The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඩොන් බ්‍රැඩ්මන් සමග සමාන වෙමින් කමිඳු මෙන්ඩිස් තෙවැනියට වැඩිම වේගයෙන් ටෙස්ට් ලකුණු දහස ලබා ගනී

T

The Leader Desk

September 27, 2024 • 4:03 PM

ඩොන් බ්‍රැඩ්මන් සමග සමාන වෙමින් කමිඳු මෙන්ඩිස් තෙවැනියට වැඩිම වේගයෙන් ටෙස්ට් ලකුණු දහස ලබා ගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ තෙවැනියට වැඩිම වේගයෙන් ලකුණු 1000 ලබා ගත් පිතිකරුවා බවට පත්වෙමින්.
  • ජගත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ යෝධයෙකු වූ බ්‍රැඩ්මන් 1930 වසරේ ක්‍රීඩා කළ ඔහුගේ 13 වැනි ඉනිමේදී ටෙස්ට් ලකුණු දහස සම්පූර්ණ කළ අතර කමිඳු මෙන්ඩිස් ද අද ඔහුගේ 13 වැනි ඉනිමේදී ටෙස්ට් ලකුණු දහස ට පිවිසියා.
  • වසරෙන් පසුව වේගවත්ම ටෙස්ට් ලකුණු 1000 ලබා ගත් පිතිකරුවා වනුයේ කමිඳු මෙන්ඩිස්.
  • කමිඳු මේ වැදගත් සන්ධිස්ථානයට පැමිණියේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නවසිලන්තය ට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද නොදැවී ලකුණු 182ක් රැස් කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

සමග සමාන වීමට සමත් වුනා. ඒ, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ තෙවැනියට වැඩිම වේගයෙන් ලකුණු 1000 ලබා ගත් පිතිකරුවා බවට පත්වෙමින්.

sjer444
ජගත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ යෝධයෙකු වූ බ්‍රැඩ්මන් 1930 වසරේ ක්‍රීඩා කළ ඔහුගේ 13 වැනි ඉනිමේදී ටෙස්ට් ලකුණු දහස සම්පූර්ණ කළ අතර කමිඳු මෙන්ඩිස් ද අද ඔහුගේ 13 වැනි ඉනිමේදී ටෙස්ට් ලකුණු දහස ට පිවිසියා. 1949 වසරෙන් පසුව වේගවත්ම ටෙස්ට් ලකුණු 1000 ලබා ගත් පිතිකරුවා වනුයේ කමිඳු මෙන්ඩිස්.

කමිඳු මේ වැදගත් සන්ධිස්ථානයට පැමිණියේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ නවසිලන්තය ට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද නොදැවී ලකුණු 182ක් රැස් කරමින්. ඊයේ පළමු දින තරගයේ අංක 5 පිතිකරු ලෙස කඩුල්ලට පිවිසි කමිඳු පැය හය හමාරක් පුරා කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 250කට මුහුණ දී සනිටුහන් කළ ඔහුගේ වාර්තාගත නොදැවුනු ඉනිම හතරේ පහර 16ක් සහ හයේ පහර 4කින් අලංකාර වී තිබුනා. කමිඳු මෙන්ඩිස් අද තෙවැනියට වැඩිම වේගයෙන් ටෙස්ට් ලකුණු දහස සම්පූර්ණ කළේ රචින් රවින්ද්‍රගේ පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් වීම තවත් විශේෂත්වයක්. මෙය කමිඳුගේ 5 වැනි ටෙස්ට් ක්‍රිකට් ශතකය යි.


sdrtw4544
වේගවත්ම ටෙස්ට් ලකුණු දහස ලබා ගත් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ සිටින ඩොන් බ්‍රැඩ්මන් හා කමිඳු මෙන්ඩිස් ට වඩා ඉහළින් සිටින්නේ ඉනිම 12කදී එම ඉලක්කය සපුරා ගත් එංගලන්තයේ හර්බට් සට්ක්ලිෆ් සහ බටහිර ඉන්දීය කොදෙව් පිලේ එවර්ටන් වීක්ස්. 1949 වසරේදී වීක්ස් ටෙස්ට් ලකුණු දහස සම්පූර්ණ කළ අතර ලැයිස්තුව මුදුනේ සිටින සට්ක්ලිෆ් ටෙස්ට් ලකුණු 1000 ට පිවිසියේ 1925 වසරේදී.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...