The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

මොහමඩ් අලිගේ සංකේතාත්මක අත්වැස්ම පවුම් මිලියන ගණනක් අපේක්ෂිත වෙන්දේසියක

T

The Leader Desk

October 2, 2024 • 2:45 PM

මොහමඩ් අලිගේ සංකේතාත්මක අත්වැස්ම පවුම් මිලියන ගණනක් අපේක්ෂිත වෙන්දේසියක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හෙන්රි කූප (Henry Cooper) සමග 1963 වසරේ පැවති බොක්සිං සටනේදී එවකට කැසියස් ක්ලේ (Cassius Clay) නමින් සිටි මොහමඩ් අලි (Muhammad Ali) ඔහුගේ වම් අතේ පැළඳ සිටියේ මේ අත්වැස්ම.
  • අලිගේ පුහුණුකරු වූ ඇන්ජලෝ ඩන්ඩී (Angelo Dundee) මේ අත්වැස්මේ පැල්මක් සිදු කිරීම නිසා මෙය බොක්සිං ඉතිහාසයේ එක් වඩාත්ම ජනප්‍රිය අත්වැස්මක් බවට පත්ව තිබෙනවා.
  • කූප ට එරෙහිව පැවති එම තරගයේදී අලිගේ අත්වැස්මේ ඒ වන විටත් තිබූ පැල්මක් ඩන්ඩී විසින් හිතාමතාම තවත් විශාල කර තිබෙන්නේ අලුත් අත්වැස්මක් සොයා ගෙන එන තුරු සටනේ සිවු වැනි වටයේ කාල වේලාව දීර්ඝ වී එමගින් අලි ට තීරණාත්මක අමතර කාලයක් ලබා ගැනීමට බව පැවසෙනවා.
  • මීට අමතරව, අලි මේ තරගයේදී කූපගේ පහරකින් බොක්සිං වළල්ලේ බිම ඇද වැටීම නිසා මේ සටන කලාතුරකින් දක්නට ලැබුනු, අලි බොක්සිං වළල්ල තුළ බිම හෙලනු ලැබූ තරග හතරෙන් එකක් බවට පත්ව තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


හෙන්රි කූප (Henry Cooper) සමග 1963 වසරේ පැවති බොක්සිං සටනේදී එවකට කැසියස් ක්ලේ (Cassius Clay) නමින් සිටි මොහමඩ් අලි (Muhammad Ali) ඔහුගේ වම් අතේ පැළඳ සිටියේ මේ අත්වැස්ම. අලිගේ පුහුණුකරු වූ ඇන්ජලෝ ඩන්ඩී (Angelo Dundee) මේ අත්වැස්මේ පැල්මක් සිදු කිරීම නිසා මෙය බොක්සිං ඉතිහාසයේ එක් වඩාත්ම ජනප්‍රිය අත්වැස්මක් බවට පත්ව තිබෙනවා.

කූප ට එරෙහිව පැවති එම තරගයේදී අලිගේ අත්වැස්මේ ඒ වන විටත් තිබූ පැල්මක් ඩන්ඩී විසින් හිතාමතාම තවත් විශාල කර තිබෙන්නේ අලුත් අත්වැස්මක් සොයා ගෙන එන තුරු සටනේ සිවු වැනි වටයේ කාල වේලාව දීර්ඝ වී එමගින් අලි ට තීරණාත්මක අමතර කාලයක් ලබා ගැනීමට බව පැවසෙනවා.

1963 වසරේදී පැවති මේ බොක්සිං තරගය ඉතිහාසගතව තිබෙන්නේ හේතු කිහිපයක් නිසා.


ali
අමතර බොක්සිං අත්වැසුම් යුගලයක් තරගයක් සඳහා සූදානම් කර තිබීමේ අවශ්‍යතාව නීතිගත වීම එක් හේතුවක්. මීට අමතරව, අලි මේ තරගයේදී කූපගේ පහරකින් බොක්සිං වළල්ලේ බිම ඇද වැටීම නිසා මේ සටන කලාතුරකින් දක්නට ලැබුනු, අලි බොක්සිං වළල්ල තුළ බිම හෙලනු ලැබූ තරග හතරෙන් එකක් බවට පත්ව තිබෙනවා. කෙසේ වෙතත්, තරගයේ පස්වැනි වටයෙන් පසුව මොහමඩ් අලි ජයග්‍රාහකයා ලෙස නම් කෙරුනා.

එම ‌ෙඑතිහාසික තරගයේදී අලි විසින් භාවිතා කරනු ලැබූ රතු බැටළු හමින් නිපදවුනු අත්වැස්ම දැන් ස්ටුඅර්ට් බුල් (Stuart Bull Auctions) විසින් වෙන්දේසියට තබා තිබෙන්නේ ඔවුන් විසින්‌ මේ අත්වැස්මේ සම්භවය තහවුරු කර ගැනීමෙන් පසුව.

“මේ අත්වැස්ම අව්‍යාජ බවට මම ප්‍රකාශ කරනවා. එහි වැදගත්කම, ආරක්ෂාව හා සම්භවය පිළිබඳව මම සැමවිටම දැනගෙන සිටියා” යනුවෙන් මේ අත්වැස්ම නිෂ්පාදනය කළ Baily’s ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ රිචර්ඩ් මෙයර්ස් (Richard Mayers) ප්‍රකාශ කරනවා.

setw45

ඔක්තෝබර් 31 වැනිදා අවසන් වන ‘ඔන්ලයින්’ වෙන්දේසියේ මේ අත්වැස්ම පවුම් මිලියන 4-6 (යුරෝ මිලියන 4.8-7.2) මුදලකට අලෙවි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

එම තරගයේ මොහමඩ් අලිගේ දකුණත් අත්වැස්ම වර්තමානයේ අයිති කර ගෙන සිටින්නේ කටාර් දේශයේ රාජකීය පවුලේ සාමාජිකයෙක්.

අත්වැස්මේ සම්භවය ඔප්පු කිරීම පිණිස ස්ටුඅර්ට් බුල් එහි මූලාරම්භය නිරීක්ෂණය කර තිබෙනවා. එංගලන්තයේ ග්ලැස්ටන්බරී නගරයේ Baily’s Tanneries කර්මාන්ත ශාලාව විසින් 1963 වසරේදී මේ අත්වැස්ම නිෂ්පාදනය කර තිබෙන්නේ බ්‍රිතාන්‍ය බොක්සිං පාලක මණ්ඩලයේ කොන්ත්‍රාත්තුවකට අනුව. මේ තරගයට මෙන්ම කූප හා අලි අතර 1966 වසරේ නැවත වරක් පැවති තරගය වෙනුවෙන් ද බොක්සිං අත්වැසුම් නිෂ්පාදනය කළේ මේ ආයතනය.

තරගයෙන් පසුව, පරීක්ෂාව පිණිස අත්වැස්ම යළි බේලිස් ෆැක්ටේරියට යවා තිබෙනවා. ඉන්පසු එය මෙයර්ස් විසින් කම්හලේ තබා ගෙන සිට ඇති අතර ඔහු‌ගේ මිය යාමෙන් පසුව අත්වැස්ම, විද්‍යාඥයන් හා ඉංජිනේරුවන්ගේ පවුලක් වන පෙනිසිල්වේනියාවේ Sellers Family වෙත 1992 වසරේදී පරිත්‍යාග කර තිබෙනවා. ස්ටුඅර්ට් බුල් වෙන්දේසිය දක්වා මේ අත්වැස්ම තිබුනේ එම ස්ථානයේ.

මේ අත්වැස්ම ට අමතරව, එහි සම්භවයේ දීර්ඝ ඉතිහාසය පිළිබඳව පැය තුන් දහසක් තිස්සේ කළ පර්යේෂණයක පිටු 70ක ලේඛන ගොන්නක් ද වෙන්දේසියේ ජයග්‍රාහී ඉල්ලුම්කරු ට හිමි වනවා.

බොක්සිං ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පුරාවෘත්තය වන මොහමඩ් අලි පාවිච්චි කළ මේ වඩාත් ම වැදගත් සංකේතාත්මක අත්වැස්ම වෙන්දේසි කරන තෙක් සුරක්ෂිතව ගබඩා කර තිබෙන්නේ රහසිගත ස්ථානයක.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...