The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

පළමු ටෙස්ට් තරග අටෙන් අර්ධ ශතක අටක්: කමිඳු මෙන්ඩිස්ගෙන් ලෝක වාර්තාවක්

T

The Leader Desk

September 26, 2024 • 3:53 PM

පළමු ටෙස්ට් තරග අටෙන් අර්ධ ශතක අටක්: කමිඳු මෙන්ඩිස්ගෙන් ලෝක වාර්තාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු විසින් බිඳ දමනු ලැබුවේ පාකිස්තානයේ සාඩ් ෂකීල් ඔහුගේ පළමු ටෙස්ට් තරග හතේදී ලකුණු 50කට වැඩියෙන් ලබා ගෙන තබා තිබූ වාර්තාව.
  • වසර 147ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මීට පෙර මෙවැනි දක්ෂතාවක් වාර්තා වී නැහැ.
  • කමිඳු ඔහුගේ මේ ලෝක වාර්තාව සනිටුහන් කළේ පන්දු 56කින් නොදැවී ලකුණු 51ක් රැස් කරමින්.
  • එම ඉනිමට හතරේ පහර 8ක් හා එක් හයේ පහරක් ද ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.
අකුරු ප්‍රමාණය (Font Size):

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී, ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන නවසිලන්තය ට එරෙහි දෙවැනි තරගයේ ආරම්භක දිනයේදී නොදැවී ලකුණු 51ක් රැස් කරමින් කමිඳු මෙන්ඩිස් මේ ලෝක වාර්තාව බිහි කළේ සිය පළමු ටෙස්ට් ක්‍රිකට් තරග අටෙන් සෑම තරගයකම ලකුණු 50 ට වැඩියෙන් රැස් කළ ලොව පළමු පිතිකරුවා බවට පත්වෙමින්. ඔහු විසින් බිඳ දමනු ලැබුවේ පාකිස්තානයේ සාඩ් ෂකීල් ඔහුගේ පළමු ටෙස්ට් තරග හතේදී ලකුණු 50කට වැඩියෙන් ලබා ගෙන තබා තිබූ වාර්තාව.

වසර 147ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මීට පෙර මෙවැනි දක්ෂතාවක් වාර්තා වී නැහැ.

කමිඳු ඔහුගේ මේ ලෝක වාර්තාව සනිටුහන් කළේ පන්දු 56කින් නොදැවී ලකුණු 51ක් රැස් කරමින්. එම ඉනිමට හතරේ පහර 8ක් හා එක් හයේ පහරක් ද ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

නවසිලන්තය ට එරෙහිව ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේ ආරම්භක දිනයේදී ද පිත්තෙන් දස්කම් දැක්වූ කමිඳු එහිදී ධෛර්යවන්ත ශතකයක් වාර්තා කිරීමට සමත් වුනා..

ඉන්දියාවේ සුනිල් ගවස්කාර්, පාකිස්තානයේ සයීඩ් අහමඩ්, බටහිර ඉන්දීය කොදෙව් පිලේ බැසිල් බුචර් හා නවසිලන්තයේ බර්ට් සට්ක්ලිෆ් ඔවුන්ගේ පළමු ටෙස්ට් තරග හයේ සෑම තරගයකදීම අර්ධ ශතක ලබා ගෙන තිබෙනවා.

අත් දෙකෙන් ම පිත්ත හා පන්දුව හැසිරවීමේ හැකියාවක් තිබෙන කමිඳු මෙන්ඩිස් මෙතෙක් සහභාගි වී තිබෙන ටෙස්ට් තරග අටේදී දැනටමත් ශතක හතරක් හා අර්ධ ශතක පහක් වාර්තා කර තිබෙන්නේ ලකුණු 850කට වැඩියෙන් රැස් කරමින්.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com 

 

 

setw4522

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

පළමු ටෙස්ට් තරග අටෙන් අර්ධ ශතක අටක්: කමිඳු මෙන්ඩිස්ගෙන් ලෝක වාර්තාවක් | The Leader