The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පාපන්දු තරග පාවාදීමේ චීන චෝදනාව දකුණු කොරියානු ක්‍රීඩකයා ප්‍රතික්ෂේප කරයි

T

The Leader Desk

September 13, 2024 • 10:35 AM

පාපන්දු තරග පාවාදීමේ චීන චෝදනාව දකුණු කොරියානු ක්‍රීඩකයා ප්‍රතික්ෂේප කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තමා මේ අසත්‍ය පාපොච්චාරණය සිදු කළේ තමා අත්අඩංගුවේ සිටියදී එසේ කියන ලෙසට බලකෙරුනු නිසා යැයි මේ ක්‍රීඩකයා කඳුළු පිරි දෑසින් යුතුව සෝල් අගනුවරදී ප්‍රකාශ කළේ තරග පාවාදුන් බවට චීන බලධාරීන් නගන චෝදනා ප්‍රතික්ෂේප කරමින්.
  • තරග පාවාදීම හා සූදු ක්‍රියාවන්හි නිරත වීමේ චෝදනා මත සොන් ඇතුළු ක්‍රීඩකයන් 38 දෙනෙකුට හා නිලධාරීන් 5 දෙනෙකුට චීන පාපන්දු සංගමය විසින් ජීවිතාන්තය දක්වා පාපන්දු ක්‍රීඩා තහනමක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
  • “ඔවුන්ට තිබෙන එකම සාක්ෂිය මාව බලයෙන් නම්මාගෙන මගෙන් ගත් අසත්‍ය ප්‍රකාශය යි” ඔහු පැවසුවේ හඬා වැටෙමින්.
  • තමාව නිදහස් කරන කොන්දේසිය මත තමා අත්අඩංගුවේ සිටි කාලය තුළ ලැබූ අත්දැකීම් පිළිබඳව කතා නොකිරීමට එකඟ වූව ද දැන් කතා කිරීමට තමා තීරණය කළේ චීන තරග තහනම් කිරීමට තමාවද ඇතුළත් කිරීමෙන් හටගත් මහත් කම්පාව නිසා යැයි දකුණු කොරියානු පාපන්දු ක්‍රීඩකයා ප්‍රකාශ කළා.
අකුරු ප්‍රමාණය (Font Size):

තමා මේ අසත්‍ය පාපොච්චාරණය සිදු කළේ තමා අත්අඩංගුවේ සිටියදී එසේ කියන ලෙසට බලකෙරුනු නිසා යැයි මේ ක්‍රීඩකයා කඳුළු පිරි දෑසින් යුතුව සෝල් අගනුවරදී ප්‍රකාශ කළේ තරග පාවාදුන් බවට චීන බලධාරීන් නගන චෝදනා ප්‍රතික්ෂේප කරමින්.

තරග පාවාදීම හා සූදු ක්‍රියාවන්හි නිරත වීමේ චෝදනා මත සොන් ඇතුළු ක්‍රීඩකයන් 38 දෙනෙකුට හා නිලධාරීන් 5 දෙනෙකුට චීන පාපන්දු සංගමය විසින් ජීවිතාන්තය දක්වා පාපන්දු ක්‍රීඩා තහනමක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

 

“මම කවදාවත් තරග පාවාදීමකට සහභාගි වුනේ නැහැ” යනුවෙන් සොන් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියා.

“ඔවුන්ට තිබෙන එකම සාක්ෂිය මාව බලයෙන් නම්මාගෙන මගෙන් ගත් අසත්‍ය ප්‍රකාශය යි” ඔහු පැවසුවේ හඬා වැටෙමින්.

“මම මේ චෝදනා පිළිගත්තේ නැත්නම්, මගේ බිරිඳවත් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන බවට ඔවුන් මට තර්ජනය කළා.”

 

89ddfdfb f005 4150 b481 5e05fce9971e

මේ අපකීර්තිමත් සිද්ධියෙන් පසුව දකුණු කොරියානු පාපන්දු කණ්ඩායමේ සිය ස්ථානය අහිමි කරගෙන සිටින මේ මැද පෙල ක්‍රීඩකයා මාර්තුවේදී සිරෙන් නිදහස් කර ආපසු සියරට යැවුවේ මාස දහයකට ආසන්න කාලයක් චීනයේ හිරභාරයේ තබාගෙන  සිටීමෙන් පසුව. තමාව නිදහස් කරන කොන්දේසිය මත තමා අත්අඩංගුවේ සිටි කාලය තුළ ලැබූ අත්දැකීම් පිළිබඳව කතා නොකිරීමට එකඟ වූව ද දැන් කතා කිරීමට තමා තීරණය කළේ චීන තරග තහනම් කිරීමට තමාවද ඇතුළත් කිරීමෙන් හටගත් මහත් කම්පාව නිසා යැයි දකුණු කොරියානු පාපන්දු ක්‍රීඩකයා ප්‍රකාශ කළා.

restmb idxmakeදකුණු කොරියානු Suwon FC කණ්ඩායම සමග දැන් කොන්ත්‍රාත්ගතව සිටින සොන් ජුන්-හෝ දිගටම තම පාපන්දු ක්‍රීඩා දිවියේ නිරත වීමට බලාපොරොත්තු වනවා.

 

අත්අඩංගුවේ සිටි කාලයේදී තමාට නරක විදියට සැලකීමක් සිදු නොවූව ද තමාව රඳවා ගෙන සිටි තත්ත්වයන් කර්කශ වූ බව ඔහු සඳහන් කළා.

චීනයේ සුපර් ලීග් සමාජයක් වන Shandong Taishan FC ට ක්‍රීඩා කරමින් සිටි සොන් අල්ලස් ගෙන ඇතැයි සැක කරන බවට ඔහු පසුගිය මැයි මාසයේ අත්අඩංගුවේ සිටියදී චීනයේ විදෙස් කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළා.

දකුණු කොරියානු Suwon FC කණ්ඩායම සමග දැන් කොන්ත්‍රාත්ගතව සිටින සොන් ජුන්-හෝ දිගටම තම පාපන්දු ක්‍රීඩා දිවියේ නිරත වීමට බලාපොරොත්තු වනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...