The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩක රෂිඩ් ඛාන්ගේ මනාලිය නැති වෙඩිං ෆොටෝ

T

The Leader Desk

October 5, 2024 • 4:30 PM

 ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩක රෂිඩ් ඛාන්ගේ මනාලිය නැති වෙඩිං ෆොටෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දඟ පන්දුවෙන් ක්‍රිකට් ලෝකයේ අවධානය දිනා සිටින රෂිඩ් ඛාන් කාබුල් නුවරදී බ්‍රහස්පතින්දා විවාහ දිවියට පිවිසි අතර ඔහුගේ සගයන්ගෙන් සුභ පැතුම් පණිවුඩ ගලා එද්දී, විවාහෝත්සවයේ එක ම ඡායාරූපයක හෝ මනාලිය ඇතුළුව කිසිම කාන්තාවක් පෙනෙන්නට නොසිටීම පිළිබඳව බොහෝ දෙනා විස්මයට පත්ව සිටිනවා.
  • ඇෆ්ගන් T20 නායක රෂිඩ් ඛාන් (Rashid Khan) සහ ඔහුගේ සොහොයුරන් වන Amir Khalil, Zakiullah සහ Raza Khan යන සියළු දෙනා ම එක ම දිනයේදී විවාහ වුනේ ඇෆ්ගනිස්තාන අගනුවර පැවති සම්ප්‍රදායානුකූල උත්සවයකදී.
  • නියෝග ක්‍රියාත්මක කිරීමේදී අමාත්‍යංශ නිලධාරීන් බලය පාවිච්චි කරමින් පුද්ගලයෙකුගේ නිදහස හා ශාරීරික හා මානසික අවංකත්වය උල්ලංඝනය කිරීම් දහසකට වැඩි ප්‍රමාණයක් 2021 අගෝස්තුවේ සිට 2024 මාර්තුව දක්වා කාලය තුළ සිදුව තිබෙන බව එම වාර්තාවේ සඳහන් වනවා.
  • ටලිබාන්වරු 2021 වසරේ අගෝස්තු මාසයේ බලය අල්ලා ගැනීමෙන් පසුව ඔවුන් හය වැනි ශ්‍රේණියෙන් ඔබ්බට ඇෆ්ගන් කාන්තාවන්ට හා බාලිකාවන්ට අධ්‍යාපනය ලැබීම සහ උද්‍යාන, ජිම් හා සැලූන් වැනි ප්‍රසිද්ධ ස්ථානවල සිටීම තහනම් කර තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

දඟ පන්දුවෙන් ක්‍රිකට් ලෝකයේ අවධානය දිනා සිටින රෂිඩ් ඛාන් කාබුල් නුවරදී බ්‍රහස්පතින්දා විවාහ දිවියට පිවිසි අතර ඔහුගේ සගයන්ගෙන් සුභ පැතුම් පණිවුඩ ගලා එද්දී, විවාහෝත්සවයේ එක ම ඡායාරූපයක හෝ මනාලිය ඇතුළුව කිසිම කාන්තාවක් පෙනෙන්නට නොසිටීම පිළිබඳව බොහෝ දෙනා විස්මයට පත්ව සිටිනවා.

ඇෆ්ගන් T20 නායක රෂිඩ් ඛාන් (Rashid Khan) සහ ඔහුගේ සොහොයුරන් වන Amir Khalil, Zakiullah සහ Raza Khan යන සියළු දෙනා ම එක ම දිනයේදී විවාහ වුනේ ඇෆ්ගනිස්තාන අගනුවර පැවති සම්ප්‍රදායානුකූල උත්සවයකදී.

ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩක හා ඇෆ්ගනිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මොහමඩ් නබි තම කණ්ඩායම් සගයා ට සුභ පතමින් ඔහුගේ විවාහෝත්සවයේ ඡායාරූප කිහිපයක් X වේදිකාවේ පෝස්ට් කර තිබෙනවා.

සමාජ මාධ්‍යයේ පෝස්ට් කෙරුනු එම විවාහ උත්සවයේ කිසිම පිංතූරයක රෂිඩ් ඛාන්ගේ බිරිඳ හෝ කිසිම කාන්තාවක් දක්නට නොලැබීම පිළිබඳව බොහෝ දෙනා වික්ෂිප්ත වී සිටිනවා.
1 1728029631508 1728029640749
ටලිබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් සැබැවින්ම මහජන ජීවිතයේ සියළුම අංගවලින් පාහේ බැහැර කර තිබෙනවා. ඇෆ්ගන් කාන්තාවන්ගේ අයිතීන් ක්‍රමානුකූලව මකා දමමින් තිබීම පිළිබඳව රටවල් කිහිපයක්ම අනතුරු අඟවා තිබෙනවා.

2024 ජූලි මාසයේ පළ කෙරුණු එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව ටලිබාන් පොලිසිය විසින් ඇෆ්ගන්වරුන් අතර බිය පතුරුවා තිබෙනවා. නියෝග ක්‍රියාත්මක කිරීමේදී අමාත්‍යංශ නිලධාරීන් බලය පාවිච්චි කරමින් පුද්ගලයෙකුගේ නිදහස හා ශාරීරික හා මානසික අවංකත්වය උල්ලංඝනය කිරීම් දහසකට වැඩි ප්‍රමාණයක් 2021 අගෝස්තුවේ සිට 2024 මාර්තුව දක්වා කාලය තුළ සිදුව තිබෙන බව එම වාර්තාවේ සඳහන් වනවා.

ටලිබාන්වරු 2021 වසරේ අගෝස්තු මාසයේ බලය අල්ලා ගැනීමෙන් පසුව ඔවුන් හය වැනි ශ්‍රේණියෙන් ඔබ්බට ඇෆ්ගන් කාන්තාවන්ට හා බාලිකාවන්ට අධ්‍යාපනය ලැබීම සහ උද්‍යාන, ජිම් හා සැලූන් වැනි ප්‍රසිද්ධ ස්ථානවල සිටීම තහනම් කර තිබෙනවා. මීට අමතරව ඔවුන් කාන්තාවන්ට රැකියාවන්හි නිරත වීම ද තහනම් කර තිබෙනවා.

 ඇෆ්ගන් කාන්තාවක් නිවසින් පිටතට යන විට ඇය සමග පිරිමි භාරකරුවෙක් එනම් පියා හෝ සැමියා ගමන් කළ යුතු වන අතර එසේ නොවුනහොත් ඇයට දඬුවම් විඳීමට සිදුවනවා.

 

download

‘දුසිරිත වැළැක්වීම හා සුචරිතය ප්‍රවර්ධනය’ ඉලක්ක කරමින් ටලිබාන්වරු අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්තානයේ ප්‍රථම නිල නීති සමුදාය හඳුන්වා දුන්නා. මේ අනුව කාන්තාවන් ප්‍රසිද්ධියේ පෙනී සිටින විට ඔවුන්ගේ ශරීර හා මුහුණු ඝන ඇඳුම්වලින් සම්පූර්ණයෙන් වසා ගත යුතුයි. මේ අලුත් නීතිවලට අනුව, ජනතාව ගැවසෙන ප්‍රසිද්ධ ස්ථානවලදී කාන්තාවන් ඔවුන්ගේ හඬ පිටතට නෑසෙන පරිදි කතා කළ යුතු වන අතර තමන්ගේ නිවෙස් තුළ පවා එසේ සිටිය යුතු වන්නේ හඬ නගා සිංදු කීම හෝ පොත් කියවීමෙන් වැළකෙමින්. තමන්ගේ පවුල්වල කිට්ටු සාමාජිකයන් නොවන පිරිමින් දෙස කෙළින් බැලීම ද ඇෆ්ගන් කාන්තාවන්ට තහනම්. මේ නීති උල්ලංඝනය කරන අයට දෙන දඬුවම් විවිධාකාරයි.

මේ නීති සම්බන්ධයෙන් නැගී තිබෙන ගෝලීය විවේචන ටලිබාන් රජය තුට්ටුවකට හෝ මායිම් කරන්නේ නැහැ.

මේ තහංචි තිබියදීත්, ඇෆ්ගන් කාන්තාවන් ඔවුන් ගී ගයන වීඩියෝවලින් සමාජ මාධ්‍ය පුරවමින් ටලිබාන්වරුන්ට විරෝධය පළ කරමින් සිටින බව වාර්තා වනවා. මෙවන් එක් ජනප්‍රිය ගීතයක පද රචනයෙන් මෙසේ කියැවෙනවා.

“උන්ගේ බූට් සපත්තු මගේ බෙල්ල උඩ තිබුනාවේ.

එහෙමත් නැත්නම්, උන්ගේ මිට මොළවාපු අත් මගේ මුහුණේ තිබුනාවේ.

නමුත් අපේ ඇඟ පතුලේ තිබෙන ආලෝකයෙන්

සටන් කරමින් මම මේ රැය පහන් කරනවා!”

සටහන :

warnan Gunasekara

 

 

 

 

(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩක රෂිඩ් ඛාන්ගේ මනාලිය නැති වෙඩිං ෆොටෝ | The Leader