The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ජයසූරිය හා පීරිස් දඟ පන්දු යවන්නෝ නවසීලන්තය වනසති

T

The Leader Desk

September 28, 2024 • 10:04 AM

ජයසූරිය හා පීරිස් දඟ පන්දු යවන්නෝ නවසීලන්තය වනසති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ටෙස්ට් තරගයේ අද තෙවැනි දින උදය වරුවේ කඩුලු 9ක් අහිමි කර ගත්තා.
  • ශ්‍රී ලංකාව පළමු ඉනිමේ වාර්තා කළ කඩුලු 5 ට ලකුණු 602 ට පිළිතුරු වශයෙන් නවසිලන්තය ට ලබා ගත හැකි වූයේ ලකුණු 88ක් පමණයි.
  • ඔවුන් ඔ්වර 39.5කට මුහුණ දෙමින් පන්දුවට පහර දුන් කාලය මිනිත්තු 154ක්.
  • ප්‍රභාත් ජයසූරිය ඔ්වර 18ක් යවමින් ලකුණු 42කට කඩුලු 6ක් බිඳ හෙලූ අතර සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වෙමින් සිටින පිට දඟ පන්දු යවන නිශාන් පීරිස් ඔ්වර 17යි පන්දු 5ක් ඇතුළත ලකුණු 33කට කඩුලු 3ක් ලබා ගැනීමට සමත් වුනා.
අකුරු ප්‍රමාණය (Font Size):

ටෙස්ට් තරගයේ අද තෙවැනි දින උදය වරුවේ කඩුලු 9ක් අහිමි කර ගත්තා.

කඩුලු 2 ට ලකුණු 22 සිට අද තරගය ආරම්භ කළ නවසිලන්ත කණ්ඩායමේ ඉතිරි කඩලු 8 ලකුණු 66කට ඔ්වර 25යි පන්දු 5කදී දැවී යාමෙන් පසුව නැවත පන්දුවට පහර දීමට සිදුවූ නවසිලන්ත කණ්ඩායමේ තවත් කඩුල්ලක් මිනිත්තු හයක් ඇතුළත දැවී ගිය අතර දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට නවසිලන්තය ඔවුන්ගේ දෙවැනි ඉනිමේ කඩුල්ලක් දැවී ලකුණු 3ක් රැස්කර ගෙන සිටියා.

ශ්‍රී ලංකාව පළමු ඉනිමේ වාර්තා කළ කඩුලු 5 ට ලකුණු 602 ට පිළිතුරු වශයෙන් නවසිලන්තය ට ලබා ගත හැකි වූයේ ලකුණු 88ක් පමණයි. ඔවුන් ඔ්වර 39.5කට මුහුණ දෙමින් පන්දුවට පහර දුන් කාලය මිනිත්තු 154ක්.

461516980 944461811052269 919642919764449023 n

තරගයේ සම්පූර්ණයෙන් ම ආධිපත්‍ය පැතිරවූයේ ශ්‍රී ලංකා දඟ පන්දු යුගලය යි. ප්‍රභාත් ජයසූරිය ඔ්වර 18ක් යවමින් ලකුණු 42කට කඩුලු 6ක් බිඳ හෙලූ අතර සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වෙමින් සිටින පිට දඟ පන්දු යවන නිශාන් පීරිස් ඔ්වර 17යි පන්දු 5ක් ඇතුළත ලකුණු 33කට කඩුලු 3ක් ලබා ගැනීමට සමත් වුනා.


දිවා ආහාරයට පෙර බිඳ වැටුනු කඩුල්ල ලබා ගත්තේ ද පීරිස්.

නවසිලන්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා වූයේ අංක 9 පිතිකරු මිචල් සැන්ට්න. පන්දු 51කට මුහුණ දුන් ඔහු හතරේ පහර 4ක් සහ හයේ පහරක් එල්ල කරමින් ලකුණු 29ක් රැස් කළා.

 

461367355 944426444389139 428668917370144519 n

රචින් රවින්ද්‍රගේ කඩුල්ල බිඳ දමමින් සිය මංගල ටෙස්ට් කඩුල්ල හිමිකර ගත් නිශාන් පීරිස් ඔහුගේ ඊළඟ ඔ්වරයේදී අජාස් පටෙල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් දෙවැනි කඩුල්ල ලබා ගත්තා. මිචල් සැන්ට්න දැවී ගියේ ද පීරිස්ගේ පන්දුව කෙළින් ම කඩුල්ලේ වැදීමෙන්.

ප්‍රභාත් ජයසූරියගේ දඟ පන්දුවලට අද ගොදුරු වූ පිතිකරුවන් වූයේ කේන් විලියම්සන් (7), ඩැරිල් මිචල් (13), ටොම් බ්ලන්ඩල් (1), ග්ලෙන් ෆිලිප්ස් (0) හා ටිම් සවුතී (2).

ධනංජය ද සිල්වා ‘ස්ලිප්’ ස්ථානයේ සිට උඩ පන්දු පහක් රැක ගැනීමට සමත් වුනා.

 

461422435 944459214385862 4163478479227545431 n

සටහන :

warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...