The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

කෙප්ල වෙසල්ස්: රටවල් දෙකක් - එක පුරාවෘත්තයක්

T

The Leader Desk

September 19, 2024 • 4:22 PM

කෙප්ල වෙසල්ස්: රටවල් දෙකක් - එක පුරාවෘත්තයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග බිමේදී ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව යන රටවල් දෙක ම නියෝජනය කළ මේ පිතිකරුවාගේ විශේෂත්වය වන්නේ ඔහු මේ රටවල් දෙක ම වෙනුවෙන් ටෙස්ට් ශතක වාර්තා කිරීම.
  • දර්ශනීය පිතිහරඹයකින් වාර්තා වූ එම ලකුණු 162 ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්ෂේත්‍රයේ කෙප්ල වෙසල්ස්ගේ සාර්ථක ක්‍රීඩා දිවියක ආරම්භය සනිටුහන් කළා.
  • | මංගල ටෙස්ට් ඉනිමේදී ම ලකුණු 162ක් රැස් කරමින් ඉන්පසුව පැමිණි වසරවලදී ඔහු ටෙස්ට් මෙන්ම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ ද ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පූර්ණ සාමාජිකයෙකු ලෙස තම ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුනා.
  • වකවානුවේ දකුණු අප්‍රිකාව නැවත ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රයට ඇතුළත් කර ගැනීමත් සමග වෙසල්ස්ගේ ක්‍රිකට් දිවියේ සිදුවූයේ වැදගත් හැරවුමක්.
අකුරු ප්‍රමාණය (Font Size):


ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග බිමේදී ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව යන රටවල් දෙක ම නියෝජනය කළ මේ පිතිකරුවාගේ විශේෂත්වය වන්නේ ඔහු මේ රටවල් දෙක ම වෙනුවෙන් ටෙස්ට් ශතක වාර්තා කිරීම.

ටෙස්ට් ක්‍රිකට් තරගවලදී රටවල් දෙකක් වෙනුවෙන් ශතක ලබා ගත් සහ ලකුණු දහසකට වැඩියෙන් රැස් කළ ලෝකයේ එක ම ක්‍රිකට් ක්‍රීඩකයා කෙප්ල වෙසල්ස්.

වෙසල්ස්ගේ අසාමාන්‍ය ක්‍රිකට් ක්‍රීඩා දිවිය ආරම්භ වූයේ වර්ණ භේදය පැවති යුගයේ දකුණු අප්‍රිකාව ලෝක ක්‍රීඩාවෙන් තහනම් කර තිබියදී ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් අවස්ථාවන් සොයමින් දකුණු අප්‍රිකාවේ සිට ඔස්ට්‍රේලියාව ට පැමිණීමත් සමග.

ihjserw| කෙප්ලර් වෙසල්ස් - 1977 @Getty Images

1982-83 අළු බඳුන තරගමාලාව යටතේ බ්‍රිස්බේන් හි එංගලන්තය ට එරෙහිව පැවති තරගය වෙසල්ස් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය වූ අතර එහිදී ඔහු දීප්තිමත් තරුවක් බවට ක්ෂණිකව පත්වූයේ ඔහුගේ ඒ මංගල ටෙස්ට් ඉනිමේදී ම ලකුණු 162ක් රැස් කරමින්.

දර්ශනීය පිතිහරඹයකින් වාර්තා වූ එම ලකුණු 162 ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්ෂේත්‍රයේ කෙප්ල වෙසල්ස්ගේ සාර්ථක ක්‍රීඩා දිවියක ආරම්භය සනිටුහන් කළා.

xfgt546| මංගල ටෙස්ට් ඉනිමේදී ම ලකුණු 162ක් රැස් කරමින්


ඉන්පසුව පැමිණි වසරවලදී ඔහු ටෙස්ට් මෙන්ම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ ද ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පූර්ණ සාමාජිකයෙකු ලෙස තම ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුනා.

1990 වකවානුවේ දකුණු අප්‍රිකාව නැවත ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රයට ඇතුළත් කර ගැනීමත් සමග වෙසල්ස්ගේ ක්‍රිකට් දිවියේ සිදුවූයේ වැදගත් හැරවුමක්.

ඔහු තමන්ගේ උපන් රට නියෝජනය කිරීම පිණිස නැවත දකුණු අප්‍රිකාව ට පැමිණියා. ජගත් ක්‍රිකට් පිටියේ හුදෙකලා වී සිටීමෙන් පසුව දකුණු අප්‍රිකාව ක්‍රීඩා කළ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ම ඔවුන් කෙප්ල වෙසල්ස් ඔවුන්ගේ නායකයා ලෙස නම් කළා. එම තරගය 1991-92දී පැවැත්වුනේ බටහිර ඉන්දීය කොදෙව් පිල ට එරෙහිව.

1970 කාලයෙන් පසුව ප්‍රථම වතාවට 1992 වසරේදී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවූයේ ද වෙසල්ස්.

| කෙප්ලර් වෙසල්ස් තම කණ්ඩායම සමඟ -Feb 26, 1992@Getty Images
දකුණු අප්‍රිකාව වෙනුවෙන් වෙසල්ස්ගේ සුපිරිතම දක්ෂතාව වාර්තා වූයේ 1994 වසරේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී එංගලන්තය ට එරෙහිව ඔහු ලබා ගත් ලකුණු 105න්. ඒ සමග ම ඔහු රටවල් දෙකක් වෙනුවෙන් ටෙස්ට් ශතක ලබා ගත් ලොව එක ම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වුනා.

කෙප්ල වෙසල්ස්ගේ ක්‍රිකට් ක්‍රීඩා දිවිය තුළ ඔහු ශතක 6ක් සහ අර්ධ ශතක 15ක් වාර්තා කර තිබෙනවා. තරග 109ක් පුරා දිවෙන ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේදී ඔහු එක් ශතකයක් සහ අර්ධ ශතක 26ක් ලබා ගෙන තිබෙනවා.


සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...