The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ප්‍රිමිය ලීග් ක්‍රීඩා වාරය ආරම්භයේදීම හාලාන්ඩ්ගෙන් තවත් නව වාර්තාවක්

T

The Leader Desk

September 18, 2024 • 10:17 AM

ප්‍රිමිය ලීග් ක්‍රීඩා වාරය ආරම්භයේදීම හාලාන්ඩ්ගෙන් තවත් නව වාර්තාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රිමිය ලීග් තරග හතරකින් පමණක් ගෝල් නවයක් ලබා ගැනීම ඔහුගේ අලුත්ම වාර්තාව යි.
  • පිට පිට ප්‍රිමිය ලීග් තරග තුනකදී පෙර නොවූ විරූ පරිදි ‘හැට්-ට්‍රික්’ ගෝල් ලබා ගැනීමක් නොකඩවා වාර්තා කිරීම පසුගිය සෙනසුරාදා හාලාන්ඩ් ට මගහැරුනේ ගෝල් කණුවක පුළුල් ප්‍රමාණයකින් පමණයි.
  • එහිදී ඔහු බ්‍රෙන්ට්ෆෝඩ් කණ්ඩායමට එරෙහිව ගෝල් ද්විත්වයක් ලබා ගෙන මැන්චෙස්ට සිටි පිල ගෝල් 2-1ක ජයග්‍රහණයක් කරා ගෙන ගියේ තම කණ්ඩායම වෙනුවෙන් තරග 103කට පමණක් සහභාගි වෙමින් ලබා ගත් ගෝල් ප්‍රමාණය 99 දක්වා ඉහළ නංවමින්.
  • අර්ලිං හාලාන්ඩ් තරග 48කට පමණක් ක්‍රීඩා කරමින් වැඩිම වේගයෙන් ප්‍රිමිය ලීග් ගෝල් 50ක් වාර්තා කළ ක්‍රීඩකයා බවට දැනටමත් පත්ව සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රිමිය ලීග් තරග හතරකින් පමණක් ගෝල් නවයක් ලබා ගැනීම ඔහුගේ අලුත්ම වාර්තාව යි. මෙසේ අතිශය පලදායී ආරම්භයක් මෙවර ක්‍රීඩා වාරයට ලබා ගනිමින් හාලාන්ඩ් මකා දමා තිබෙන්නේ ගෝල් අටක් ලබා ගෙන වේන් රූනි (Wayne Rooney) තබා තිබූ වාර්තාව.

 

පුවත් - Results from #8148

මේ නෝවේජියානු සුපිරි පාපන්දු තරුව මෙවර ක්‍රීඩා වාරයේ ප්‍රදර්ශනය කර තිබෙන දක්ෂතාව කොතරම් වැදගත් ද යත් ඔහු තනිවම ලබා ගෙන සිටින ගෝල් නවය ඔහු ක්‍රීඩා කරන මැන්චෙස්ට සිටි කණ්ඩායම හැරුනු විට අනෙක් ඕනෑම ප්‍රිමිය ලීග් කණ්ඩායමක් ඔවුන් අතර ලබා ගෙන සිටින ගෝල් සංඛ්‍යාවට වඩා වැඩියි.

පිට පිට ප්‍රිමිය ලීග් තරග තුනකදී පෙර නොවූ විරූ පරිදි ‘හැට්-ට්‍රික්’ ගෝල් ලබා ගැනීමක් නොකඩවා වාර්තා කිරීම පසුගිය සෙනසුරාදා හාලාන්ඩ් ට මගහැරුනේ ගෝල් කණුවක පුළුල් ප්‍රමාණයකින් පමණයි.

 

එහිදී ඔහු බ්‍රෙන්ට්ෆෝඩ් කණ්ඩායමට එරෙහිව ගෝල් ද්විත්වයක් ලබා ගෙන මැන්චෙස්ට සිටි පිල ගෝල් 2-1ක ජයග්‍රහණයක් කරා ගෙන ගියේ තම කණ්ඩායම වෙනුවෙන් තරග 103කට පමණක් සහභාගි වෙමින් ලබා ගත් ගෝල් ප්‍රමාණය 99 දක්වා ඉහළ නංවමින්.

අර්ලිං හාලාන්ඩ් තරග 48කට පමණක් ක්‍රීඩා කරමින් වැඩිම වේගයෙන් ප්‍රිමිය ලීග් ගෝල් 50ක් වාර්තා කළ ක්‍රීඩකයා බවට දැනටමත් පත්ව සිටිනවා. මෙහි කළින් වාර්තාව පිහිටුවා තිබූ ඇන්ඩෲ කෝල් (Andrew Cole) ට ඒ සඳහා හාලාන්ඩ් ට වඩා තරග 17ක් වැඩියෙන් ක්‍රීඩා කිරීමට සිදුවුනා. 

මේ ක්‍රීඩා වාරයේදීත් ඔහු නැවත වරක් ලීගයේ වැඩිම ගෝල්ලාභියා වුවහොත් ඔහු 2006 වසරේ ටීඒරී ඔන්රී (Thierry Henry)ගෙන් පසුව පිට පිට රන් සපත්තුව - Golden Boot - සම්මාන තුනක් දිනා ගත් පළමු ක්‍රීඩකයා බවට පත්වනවා. 

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ප්‍රිමිය ලීග් ක්‍රීඩා වාරය ආරම්භයේදීම හාලාන්ඩ්ගෙන් තවත් නව වාර්තාවක් | The Leader