The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ක්‍රිකට් ලෝලීන් ආපසු හැරී බලන රෝහිත් ෂර්මාගේ ලැම්බෝගිනියේ අංක තහඩුව

T

The Leader Desk

September 20, 2024 • 8:05 AM

ක්‍රිකට් ලෝලීන් ආපසු හැරී බලන රෝහිත් ෂර්මාගේ ලැම්බෝගිනියේ අංක තහඩුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අවධානය ඒ වෙත යොමු කර ගනිමින්.
  • ඔවුන්ගේ අවධානය දිනා ගෙන තිබෙන්නේ ෂර්මා හෝ ලැම්බෝගිනි මෝටර් රථය හෝ නොව එහි තිබෙන 0264න් අවසන් වන අංක තහඩුව යි.
  • එය රෝහිත් ෂර්මා ශ්‍රී ලංකාව ට එරෙහිව 2014 වසරේ නොවැම්බර් 13 වැනිදා කොල්කටා හි පැවති ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයේදී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව යි.
  • ඔහු එදා රැස් කළ ලකුණු 264 අදටත් එක්දින ක්‍රිකට් තරග බිමේ පිතිකරුවකු ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තාගතව තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

අවධානය ඒ වෙත යොමු කර ගනිමින්.

ඔවුන්ගේ අවධානය දිනා ගෙන තිබෙන්නේ ෂර්මා හෝ ලැම්බෝගිනි මෝටර් රථය හෝ නොව එහි තිබෙන 0264න් අවසන් වන අංක තහඩුව යි.

එය රෝහිත් ෂර්මා ශ්‍රී ලංකාව ට එරෙහිව 2014 වසරේ නොවැම්බර් 13 වැනිදා කොල්කටා හි පැවති ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයේදී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව යි. ඔහු එදා රැස් කළ ලකුණු 264 අදටත් එක්දින ක්‍රිකට් තරග බිමේ පිතිකරුවකු ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තාගතව තිබෙනවා.


download76762b98 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 3 3 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2ෂර්මා පන්දු 173කින් වාර්තා කළ ලකුණු 264ක ඒ ‌ෙඑතිහාසික ඉනිම ක්‍රිකට් ඉතිහාසයේ සටහන්ව තිබෙන්නේ එක් විශිෂ්ටතම පිතිහරඹයක් ලෙස

 

ෂර්මා පන්දු 173කින් වාර්තා කළ ලකුණු 264ක ඒ ‌ෙඑතිහාසික ඉනිම ක්‍රිකට් ඉතිහාසයේ සටහන්ව තිබෙන්නේ එක් විශිෂ්ටතම පිතිහරඹයක් ලෙස. ඊට වසරකට පෙර ආරම්භක පිතිකරු ස්ථානයට උසස් කරන ලද රෝහිත් ෂර්මා එම කාර්යභාරයට ඉක්මනින් ම අනුගත වූයේ පසුව ඔහුගේ ලාංජනය බවට පත්වූ ප්‍රවේගවත් ආරම්භයන් ඉන්දියා කණ්ඩායමට ලබා දෙමින්.

ඔහුගේ මේ වාර්තා බිඳ හෙලුනු පිතිකරණය නිසා කඩුලු 5 ට ලකුණු 404ක දැවැන්ත මුළු ලකුණු ප්‍රමාණයක් සටහන් කරමින් ලකුණු 153ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දියාව ට හැකිවුනා.

ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ පැවති එම තරගයේ රෝහිත් ෂර්මාගේ ඉනිම හතරේ පහර 33ක් සහ හයේ පහර 9කින් වර්ණවත් වී තිබුනා.

 



ෂර්මාගේ ලකුණු 264ක ඒ යෝධ ඉනිමේ පන්දුවකට ලකුණක් බැගින් වන පරිදි ලබා ගත් පළමු ලකුණු 100 සාමාන්‍ය ඉනිමක් ලෙසින් දිස්වන්නේ ඔහු ඊළඟට ලබා ගත් ලකුණු 164 සමග සසඳන විට. ඒ ලකුණු ප්‍රමාණය රැස් කිරීමට ඔහුට ගතවූයේ පන්දු 73ක් පමණ යි. පන්දු 100කින් ලබා ගත් ඔහුගේ ශතකයට හතරේ පහර 12ක් සහ එක් හයේ පහරක් ඇතුළත්ව තිබුන ද පන්දු 51කින් පමණක් ලබා ගත් දෙවැනි ශතකයට තවත් හතරේ පහර 13ක් සහ හයේ පහර 4ක් ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.


මේ අනුව මේ ඉනිම රෝහිත් ෂර්මාගේ ක්‍රිකට් දිවියේ සැමදා මතක හිටින පිතිකරණයක් වීම අරුමයක් නෙවෙයි.

bccl 66013365e378c මේ ඉනිම රෝහිත් ෂර්මාගේ ක්‍රිකට් දිවියේ සැමදා මතක හිටින පිතිකරණයක් වීම අරුමයක් නෙවෙයි.

සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...