The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රවිචන්ද්‍රන් අශ්වින්: ඉන්දියානු තුන් ඉරියව් ක්‍රීඩකයාගෙන් නව ලෝක වාර්තාවක්

T

The Leader Desk

September 20, 2024 • 9:31 AM

රවිචන්ද්‍රන් අශ්වින්: ඉන්දියානු තුන් ඉරියව් ක්‍රීඩකයාගෙන් නව ලෝක වාර්තාවක් 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වාර්තා කළ එදා මෙදා තුර පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට ඉන්දියාවේ දඟ පන්දු යවන රවිචන්ද්‍රන් අශ්වින් (Ravichandran Ashwin) පත්ව සිටිනවා.
  • තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයෙකු ලෙස අශ්වින් ඔහුගේ ක්‍රීඩා දිවියේ තවත් විශිෂ්ට සටහනක් ඊයේ තැබුවේ චෙන්නායි හි ඔහුගේ උපන් නගර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බංග්ලාදේශය ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ආරම්භක දිනයේ.
  • ඉන්දියාව ලකුණු 144කට කඩුලු 6ක් බිඳ වැටී අසීරු අඩියකට වැටී සිටියදී රවින්ද්‍ර ජඩේජා සමග එක්ව අගනා ප්‍රතිප්‍රහාරයක් ආරම්භ කළ අශ්වින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් එල්ල කරමින් පන්දු 112කින් නොදැවී ලකුණු 102ක් රැස් කිරීමට සමත් වුනා.
  • ඔහුගේ මේ ලකුණු ප්‍රමාණය සටහන් වුනේ 91.07ක ආක්‍රමණික වේගයකින්.
අකුරු ප්‍රමාණය (Font Size):
වාර්තා කළ එදා මෙදා තුර පළමු ක්‍රිකට් ක්‍රීඩකයා බවට ඉන්දියාවේ දඟ පන්දු යවන රවිචන්ද්‍රන් අශ්වින් (Ravichandran Ashwin) පත්ව සිටිනවා.

තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයෙකු ලෙස අශ්වින් ඔහුගේ ක්‍රීඩා දිවියේ තවත් විශිෂ්ට සටහනක් ඊයේ තැබුවේ චෙන්නායි හි ඔහුගේ උපන් නගර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බංග්ලාදේශය ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ආරම්භක දිනයේ.
 
1785d400 7681 11ef bde0 a7430caab139අශ්වින් ඔහුගේ ක්‍රීඩා දිවියේ තවත් විශිෂ්ට සටහනක් ඊයේ තැබුවේ චෙන්නායි හි ඔහුගේ උපන් නගර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බංග්ලාදේශය ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ආරම්භක දිනයේ.

ඉන්දියාව ලකුණු 144කට කඩුලු 6ක් බිඳ වැටී අසීරු අඩියකට වැටී සිටියදී රවින්ද්‍ර ජඩේජා සමග එක්ව අගනා ප්‍රතිප්‍රහාරයක් ආරම්භ කළ අශ්වින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් එල්ල කරමින් පන්දු 112කින් නොදැවී ලකුණු 102ක් රැස් කිරීමට සමත් වුනා. ඔහුගේ මේ ලකුණු ප්‍රමාණය සටහන් වුනේ 91.07ක ආක්‍රමණික වේගයකින්.

ටෙස්ට් ඉනිමක කඩුලු පහක් ලබා ගත් අවස්ථාවන් 36ක් සතුව සිටින අශ්වින් එම දක්ෂතා ලැයිස්තුවේ සිටින්නේ තෙවැනි ස්ථානයේ. මීට අමතරව ඔහු ටෙස්ට් ක්‍රිකට් තරග බිමේ ශතක 6ක් සහ අර්ධ ශතක 14ක් වාර්තා කර තිබෙනවා.

121464 prwbjasvmz 1561643529
ටෙස්ට් තරගවල අංක 8 හෝ ඊට පහළ පිතිකරුවකු ලෙස අශ්වින් ශතක හතරක් ලබා ගෙන සිටිනවා. අංක 8 හෝ ඉන් පහළ පිතිකරු ස්ථානයක සිට වැඩිම ශතක ලබා ගත් ක්‍රීඩකයා බවට පත්ව සිටින්නේ ශතක පහක් වාර්තා කළ නවසිලන්තයේ තුන් ඉරියව් ක්‍රීඩක ඩැනියල් වෙටෝරි.

සිය උපන් නගරයේ චිදම්බ්‍රම් ක්‍රීඩාංගණයේ අශ්වින් ට තිබෙන්නේ කදිම වාර්තාවක්. එහි ක්‍රීඩා කර තිබෙන ටෙස්ට් තරග පහ සහ ඉනිම හතේදී ඔහු 55.16ක සාමාන්‍යයකින් යුතුව ශතක දෙකක් හා අර්ධ ශතකයක් සමග ලකුණු 331ක් රැස්කර තිබෙනවා. මීට අමතරව අශ්වින් 23.60ක සාමාන්‍යයකින් කඩුලු 30ක් ද ලබා ගෙන සිටින්නේ ලකුණු 103කට කඩුලු 7ක හොඳම දක්ෂතාවක් සටහන් කරමින්. මේ ක්‍රීඩාංගණයේදී ඔහු ඉනිමක කඩුලු පහක දස්කම් හතරක් සහ ඉනිමක කඩුලු දහයක දක්ෂතාවක් සතුකර ගෙන තිබෙනවා.
 
l5oo4kpg ashwin 625x300 13 July 23අශ්වින් 23.60ක සාමාන්‍යයකින් කඩුලු 30ක් ද ලබා ගෙන සිටින්නේ ලකුණු 103කට කඩුලු 7ක හොඳම දක්ෂතාවක් සටහන් කරමින්.

ටෙස්ට් ක්‍රිකට් තරගවලදී එක් ක්‍රීඩාංගණයක කඩුලු පහක් ලබා ගත් අවස්ථාවන් හා ශතක ගණනාවක් වාර්තා කළ අවස්ථාවන් ගණනාවක් තිබෙන ගාෆීල්ඩ් සෝබර්ස් (බටහිර ඉන්දීය කොදෙව්), කපිල් දේව් (ඉන්දියාව), ක්‍රිස් කෙයාන්ස් (නවසිලන්තය) හා ඉයන් බොතම් (එංගලන්තය) යන ලොව ඉහළ ම පෙලේ තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර රවිචන්ද්‍රන් අශ්වින් ද සිටිනවා.


සටහන :
warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...