The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

වයසට යන රොනාල්ඩෝගෙන් තවත් හපන්කමක්

T

The Leader Desk

October 2, 2024 • 2:58 PM

වයසට යන රොනාල්ඩෝගෙන් තවත් හපන්කමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔප්පු කර තිබෙන්නේ තවත් වැදගත් හපන්කමක් වාර්තා කරමින්.
  • සෞදි අරාබියේ අල් නස්ර් (Al Nassr) කණ්ඩායමට ක්‍රීඩා කරමින් රොනාල්ඩෝ ඔහුගේ ක්‍රීඩා දිවියේ මේ චමත්කාරජනක සන්ධිස්ථානය සනිටුහන් කළේ AFC චැම්පියන්ස් ලීගයේ අල් රයියාන් (Al Rayyan) පිලට එරෙහි ගෝල් 2-1ක ජයග්‍රහණයේ දෙවැනි ගෝලය ලබා ගනිමින්.
  • තිස් නව හැවිරිදි රොනාල්ඩෝ ඔහුගේ 30 වැනි උපන්දිනයේ සිට මේ දක්වා ගෝල් 441ක් වාර්තා කර තිබෙනවා.
  • ඔහු‌ මේ ගෝල් ලබා ගෙන ඇත්තේ තරග 523කට පමණක් ක්‍රීඩා කරමින්.
අකුරු ප්‍රමාණය (Font Size):
ඔප්පු කර තිබෙන්නේ තවත් වැදගත් හපන්කමක් වාර්තා කරමින්. ඒ, වයස අවුරුදු විසි ගණන්වලට වඩා තිස් ගණන්වලදී ගෝල් ලබා ගනිමින්.

සෞදි අරාබියේ අල් නස්ර් (Al Nassr) කණ්ඩායමට ක්‍රීඩා කරමින් රොනාල්ඩෝ ඔහුගේ ක්‍රීඩා දිවියේ මේ චමත්කාරජනක සන්ධිස්ථානය සනිටුහන් කළේ AFC චැම්පියන්ස් ලීගයේ අල් රයියාන් (Al Rayyan) පිලට එරෙහි ගෝල් 2-1ක ජයග්‍රහණයේ දෙවැනි ගෝලය ලබා ගනිමින්.

තිස් නව හැවිරිදි රොනාල්ඩෝ ඔහුගේ 30 වැනි උපන්දිනයේ සිට මේ දක්වා ගෝල් 441ක් වාර්තා කර තිබෙනවා. ඔහු‌ මේ ගෝල් ලබා ගෙන ඇත්තේ තරග 523කට පමණක් ක්‍රීඩා කරමින්.

රොනාල්ඩෝ ඔහුට වයස අවුරුදු විසි ගණන්වලදී තරග 596කට ක්‍රීඩා කර ලබා ගත් ගෝල් ප්‍රමාණය 440ක්.

ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ 30 වැනි වියට පා තැබුවේ 2015 වසරේ පෙබරවාරි 5 වැනිදා රිආල් මැඩ්රිඩ් (Real Madrid) කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටියදී. ඒ අනුව පෙනී යන්නේ ඔහුගේ වයස තිස් ගණන්වල ගෝල් 441 වාර්තා වී තිබෙන්නේ ඔහු රිආල් මැඩ්රිඩ්, යීවෙන්චස් (Juventus), මැන්චෙස්ට යුනයිටඩ් (Manchester United), අල් නස්ර් හා පෘතුගාලය කණ්ඩායම්වලට ක්‍රීඩා කරමින් සිටියදී බව. රොනාල්ඩෝ ඔහුගේ ජාතික කණ්ඩායම වෙනුවෙන් ගෝල් 132ක් වාර්තා කර තිබෙනවා.

අල් රයියාන් කණ්ඩායමට එරෙහිව ලබා ගත් ගෝලය රොනාල්ඩෝ ඔහුගේ ක්‍රීඩා දිවියේ මේ දක්වා ලබා ගත් 904 වැනි ගෝලය.
 
CR
තරග බිමෙන් විශ්‍රාම යාමට පෙර ගෝල් 1000ක් ලබා ගැනීමේ සිය අභිප්‍රාය පිළිබඳව රොනාල්ඩෝ දැනටමත් අඟවා තිබෙනවා.

බ්‍රසීල පාපන්දු පුරාවෘත්තය වන පේලේ එදා මෙදා තුර බිහිවූ වැඩිම ගෝල්ලාභියා බවට සමහරු සලකන අතර ඔහු ගෝල් 1281ක් ලබා ගත් බව ජගත් පාපන්දු සම්මේලනය ප්‍රකාශ කර තිබෙනවා. නමුත්‌ එම ගෝල්වලින් සිය ගණනක් වාර්තා වුනේ මිත්‍ර තරගවලදී බවට දැන් බොහෝ දෙනා පිලිගෙන තිබෙනවා.

පළමුව ගෝල් නවසීයක් ලබා ගැනීමෙන් පසුව තමාගේ අභියෝගය ගෝල් දහසක් බවට රොනාල්ඩෝ ගෝල් 900 සන්ධිස්ථානයට පිවිසීමට පෙර කියා තිබුනා.

“නමුත් එක වෙනසක් සමග. මම ලබා ගන්න හැම ගෝලයකම වීඩියෝ තියෙනවා. ඒ නිසා ඒ ගෝල් ඇත්ත බවට ඔප්පු කරන්න මට පුළුවනි” යනුවෙන් රොනාල්ඩෝ කියනවා.

තමා ආබාධයන්ට ලක් නොවුවහොත් තව අවුරුදු දෙකක් ඇතුළත වයස අවුරුදු 41 වීමට පෙර ගෝල් දහස සම්පූර්ණ කිරීමේ හැකියාවක් තමාට තිබෙන බවට රොනාල්ඩෝ විශ්වාස කරනවා.

ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ වර්තමානයේ ක්‍රීඩා කරන අතිදක්ෂ ආකාරය අනුව ඔහු ගෝල් 1000ක් ලබා ගැනීමට එරෙහිව ඔට්ටුවක් අල්ලනු ඇත්තේ නිර්භීත මිනිසෙක් පමණයි.

කවුද දන්නේ...සමහර විට රොනාල්ඩෝගේ අවුරුදු හතළිස් ගණන්වල වයස ඔහුගේ තිස් ගණන්වල වයසට වඩා ඵලදායී වීමට ඉඩ තිබෙනවා.
 
සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...