැත්වෙන කාලය තුළ ප්‍රංශය ගුවන් කලාප ආරක්ෂාව ද තර කළේ යුද ගුවන් යානා, ප්‍රහාරක හෙලිකොප්ටර, නිරීක්ෂණ ගුවන් යානා, හමුදා සහ පොලිස් ඩ්‍රෝන යනාදිය පැරිස් නගරය සහ ඔරු පැදීම හා පාපන්දු තරග පැවැත්වූ  මාසේ වරාය නගරයට ඉහළ අහසේ මුර සංචාර සඳහා යොදවමින්.

 

b8963c4 2024 07 23t150721z 1762916752 rc2119akfbc5 rtrmadp 3 olympics 2024 security

ප්‍රංශ ගුවන් හා අභ්‍යාවකාශ හමුදාව මෙහෙයුම් 350කදී ගුවන් ගමන් 750කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණ කරමින් නීතිවිරෝධී කටයුතු 90ක් නවත්වා ගත් බව හමුදා බලඇණි අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා. ගුවනේදී සිදුකළ මේ බොහෝ නතර කිරීම් සහ බාධා කිරීම්වලට භාජනය වූයේ සිවිල් ඩ්‍රෝන යානා වන අතර මේ ඩ්‍රෝන මෙහෙයවූ 85 දෙනෙක් අත්අඩංගුවට ගත් බව එම නිවේදනයෙන් කියනවා. මෙයින් බොහෝ දෙනෙක් ඔලිම්පික් හා පැරාලිම්පික් වෙනුවෙන් පනවා තිබූ නීති ගැන නොදන්නා සංචාරකයන්.

සිවිල් ඩ්‍රෝන මෙහෙයවන්නන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඔවුන් නීතිවිරෝධී උපකරණ බන්ධනාගාරයකට ගෙන යමින් සිටියදී බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...