The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

කමිඳු ගෙන් වාර්තාගත ශතකයක් හා කුසල් ගෙන් අර්ධ ශතකයක්

T

The Leader Desk

September 27, 2024 • 11:40 AM

කමිඳු ගෙන් වාර්තාගත ශතකයක් හා කුසල් ගෙන් අර්ධ ශතකයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ අද දෙවැනි දිනයේ දෙවැනි වරුවේ ක්‍රීඩාවේ විශේෂ සිදුවීම වුනා.
  • සවස තේ පානය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව තවත් කඩුලු පහක් අතැතිව 519ක දැවැන්ත මුළු ලකුණු ප්‍රමාණයක් වාර්තා කර තිබුනා.
  • කමිඳු මෙන්ඩිස් ලකුණු 135ක් ද, කුසල් මෙන්ඩිස් ලකුණු 70ක් ද රැස්කර ගෙන නොදැවී ක්‍රීඩා කරමින් සිටියා.
  • කමිඳු අද ඔහුගේ වාර්තාගත ටෙස්ට් ක්‍රිකට් ශතකය ලබා ගත්තේ පන්දු 147කට මුහුණ දෙමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ අද දෙවැනි දිනයේ දෙවැනි වරුවේ ක්‍රීඩාවේ විශේෂ සිදුවීම වුනා.

සවස තේ පානය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව තවත් කඩුලු පහක් අතැතිව 519ක දැවැන්ත මුළු ලකුණු ප්‍රමාණයක් වාර්තා කර තිබුනා.

කමිඳු මෙන්ඩිස් ලකුණු 135ක් ද, කුසල් මෙන්ඩිස් ලකුණු 70ක් ද රැස්කර ගෙන නොදැවී ක්‍රීඩා කරමින් සිටියා.

 

කමිඳු අද ඔහුගේ වාර්තාගත ටෙස්ට් ක්‍රිකට් ශතකය ලබා ගත්තේ පන්දු 147කට මුහුණ දෙමින්.

කමිඳු අද ඔහුගේ වාර්තාගත ටෙස්ට් ක්‍රිකට් ශතකය ලබා ගත්තේ පන්දු 147කට මුහුණ දෙමින්. ඒ සඳහා ගතවූ මිනිත්තු 224ක කාලය තුළ ඔහු හතරේ පහර 12ක් සහ එක් හයේ පහරක් එල්ල කර තිබුනා. තව දින තුනකින් 26 වැනි වියට පා තබන කමිඳු 2024 වසරේ වැඩිම ටෙස්ට් ක්‍රිකට් ශතකලාභීන්ගේ ලැයිස්තුවේ මුදුනට පිවිසියේ ශතක හතරක් ලබා ගෙන සිටින එංගලන්තයේ ජෝ රූට් අභිභවා යමින්. කමිඳු අද වාර්තා කළේ ඔහුගේ 5 වැනි ටෙස්ට් ක්‍රිකට් ශතකය යි. ඔහු මේ වසරේ ලොව වැඩිම ටෙස්ට් ශතකලාභියා බවට පත්වූයේ ඉනිම 12ක ක්‍රීඩා කරමින්.

කඩුලු 5 ට ලකුණු 519ක නොනිමි ඉනිමේදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 88කටත්, ධනංජය ද සිල්වා ලකුණු 44කටත් අද උදය වරුවේ දැවී ගියා.

Copy of Angelo Mathews VK97154ඇන්ජලෝ මැතිව්ස් අද තරගයේ යැවුනු හත්වැනි ඕවරයේදී දැවී ගියේ ඔහුගේ 17 වැනි ටෙස්ට් ශතකයට ලකුණු 12ක් අඩුවෙන් තිබියදී.

ඇන්ජලෝ මැතිව්ස් අද තරගයේ යැවුනු හත්වැනි ඕවරයේදී දැවී ගියේ ඔහුගේ 17 වැනි ටෙස්ට් ශතකයට ලකුණු 12ක් අඩුවෙන් තිබියදී. ඊයේ පළමු දින තරගය නතර කරන විට නොදැවී ලකුණු 78ක් රැස්කර ගෙන සිටි ඔහුට අද ලබා ගත හැකි වූයේ තවත් ලකුණු 10ක් පමණයි. ග්ලෙන් ෆිලිප්ස්ගේ පන්දුවට ‘ස්වීප්’ පහරක් එල්ල කිරීමේදී මැතිව්ස්ගේ පිත්තේ අග වැදී ඉහළ ගිය පන්දුව විලියම් රෝක් ‘ෂෝට් ෆයින් ලෙග්’ ස්ථානයේ සිට රැක ගත්තේ ඉතාමත් පහසුවෙන්. පන්දු 185කට මුහුණ දුන් මැතිව්ස් හතරේ පහර 7ක් සමග ලකුණු 88ක් රැස් කළා. ඔහු කමිඳු මෙන්ඩිස් සමග එක්ව සිවු වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 144ක් තුළ ගොඩනැගූ සබඳතාව ලකුණු 107ක්. ‌පෙර දිනයේ ලබා ගත් කඩුලු 3 ට ලකුණු 306 සිට අද තරගය ආරම්භ කළ ශ්‍රී ලංකාවේ සිවු වැනි කඩුල්ල බිඳ වැටුනේ මුළු ලකුණු 328දී.

 

කමිඳු හා නායක ධනංජය ද සිල්වා පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 132කින් ලකුණු 74ක් එක් කරමින් සිටියදී තරගයේ 119 වැනි ඕවරයේදී ග්ලෙන් ෆිලිප්ස්ගේ පන්දුවට දුන් උඩ පන්දුව කඩුලු රකින බ්ලන්ඩල් විසින් රැක ගැනීමෙන් ධනංජය දැවී ගියා. ඔහුගේ දැවී යාමත් සමග තරගය දිවා ආහාරය සඳහා නතර කෙරුනු අතර පන්දු 80කට මුහුණ දුන් ධනංජය ද සිල්වා හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමග රැස් කළ ලකුණු ප්‍රමාණය 44ක්.

ධනංජයගේ දැවී යාම ග්ලෙන් ෆිලිප්ස් මේ තරගයේ මෙතෙක් ලබා ගත් තෙවැනි කඩුල්ල යි.

සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කමිඳු ගෙන් වාර්තාගත ශතකයක් හා කුසල් ගෙන් අර්ධ ශතකයක් | The Leader