The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

සචින් ටෙන්ඩුල්කාර්ගේ පුතා අර්ජුන් වැඩ අරඹයි

T

The Leader Desk

September 18, 2024 • 11:58 AM

සචින් ටෙන්ඩුල්කාර්ගේ පුතා අර්ජුන් වැඩ අරඹයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙනසකට තිබෙන්නේ පියා ශ්‍රේෂ්ඨ පිතිකරුවෙකු වූව ද පුතා දස්කම් දක්වමින් සිටින්නේ පන්දුවෙන් වීම.
  • ඉන්දියාවේ පළමු පෙල ක්‍රිකට් තරග වාරයට සූදානම් වෙමින් සිටින අර්ජුන්, එක් තරගයක ඉනිම දෙකේදී ඕවර 26.3ක් යවමින් ලකුණු 87කට කඩුලු 9ක් ලබා ගැනීමට සමත්ව සිටිනවා.
  • කර්නාටක කණ්ඩායමට එරෙහිව පැවති මේ තරගයේදී ඔහු ගෝආ පිල වෙනුවෙන් ක්‍රීඩා කරමින් පළමු ඉනිමේදී ඔ්වර 13ක් ඇතුළත ලකුණු 41කට කඩුලු 5ක් බිඳ හෙලීමට සමත් වූ අතර දෙවැනි ඉනිමේදී ඔ්වර 13.3ක් යවමින් ලකුණු 46කට කඩුලු 3ක් ලබා ගත්තා.
  • ඔහුගේ මේ විශිෂ්ට පන්දු යැවීම මත Goa කණ්ඩායමට ඉනිමක හා ලකුණු 189ක් ජයක් වාර්තා කිරීමට හැකිවුනා.
අකුරු ප්‍රමාණය (Font Size):
වෙනසකට තිබෙන්නේ පියා ශ්‍රේෂ්ඨ පිතිකරුවෙකු වූව ද පුතා දස්කම් දක්වමින් සිටින්නේ පන්දුවෙන් වීම. අර්ජුන් ටෙන්ඩුල්කාර් වමතින් මඳ වේග පන්දු යවන්නෙක්.
 
ඉන්දියාවේ පළමු පෙල ක්‍රිකට් තරග වාරයට සූදානම් වෙමින් සිටින අර්ජුන්, එක් තරගයක ඉනිම දෙකේදී ඕවර 26.3ක් යවමින් ලකුණු 87කට කඩුලු 9ක් ලබා ගැනීමට සමත්ව සිටිනවා. කර්නාටක කණ්ඩායමට එරෙහිව පැවති මේ තරගයේදී ඔහු ගෝආ පිල වෙනුවෙන් ක්‍රීඩා කරමින් පළමු ඉනිමේදී ඔ්වර 13ක් ඇතුළත ලකුණු 41කට කඩුලු 5ක් බිඳ හෙලීමට සමත් වූ අතර දෙවැනි ඉනිමේදී ඔ්වර 13.3ක් යවමින් ලකුණු 46කට කඩුලු 3ක් ලබා ගත්තා. ඔහුගේ මේ විශිෂ්ට පන්දු යැවීම මත Goa කණ්ඩායමට ඉනිමක හා ලකුණු 189ක් ජයක් වාර්තා කිරීමට හැකිවුනා. ඉන්දියාවේ ප්‍රාන්ත කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා වාරයට පෙර පැවැත්වෙන KSCA ආරාධිත තරගාවලිය යටතේයි මේ තරගය පැවැත්වුනේ.
 
ලබන සතියේ 25 වැනි වියට පා තබන අර්ජුන් ටෙන්ඩුල්කාර් මේ දක්වා ක්‍රිකට් ක්‍රීඩාවේ ශෛලීන් තුනේ ම තරග 49කට ජ්‍යෙෂ්ඨ මට්ටමෙන් ක්‍රීඩා කරමින් කඩුලු 68ක් ලබා ගෙන සිටිනවා. පළමු පෙල තරග 13කින් ඔහු ලබා ගෙන සිටින කඩුලු ප්‍රමාණය 21ක්.

යෝග්රාජ් සිං (Yograj Singh)
 
yograj singh makes a complete u turn on his views on ms dhoni says hes a fan of the cricketer 1200x900 1564116823යෝග්රාජ් සිං (Yograj Singh)
අර්ජුන් ටෙන්ඩුල්කාර් මුලින් පුහුණු වී තිබෙන්නේ ඉන්දියාවේ තවත් සුපිරි පිතිකරුවකු වූ යුව්රාජ් සිංගේ පියා වන හිටපු ඉන්දියා ක්‍රීඩක යෝග්රාජ් සිං යටතේ.

මේ පිළිබඳව යෝග්රාජ් සිංගෙන් විමසූ විට ඔහු මෙසේ ප්‍රකාශ කර තිබුනා.
 
“ගල් අඟුරු පතලක තිබෙන දියමන්තියක් ඔබ දැක තිබෙනවාද? පතලෙන් එළියට ගන්නේ ගල් අඟුරු ගලක්. නමුත් ඒක නියම අත්වලට ලබා දුන්නොත් එය අලංකාර දියමන්තියක් බවට පත්වෙනවා. එය මිල කළ නොහැකියි. නමුත් ඒ දියමන්තිය ම ඒකෙ වටිනාකමක් නොදන්නා කෙනෙක් අතට ගියොත්, ඔහු ඒක විනාස කරනවා.”
 
“යෝග්රාජ් සිං ඉතා හොඳ චරිතයක් කියල මම මට ම කියා ගන්නේ නැහැ. යුව්රාජ් සිං තමයි එහෙම කියන්නේ. එයා කියනවා, ‘මගේ පියාගේ අතේ මැජික් තියෙනවා. 

මාව මේ තත්ත්වයට පත්කළේ එයායි’ කියල. ඊට පෙර, මට ‘හිට්ලර්, මකර සිං, මට තාත්තාව පේන්න බැහැ’ කියල එයා මට පරිභව කළා. මගේ ගෙදර සියළු දෙනාම මට වෛර කළා. මම පියෙක් නොවිය යුතුව තිබුනා කියා මගේ ඥාතීන් මට කීවා.”

“නමුත් පුතා එයාගේ මාර්ගයේ ගියා. ඒ අනුව, දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඔබට යුව්රාජ් සිං නමැති විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයාව ලැබුනා.”
 
yuwaraj“යෝග්රාජ් සිං ඉතා හොඳ චරිතයක් කියල මම මට ම කියා ගන්නේ නැහැ. යුව්රාජ් සිං තමයි එහෙම කියන්නේ. එයා කියනවා, ‘මගේ පියාගේ අතේ මැජික් තියෙනවා.
ඉන්දියාව වෙනුවෙන් එක ටෙස්ට් ක්‍රිකට් තරගයකට හා ජාත්‍යන්තර එක්දින තරග හයකට ක්‍රීඩා කළ යෝග්රාජ් සිං ට ජාත්‍යන්තර තලයේ කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය කිරීමට නොහැකි වූව ද, පුහුණුකරුවකු ලෙස ඔහු තම පුතා ලෝක ශූරයෙක් බවට පත් කිරීම සඳහා ඔහුව පුහුණු කළා. යෝග්රාජ් සිං ට ක්‍රිකට් ඇකඩමියක් තිබෙන අතර එහි වීඩියෝ සමාජ මාධ්‍යයෙන් සොයා ගන්න පුළුවන්. ක්‍රීඩකයන් ඉතා දුෂ්කර පුහුණුවීමක යොදවන ඔහු යටතේ යුව්රාජ් ද ඉතාමත් රළු පුහුණුවක යෙදුනු බව ප්‍රකට කරුණක්.
 
“කෙනෙකුට ඔබේ ක්‍රිකට් ඇකඩමියේ පුහුණු වෙන්න අවශ්‍ය නම් ඔහු පැමිණිය යුත්තේ කුමන සිතිවිල්ලකින් යුතුවද? යනුවෙන් මෑතකදී යෝග්රාජ් සිංගෙන් අසනු ලැබුවා.
 
yograjයෝග්රාජ් සිං
“ඔක්කොටම කළින්, ඔහුට තිබෙන මරණ බිය අවසන් විය යුතුයි” ඔහු අවධාරණය කළා. “මට වයස අවුරුදු තුනක්ව තිබියදී, අපි කොටියෙක් දඩයම් කරන්න යනවා කියල මගේ තාත්තා මගේ අම්මාට කීවා. මගේ අම්මා භය වුනා. එවිට තාත්තා කිවුවා, ‘එයා මැරුණොත්, ඒකෙන් එච්චර වෙනසක් වෙන්නේ නැහැ. එහෙම නොවුනොත් මම එයාව කොටියෙක් වගේ කරන්නම්’ කියලා. ඒ අනුව ඒ තුන් හැවිරිදි දරුවා අම්මා එක්ක කැලෑවේ වාඩිවී ඉන්නවා. ඒ හඳ එළිය තිබුනු රැයේ මගේ තාත්තාගේ අතේ රයිෆලයක් තිබුනා. අපි ඉඳගෙන හිටියේ උස්සන ලද බිමක. එක පාරටම කොටියා ආවා. දරුවා කෑගහන්න ඔන්න මෙන්න කියා තිබියදී මගේ අම්මා ඒ දරුවාගේ කට වැහුවා. ඒ අවස්ථාවේ මගේ තාත්තා අඩි හයක් දුර ඉඳන් කොටියාට වෙඩි තිබ්බා. වෙඩිල්ල හිසට වැදී කොටියා කන්දක් පාත්වෙනවා වගේ වැටුනා” යනුවෙන් යෝග්රාජ් සම්මුඛ සාකච්ඡාවේදී පැවසුවා.

“දරුවා හිටියේ කතා කර ගන්න බැරුව. මගේ තාත්තා මගේ අම්මාට කිවුවා මාව පහළට ගේන්න කියලා. එයා මාව අල්ල ගෙන කිවුවා, කොටි පැටියෙක් කණකොළ කන්නේ නැහැ’ කියල. ඒ හඬ වනාන්තරය පුරා දෝංකාර වුනා. තාත්තා මාව කොටියා උඩ ඉන්දවලා උගේ ලේ මගේ තොල්වල හා නළලේ තැවරුවා. ඒ පිංතූරෙ මගේ ගෙදර තවමත් තියෙනවා.”
 
“මම හිතන්නේ මගේ ක්‍රිකට් ඇකඩමියත් ඒ වගේ කියලයි. මම යුව්රාජ්ව හැදුවේ ඒ විදියටයි...බිය රහිත ක්‍රීඩකයෙක්!”

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...