The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

කමිඳු මෙන්ඩිස්: සුනිල් ගවස්කාර්ගේ ලෝක වාර්තාව මකා දමා තවත් ලෝක වාර්තාවක් සම කරයි

T

The Leader Desk

September 19, 2024 • 8:25 AM

කමිඳු මෙන්ඩිස්: සුනිල් ගවස්කාර්ගේ ලෝක වාර්තාව මකා දමා තවත් ලෝක වාර්තාවක් සම කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දැමීමට ඊයේ (18) ගාල්ලේදී සමත් වුනා.
  • ඒ, සිය පළමු ටෙස්ට් තරග හතෙන් සෑම තරගයකම ලකුණු 50 ට වැඩියෙන් රැස් කරමින්.
  • මෙවැනි දස්කමක් වසර 147ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මීට පෙර වාර්තා වී තිබෙන්නේ එක් වතාවකදී පමණයි.
  • පසුගිය වසරේදී, පාකිස්තානයේ සාඩ් ෂකීල් තමාගේ පළමු ටෙස්ට් තරග හතේ සෑම තරගයකදීම ලකුණු 50කට වැඩියෙන් ලබා ගත් පළමු පිතිකරුවා බවට පත්වුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

දැමීමට ඊයේ (18) ගාල්ලේදී සමත් වුනා.

ඒ, සිය පළමු ටෙස්ට් තරග හතෙන් සෑම තරගයකම ලකුණු 50 ට වැඩියෙන් රැස් කරමින්. ගවස්කාර්ගේ දක්ෂතාව වාර්තා වී තිබුනේ ඔහුගේ පළමු ටෙස්ට් තරග හයෙන්.

මෙවැනි දස්කමක් වසර 147ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මීට පෙර වාර්තා වී තිබෙන්නේ එක් වතාවකදී පමණයි.

 1726658839 Kaminduටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ සිහින ආරම්භයක් භුක්ති විඳිමින් සිටින කමිඳු මෙන්ඩිස් ඉන්දියාවේ පුරාවෘත්ත ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සුනිල් ගවස්කාර්ගේ ලෝක වාර්තාවක් මකා දැමීමට ඊයේ ගාල්ලේදී සමත් වුනා.

පසුගිය වසරේදී, පාකිස්තානයේ සාඩ් ෂකීල් තමාගේ පළමු ටෙස්ට් තරග හතේ සෑම තරගයකදීම ලකුණු 50කට වැඩියෙන් ලබා ගත් පළමු පිතිකරුවා බවට පත්වුනා. මේ අනුව, කමිඳු මෙන්ඩිස් එම ලෝක වාර්තාව සමකර තිබෙනවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙන්ඩිස් මේ දක්ෂතාව ප්‍රදර්ශනය කළේ නවසිලන්තය ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ආරම්භක දිනයේදී ධෛර්යවන්ත ශතකයක් වාර්තා කරමින්.


කමිඳු මෙන්ඩිස් ට පෙර සුනිල් ගවස්කාර්, පාකිස්තානයේ සයීඩ් අහමඩ්, බටහිර ඉන්දීය කොදෙව් පිලේ බැසිල් බුචර් හා නවසිලන්තයේ බර්ට් සට්ක්ලිෆ් ඔවුන්ගේ පළමු ටෙස්ට් තරග හයේ සෑම තරගයකදීම අර්ධ ශතක ලබා ගෙන තිබෙනවා.

 

kMලකුණු 106කට කඩුලු 4ක් බිඳ වැටී අසරණව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ පළමු දින ක්‍රීඩාව අවසන් වන විට කඩුලු 7කට ලකුණු 302ක ස්ථාවර අඩියකට පිවිසීමට හැකිවූයේ කමිඳුගේ ශතක පිතිහරඹයෙන්

ලකුණු 106කට කඩුලු 4ක් බිඳ වැටී අසරණව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ පළමු දින ක්‍රීඩාව අවසන් වන විට කඩුලු 7කට ලකුණු 302ක ස්ථාවර අඩියකට පිවිසීමට හැකිවූයේ කමිඳුගේ ශතක පිතිහරඹයෙන්.

මෑතකදී අවසන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් සංචාරයේ ශ්‍රී ලංකා පිලේ ‘තරගමාලාවේ වීරයා’ බවට පත්වූ කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම ස්ථිර තත්ත්වයකට ගෙන ආවේ විශ්වසනීය හා සන්සුන් පිතිකරණයක නියැලෙමින්.

පළමු දින තරගයේ අවසන් ඕවරයට පෙර ඕවරයේදී කමිඳු දැවී යන විට පන්දු 173කින් ලකුණු 114ක් රැස්කර ගෙන සිටියා. මිනිත්තු 273ක ඔහුගේ ඉනිම අගනා කඩුලු සබඳතා දෙකකින් සමන්විතව තිබීම විශේෂත්වයක්. ඇන්ජලෝ මැතිව්ස් සමග සබඳතාව ලකුණු 72ක් වූ අතර කුසල් මෙන්ඩිස් සමග සබඳතාව ලකුණු 103ක් වී තිබුනා.

 

460361750 936724588492658 5753171944782940663 nපළමු දින තරගයේ අවසන් ඕවරයට පෙර ඕවරයේදී කමිඳු දැවී යන විට පන්දු 173කින් ලකුණු 114ක් රැස්කර ගෙන සිටියා

අත් දෙකෙන් ම පිත්ත හා පන්දුව හැසිරවීමේ හැකියාවක් තිබෙන කමිඳු මෙන්ඩිස් මෙතෙක් සහභාගි වී තිබෙන ටෙස්ට් තරග හතේදී දැනටමත් ශතක හතරක් හා අර්ධ ශතක හතරක් වාර්තා කර තිබෙන්නේ ලකුණු 800කට වැඩියෙන් රැස් කරමින්.


සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...