The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

කොංගෝ පැරාලිම්පික් ක්‍රීඩකයන් දෙදෙනෙක් පැරිසියේදී අතුරුදන්

T

The Leader Desk

September 14, 2024 • 4:42 PM

කොංගෝ පැරාලිම්පික් ක්‍රීඩකයන් දෙදෙනෙක් පැරිසියේදී අතුරුදන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉඳගෙන යගුලිය දැමීම හා හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක මිහයිය න්ගංගා (Mireille Nganga) සහ කෙටි දුර දිවීමේ ක්‍රීඩක ඇමෑන්යුඅල් ග්‍රේස් මඋම්බකෝ (Emmanuel Grace Mouambako) අතුරුදන්ව ගොස් තිබෙන්නේ 2024 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ඔවුන්ගේ ඉසව්වල තරග වැදී ටික වේලාවකින් පසුව.
  • මඋම්බකෝගේ දිවීමේ මාර්ගෝපදේශකයා වන, ඇස් පෙනීම තිබෙන ෂැරොන් වික්ට ලූසැන්ගා (Sharon Victor Loussanga) ද අතුරුදන්ව ඇති අතර ප්‍රංශ බලධාරීන් දැන් මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
  • න්ගංගා, මඋම්බකෝ සහ ලූසැන්ගා යන තිදෙනා ම අවසන් වතාවට දැක තිබෙන්නේ සැප්තැම්බර් 5 වැනිදා පැරාලිම්පික් ක්‍රීඩක ගම්මානයේදී බවට කොංගෝ නියෝජිත පිරිසේ නිලධාරියෙක් ප්‍රංශ පොලිසියට පවසා තිබෙනවා.
  • වාඩිගෙන හෙල්ල විසිකිරීම හා යගුලිය දැමීම ඉසව්වේදී න්ගංගා සැලකිය යුතු දක්ෂතාවක් සටහන් නොකළ අතර මඋම්බකෝ මීටර් 100 ඉසව්වේ සිවුවැනි ස්ථානයට පත්වුනා.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉඳගෙන යගුලිය දැමීම හා හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක මිහයිය න්ගංගා (Mireille Nganga) සහ කෙටි දුර දිවීමේ ක්‍රීඩක ඇමෑන්යුඅල් ග්‍රේස් මඋම්බකෝ (Emmanuel Grace Mouambako) අතුරුදන්ව ගොස් තිබෙන්නේ 2024 පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ඔවුන්ගේ ඉසව්වල තරග වැදී ටික වේලාවකින් පසුව.
4tfg4

මඋම්බකෝගේ දිවීමේ මාර්ගෝපදේශකයා වන, ඇස් පෙනීම තිබෙන ෂැරොන් වික්ට ලූසැන්ගා (Sharon Victor Loussanga) ද අතුරුදන්ව ඇති අතර ප්‍රංශ බලධාරීන් දැන් මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

න්ගංගා, මඋම්බකෝ සහ ලූසැන්ගා යන තිදෙනා ම අවසන් වතාවට දැක තිබෙන්නේ සැප්තැම්බර් 5 වැනිදා පැරාලිම්පික් ක්‍රීඩක ගම්මානයේදී බවට කොංගෝ නියෝජිත පිරිසේ නිලධාරියෙක් ප්‍රංශ පොලිසියට පවසා තිබෙනවා.

පැරිස් පැරාලිම්පික් සමාරම්භක උළෙලේදී කොංගෝ ජාතික කොඩිය රැගෙන ගියේ පාදයේ දුබලතාවක් තිබෙන න්ගංගා හා දෘශ්‍ය ආබාධයෙන් පෙලෙන මඋම්බකෝ.

වාඩිගෙන හෙල්ල විසිකිරීම හා යගුලිය දැමීම ඉසව්වේදී න්ගංගා සැලකිය යුතු දක්ෂතාවක් සටහන් නොකළ අතර මඋම්බකෝ මීටර් 100 ඉසව්වේ සිවුවැනි ස්ථානයට පත්වුනා. මේ ක්‍රීඩකයන් දෙදෙනා පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයේදී දකින්නට සිටියේ නැහැ.

මේ ක්‍රීඩකයන් දෙදෙනාගේ විදෙස් ගමන් බලපත්‍ර තවමත් කොංගෝ නියෝජිතයන් භාරයේ තිබුන ද ක්‍රීඩකයන් සමග ඔවුන්ගේ ගමන් මළු ද අතුරුදන්ව ඇතැයි පැවසෙනවා.

පැරාලිම්පික් සමාරම්භක උත්සවයට දින කිහිපයකට පෙර රුවන්ඩාවේ වොලිබෝල් ක්‍රීඩිකා Claudine Bazubagira ද ප්‍රංශයේදී අතුරුදන් වුනා. ඇය මීට පෙර 2016 රියෝ හා 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලන්ට සහභාගි වී තිබෙනවා.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කොංගෝ පැරාලිම්පික් ක්‍රීඩකයන් දෙදෙනෙක් පැරිසියේදී අතුරුදන් | The Leader