The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඉන්දියා - බංග්ලාදේශ ටෙස්ට් ගැටුමේදී වාර්තා පිට වාර්තා බිහිවෙයි

T

The Leader Desk

September 23, 2024 • 10:33 AM

ඉන්දියා - බංග්ලාදේශ ටෙස්ට් ගැටුමේදී වාර්තා පිට වාර්තා බිහිවෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රවිචන්ද්‍රන් අශ්වින් ට ද ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් බවට පත්වූයේ එහිදී වාර්තා පිට වාර්තා බිහිවූ බැවින්.
  • පරාජයන් 178 හා සසඳන විට ජයග්‍රහණ 179ක් පිළිබඳව ඉන්දියාව ට දැන් පුරසාරම් දොඩන්න පුළුවන්.
  • ඉන්දියාව ඔවුන්ගේ පළමු ටෙස්ට් ජයග්‍රහණය ලබා ගත්තේ තරග 25කට ක්‍රීඩා කිරීමෙන් පසුව.
  • ලකුණු 88කට කඩුලු 6ක් ලබා ගැනීමට පෙර ඔහු මේ තරගයේ පිතිකරණයේ යෙදුනු එක ම ඉනිමේදී ලකුණු 113ක් රැස් කිරීමට සමත් වුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

රවිචන්ද්‍රන් අශ්වින් ට ද ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් බවට පත්වූයේ එහිදී වාර්තා පිට වාර්තා බිහිවූ බැවින්.

මේ තරගයේදී පසු පෙල පිතිකරු අශ්වින් ශතකයක් ලබා ගැනීමට අමතරව කඩුලු හයක් ද ලබා ගනිමින් ඉන්දියාව මේ වාර්තාගත ජයග්‍රහණය කරා ගෙන ගියා.


IndiavsBangladesh2ජයග්‍රහණයත් සමග ඉන්දියාව දැන් ඔවුන්ගේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ටෙස්ට් තරග පරාජයන්ට වඩා ජයග්‍රහණයන් සතුකර ගෙන සිටිනවා.

 

මේ ජයග්‍රහණයත් සමග ඉන්දියාව දැන් ඔවුන්ගේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ටෙස්ට් තරග පරාජයන්ට වඩා ජයග්‍රහණයන් සතුකර ගෙන සිටිනවා. පරාජයන් 178 හා සසඳන විට ජයග්‍රහණ 179ක් පිළිබඳව ඉන්දියාව ට දැන් පුරසාරම් දොඩන්න පුළුවන්.

මේ අනුව, ටෙස්ට් ක්‍රිකට් පරාජයන්ට වඩා ජයග්‍රහණයන් වාර්තා කර සිටින කණ්ඩායම් ලැයිස්තුවේ ඔස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව හා පාකිස්තානය සමග දැන් ඉන්දියාව ද එක්ව සිටිනවා.


ඉන්දියාව ඔවුන්ගේ පළමු ටෙස්ට් ජයග්‍රහණය ලබා ගත්තේ තරග 25කට ක්‍රීඩා කිරීමෙන් පසුව.

 

GYD2L Wb0AAiwQr ඉන්දියානු ජයග්‍රහණයේදී ඔහු බැබලුනේ තුන් ඉරියව්වෙන් ම කැපී පෙනුනු දස්කම් දක්වමින්. ලකුණු 88කට කඩුලු 6ක් ලබා ගැනීමට පෙර ඔහු මේ තරගයේ පිතිකරණයේ යෙදුනු එක ම ඉනිමේදී ලකුණු 113ක් රැස් කිරීමට සමත් වුනා.

චෙන්නායි හි පැවති ඉන්දියා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේදී අශ්වින් සිටියේ ඔහුගේ උපරිම දක්ෂතාවේ. ඉන්දියානු ජයග්‍රහණයේදී ඔහු බැබලුනේ තුන් ඉරියව්වෙන් ම කැපී පෙනුනු දස්කම් දක්වමින්. ලකුණු 88කට කඩුලු 6ක් ලබා ගැනීමට පෙර ඔහු මේ තරගයේ පිතිකරණයේ යෙදුනු එක ම ඉනිමේදී ලකුණු 113ක් රැස් කිරීමට සමත් වුනා. මේ අනුව අශ්වින් ඓතිහාසික හපන්කමක් ඔහුගේ නමින් සනිටුහන් කළේ එකම ටෙස්ට් තරගයකදී ශතකයක් හා කඩුලු පහක් ලබා ගත් ඉතිහාසයේ වයස්ගතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින්.


වසර 147ක් පැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මේ වැදගත් අවස්ථාවට පිවිසි පළමු ක්‍රීඩකයා බවට අශ්වින් ඉතිහාසගත වන්නේ ඔහුට වයස අවුරුදු 38යි දවස් 2ක්ව තිබෙන මොහොතක.

ඔහු විසින් අභිභවා යනු ලැබුවේ වයස අවුරුදු 36යි දවස් 7දී මේ දක්ෂතාව වාර්තා කළ ඉන්දියාවේ ම Polly Umrigar ක්‍රීඩකයාව.

 

F4HX2X5WS5LLNJ4DMKJWOHXLPQඅශ්වින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඔහුගේ 37 වැනි කඩුලු පහක මල්ල හිමිකර ගනිමින්  හිටපු ඔස්ට්‍රේලියානු පුරාවෘත්ත දඟ පන්දු යවන්නා වූ ෂේන් වෝන්ගේ වාර්තාව සම කළා.

මේ ඉන්දියානු පිට දඟ පන්දු යවන්නා ඔහුගේ 520, 521 හා 522 ටෙස්ට් කඩුලු සිවු වැනි දින ක්‍රීඩාවේදී ලබා ගත්තේ බංග්ලාදේශය ලකුණු 234කට දැවී යද්දී. මේ ක්‍රියාවත් සමග අශ්වින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඔහුගේ 37 වැනි කඩුලු පහක මල්ල හිමිකර ගනිමින්  හිටපු ඔස්ට්‍රේලියානු පුරාවෘත්ත දඟ පන්දු යවන්නා වූ ෂේන් වෝන්ගේ වාර්තාව සම කළා.

අශ්වින් දැන්, මේ එදා මෙදා තුර ලැයිස්තුවේ වෝන් සමග සම වෙමින් දෙවැනි ස්ථානයේ පසුවනවා. ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් ටෙස්ට් කඩුලු පහේ දක්ෂතාවන් 67ක් වාර්තා කරමින් මේ ලැයිස්තුව මුදුනේ සිටිනවා.

බංග්ලාදේශය ට එරෙහි මේ තරගයේ පළමු ඉනිමේදී රවිචන්ද්‍රන් අශ්වින් කිසිම කඩුල්ලක් ලබා නොගත්ත ද, පිත්තෙන් හානිය සිදු කරමින් ඔහුගේ හය වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුනා.

 

1785d400 7681 11ef bde0 a7430caab139බංග්ලාදේශය ට එරෙහි මේ තරගයේ පළමු ඉනිමේදී රවිචන්ද්‍රන් අශ්වින් කිසිම කඩුල්ලක් ලබා නොගත්ත ද, පිත්තෙන් හානිය සිදු කරමින් ඔහුගේ හය වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුනා.

සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉන්දියා - බංග්ලාදේශ ටෙස්ට් ගැටුමේදී වාර්තා පිට වාර්තා බිහිවෙයි | The Leader