The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

‘රාත්තල් තුන්සිය හතළිහේ මෘගයා’ අකාලයේ මිය යයි

T

The Leader Desk

September 16, 2024 • 12:03 PM

‘රාත්තල් තුන්සිය හතළිහේ මෘගයා’ අකාලයේ මිය යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අන්තයට ගිය ශරීර ප්‍රමාණය නිසා ප්‍රසිද්ධියට පත්ව සිටි ඉල්ලියා ‘ගෝලම්’ යෙෆිම්චෙක් (ILLia ‘Golem’ Yefimchyk) නමැති බෙලරුසියානු කායවර්ධකයා 36 වැනි වියේ පසුවෙමින් සිටියදී හෘදයාබාධයකින් ඛේදනීය ලෙස මිය ගියා.
  • සිත්බඳනාසුලු ශරීර විශාලත්වය හා ශක්තිය නිසා ප්‍රසිද්ධියට පත්ව සිටි යෙෆිම්චෙක් කැලරි 16,500ක් අඩංගු මහා පරිමාණයේ ආහාරයක් වේල හතකින් දිනකට අනුභව කිරීමක් පවත්වා ගෙන ගිය අතර ඊට ජපාන මසවුලක් වන සුෂි කෑලි 108ක් හා කිලෝග්‍රෑම්ස් 2.5ක මස් පෙති ද ඇතුළත්ව තිබුනා.
  • වෘත්තීය වශයෙන් තරග කර නැතත්, රාත්තල් 600ක bench press හා රාත්තල් 700ක deadlifts දක්ෂතාවන් නිසා ඔහු ඉන්ස්ටග්‍රෑම් වේදිකාවේ 300,000ක විශාල අනුගාමිකයන් පිරිසක් උපයා ගෙන සිටියේ මිනිස් ශාරීරික සීමාවන් තවත් ඉදිරියට තල්ලු කිරීමට බොහෝ දෙනා දිරිමත් කරමින්.
  • කිලෝග්‍රෑම් 70ක බරකින් යුතුව නව යොවුන් වියේ පසුවෙමින් push-up අභ්‍යාස එකක් හෝ කළ නොහැකි තත්ත්වයක සිටි තමා යෝධ ශරීරයක් දක්වා පරිවර්තනය වීමට හේතුව දැඩි පුහුණුව හා විනය මෙන්ම ව්‍යායාම භෞතවේදය හා පෝෂණය පිළිබඳ ගැඹුරු තේරුම් ගැනීම බව යෙෆිම්චෙක් ප්‍රකාශ කර තිබුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

අන්තයට ගිය ශරීර ප්‍රමාණය නිසා ප්‍රසිද්ධියට පත්ව සිටි ඉල්ලියා ‘ගෝලම්’ යෙෆිම්චෙක් (ILLia ‘Golem’ Yefimchyk) නමැති බෙලරුසියානු කායවර්ධකයා 36 වැනි වියේ පසුවෙමින් සිටියදී හෘදයාබාධයකින් ඛේදනීය ලෙස මිය ගියා.

සිත්බඳනාසුලු ශරීර විශාලත්වය හා ශක්තිය නිසා ප්‍රසිද්ධියට පත්ව සිටි යෙෆිම්චෙක් කැලරි 16,500ක් අඩංගු මහා පරිමාණයේ ආහාරයක් වේල හතකින් දිනකට අනුභව කිරීමක් පවත්වා ගෙන ගිය අතර ඊට ජපාන මසවුලක් වන සුෂි කෑලි 108ක් හා කිලෝග්‍රෑම්ස් 2.5ක මස් පෙති ද ඇතුළත්ව තිබුනා.

66c16f67 0e65 4387 947b 7f37e7488af5

 

වෘත්තීය වශයෙන් තරග කර නැතත්, රාත්තල් 600ක bench press හා රාත්තල් 700ක deadlifts දක්ෂතාවන් නිසා ඔහු ඉන්ස්ටග්‍රෑම් වේදිකාවේ 300,000ක විශාල අනුගාමිකයන් පිරිසක් උපයා ගෙන සිටියේ මිනිස් ශාරීරික සීමාවන් තවත් ඉදිරියට තල්ලු කිරීමට බොහෝ දෙනා දිරිමත් කරමින්.

කිලෝග්‍රෑම් 70ක බරකින් යුතුව නව යොවුන් වියේ පසුවෙමින් push-up අභ්‍යාස එකක් හෝ කළ නොහැකි තත්ත්වයක සිටි තමා යෝධ ශරීරයක් දක්වා පරිවර්තනය වීමට හේතුව දැඩි පුහුණුව හා විනය මෙන්ම ව්‍යායාම භෞතවේදය හා පෝෂණය පිළිබඳ ගැඹුරු තේරුම් ගැනීම බව යෙෆිම්චෙක් ප්‍රකාශ කර තිබුනා.

 

worlds most monstrous bodybuilder illia golem yefimchyk passes away 66e33963582b9 700

ඛේදජනක අයුරින් යෙෆිම්චෙක් මාරාන්තික හෘදයාබාධයකට ලක්වූ අතර ඔහුව ගුවන් මගින් රෝහලට ගෙන ගියද ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වුනා. ඔහුගේ හදවත නැවත ටික වේලාවක් ගැහෙන්නට පටන් ගත්ත ද ඔහුගේ මොළය මැරී ඇති බව වෛද්‍යවරු පසුව ඔහුගේ බිරිඳ ඇනා ට දන්වා සිටියා.

ඉල්ලියා යෙෆම්චෙක්ගේ මරණය අකාලයේ මිය ගිය බ්‍රසීලයේ 26 හැවිරිදි Antonion Souza හා එංගලන්තයේ 34 හැවිරිදි Neil Currey වැන්නවුන්ගේ ලැයිස්තුවට එකතු වන්නේ අන්තයට යන කායවර්ධනය නිසා ඇති වන සෞඛ්‍ය අවදානම පිළිබඳ දැඩි සැලකිල්ල ලෝකය හමුවේ මතු කරමින්.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...