The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

චමරී අතපත්තු යළිත් අසාර්ථක වෙයි: දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාවට පරාජය

T

The Leader Desk

October 5, 2024 • 5:32 PM

 චමරී අතපත්තු යළිත් අසාර්ථක වෙයි: දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාවට පරාජය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ, ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ කඩුලු 6ක පහසු ජයකන් වාර්තා කිරීමත් සමග ය.
  • චමරි යළිත් අසාර්ථක යි ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි නායිකා චමරි අතපත්තු යළිත් වරක් අසාර්ථක පිතිකරණයන නිරත වෙමින් ලකුණු 3ක් ලබා සිටියදී දැවී ගියා ය.
  • පකිස්ථානයට එරෙහිව පැවති තරගයේදී ද චමරි අතපත්තු රැස් කළේ, ලකුණු 6ක් පමණි.
  • ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩි ම ලකුණු රැස් කළ නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 29ක් රැස් කළා ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ, ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ කඩුලු 6ක පහසු ජයකන් වාර්තා කිරීමත් සමග ය.

තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් නායිකා චමරි අතපත්තු පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා ය.



චමරි යළිත් අසාර්ථක යි

ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි නායිකා චමරි අතපත්තු යළිත් වරක් අසාර්ථක පිතිකරණයන නිරත වෙමින් ලකුණු 3ක් ලබා සිටියදී දැවී ගියා ය.

පකිස්ථානයට එරෙහිව පැවති තරගයේදී ද චමරි අතපත්තු රැස් කළේ, ලකුණු 6ක් පමණි.

ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩි ම ලකුණු රැස් කළ නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 29ක් රැස් කළා ය.

හර්ෂිතා සමරවික්‍රම ලකුණු 23ක් රැස් කළ අතර, අනුෂ්කා සංජීවනී ලකුණු 16ක් රැස් කළා ය.

සෙසු කිසිදු පිතිකාරිණියකට ලකුණු 5 සීමාව ඉක්මවා රැස් කිරීමට ඔස්ට්‍රේලියා පන්දු යවන ක්‍රීඩිකාවෝ ඉඩ ලබා නොදුන්හ.

ඒ අනුව, නියමිත පන්දු වාර 20 තුළදී ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 7ක් දැවී රැස් කර ගත හැකි වූයේ, ලකුණු 93ක් පමණි.

f23ee6b0 8322 11ef ad45 893aa022fcbc.jpg
බෙත් මූනිගෙන් දක්ෂ පිතිහරඹයක්

ලකුණු 94ක ජයග්‍රාහී ඉලක්කයක් සමගින් පන්දුවට පහර දීම ආරම්භ කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය වන බෙත් මූනි පන්දු 38කදී නොදැවී ලකුණු 43ක් රැස් කළා ය.

එලිස් පෙරී ලකුණු 17ක් සහ ඈෂ්ලි ගාර්ඩ්නර් ලකුණු 12ක් රැස් කළහ.

ඒ අනුව, පන්දු වාර 14.2කදී ලකුණු 94ක් රැස් කරමින් ඔස්ට්‍රේලියා කණ්ඩායම තරගයේ ජය හිමි කර ගත්තේ ය.

තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කඩුලු 3ක් බිඳ හෙළූ මේගන් ෂට් නම් කෙරිණි.


ලකුණු සටහනේ ශ්‍රී ලංකාව සිටින තැන



ශ්‍රී ලංකා කණ්ඩායම A කාණ්ඩයේ කණ්ඩායම් 5 අතරින් මේ වන විට තරග දෙකක් පරාජය වී ලකුණු සටහනේ සිව් වන ස්ථානයේ පසු වෙයි.

පිළිවෙළින් නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ පකිස්ථානය එක් තරගයක් බැගින් ජය ගනිමින් ලකුණු සටහනේ පළමු, දෙවන සහ තෙවන ස්ථානවල පසු වෙයි.

පස් වන ස්ථානයේ රැඳී සිටින්නේ, තරගයක් පරාජය වූ ඉන්දියා කණ්ඩායම යි.

මෙම තරගාවලියේ තවදුරටත් බලාපොරොත්තු තබා ගැනීමට නම් ඉදිරි තරග ජය ගත යුතුව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරගය ඉන්දියාව සමග ලබන 9 වන දා පැවැත්වීමට නියමිත ය.

(BBC සිංහල සේවය)
462291952 18423015946074775 949117817003751532 n

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...