The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

බර්ලින් මැරතන් තරගය ලෝක වාර්තාවක් බිඳ දමයි

T

The Leader Desk

October 4, 2024 • 10:10 AM

බර්ලින් මැරතන් තරගය ලෝක වාර්තාවක් බිඳ දමයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ අනුව 2024 බර්ලින් මැරතන් තරගය විසින් පසුගිය අප්‍රේල් මාසයේ පැරිස් මැරතන් තරගය පුද්ගලයන් 54,175ක් විසින් අවසන් කරමින් ද, 2019 නිව්යෝක් මැරතන් තරගය පුද්ගලයින් 53,627 දෙනෙකු විසින් අවසන් කරමින් ද තබා තිබූ ලෝක වාර්තා බිඳ දමා තිබෙනවා.
  • මිල්කෙසා මෙන්ගේෂා සහ ටිගිස්ට් කෙටීමා 26 හැවිරිදි කෙටීමා පැය 2යි මිනිත්තු 16යි තත්පර 42කින් කාන්තා ඉසව්ව ජය ගත්තේ මේ වසර තුළ ඇයට දෙවැනි මැරතන් ජයග්‍රහණයක් ලබා දෙමින්.
  • ඇය 2024 වසර ආරම්භ කළේ ජනවාරියේ ඩුබායි හි පැවති ඇයගේ මංගල මැරතන් තරගය පැය 2යි මිනිත්තු 16යි තත්පර 07කින් අවසන් කරමින්.
  • බර්ලින් හි දී ඇය මිනිත්තු දෙකකට මඳක් වැඩි කාලයකින් ඉතියෝපියාවේ ම Mestawot Fikir අභිබවා ගියේ එම රට තරගයේ ඉහළම ස්ථාන හතර ලබා ගනිමින්.
අකුරු ප්‍රමාණය (Font Size):

මේ අනුව 2024 බර්ලින් මැරතන් තරගය විසින් පසුගිය අප්‍රේල් මාසයේ පැරිස් මැරතන් තරගය පුද්ගලයන් 54,175ක් විසින් අවසන් කරමින් ද, 2019 නිව්යෝක් මැරතන් තරගය පුද්ගලයින් 53,627 දෙනෙකු විසින් අවසන් කරමින් ද තබා තිබූ ලෝක වාර්තා බිඳ දමා තිබෙනවා.

මෙවර බර්ලින් මැරතන් තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වාර්තා වූයේ ඉතියෝපියාවෙන්. ටිගිස්ට් කෙටීමා (Tigist Ketema) සහ මිල්කෙසා මෙන්ගේෂා (Milkesa Mengesha) පිළිවෙලින් කාන්තා හා පිරිමි ශූරතා හිමිකර ගත් අතර ඉතියෝපියාව ලොව ප්‍රධාන පෙලේ මැරතන් තරගයක පිරිමි හා කාන්තා ශූරතා දෙක ම මෙසේ දිනා ගෙන තිබෙන්නේ වසර තුනකට පසුව ප්‍රථම වතාවට.
මිල්කෙසා මෙන්ගේෂා සහ ටිගිස්ට් කෙටීමා 

26 හැවිරිදි කෙටීමා පැය 2යි මිනිත්තු 16යි තත්පර 42කින් කාන්තා ඉසව්ව ජය ගත්තේ මේ වසර තුළ ඇයට දෙවැනි මැරතන් ජයග්‍රහණයක් ලබා දෙමින්. ඇය 2024 වසර ආරම්භ කළේ ජනවාරියේ ඩුබායි හි පැවති ඇයගේ මංගල මැරතන් තරගය පැය 2යි මිනිත්තු 16යි තත්පර 07කින් අවසන් කරමින්. මෙය මෙතෙක් වාර්තා වූ වැඩිම වේගවත් මංගල මැරතන් තරගය.
 
tigist ketema won her first major marathon in berlin v0 hafgnnbx0qrd1

බර්ලින් හි දී ඇය මිනිත්තු දෙකකට මඳක් වැඩි කාලයකින් ඉතියෝපියාවේ ම Mestawot Fikir අභිබවා ගියේ එම රට තරගයේ ඉහළම ස්ථාන හතර ලබා ගනිමින්.

24 හැවිරිදි මෙන්ගේෂා බර්ලින් මැරතන් පිරිමි තරගය ජයග්‍රහණය කළේ පැය 2යි මිනිත්තු 3යි තත්පර 17ක කාලයකින්. කාන්තා තරගයේ මෙන් නොව පිරිමි තරගය අවසාන සැතපුම දක්වා තරගකාරී මුහුණුවරකින් පැවති අතර ඔහු කෙන්යාවේ Cyprian Kotut යාන්තමින් පැරදවූයේ තත්පර පහකින්. මේ අනුව මෙය වසර 12ක් ඇතුළත පැවති ඉතාමත් තියුණු බර්ලින් මැරතන් තරගය බවට පත්වුනා.

 
download 8
බර්ලින් තරගයට පෙර මෙන්ගේෂාගේ ඉහළම ජයග්‍රහණය වී තිබුනේ 2023 ලෝක ශූරතාවලියේ මැරතන් තරගයේ 6 වැනි ස්ථානයට පත්වීම. ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඔහු මීටර් 5000 ඉසව්ව 10 වැනි ස්ථානයෙන් අවසන් කළා.

කෙසේ වෙතත්, 2024 බර්ලින් මැරතන් තරගය අවසන් කළ පුද්ගල සංඛ්‍යාවේ වාර්තාවට ළඟදීම තර්ජනයක් එල්ල වීමට ඉඩ තිබෙනවා. නොවැම්බර් 3 වැනිදා පැවැත්වීමට නියමිත නිව්යෝක් මැරතන් තරගයට අයදුම් පත් 165,000කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබෙන අතර ධාවකයන් 50,000කට වැඩි ප්‍රමාණයක් තරගය ආරම්භ කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ඔක්තෝබර් 13 වැනි දින පැවැත්වෙන චිකාගෝ මැරතන් තරගය ද ධාවකයන් 50,000කට වැඩියෙන් අපේක්ෂා කළ ද එම තරගය අවසන් කරන සමස්ත සංඛ්‍යාව සාමාන්‍යයෙන් නිව්යෝක් තරගයට වඩා අඩුයි.

සටහන :
warnan Gunasekara
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...