The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

රුසියානු සමරිසි ටෙනිස් ක්‍රීඩිකාවකට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට වරම්

T

The Leader Desk

March 31, 2025 • 10:40 AM

රුසියානු සමරිසි ටෙනිස් ක්‍රීඩිකාවකට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට වරම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇය මේ බව සඳහන් කර තිබෙන්නේ ඇය විසින් ස්ථිර පදිංචිය සඳහා ඉදිරිපත් කර තිබූ අයැදුම් පත ඔස්ට්‍රේලියානු රජය විසින් පිළිගැනීමෙන් පසුව.
  • හැවිරිදි කසත්කීනා 2022 වසරේ පැවති ප්‍රංශ විවෘත තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි ක්‍රීඩිකාවක වන අතර ඇය වර්තමානයේ ලෝකයේ අංක 12 ට ශ්‍රේණිගතව සිටිනවා.
  • අට වතාවක් කාන්තා ටෙනිස් සංගමයේ (WTA) කේවල ශූරිය වූ ඇගේ ක්‍රීඩා දිවිය තුළ කසත්කීනා අත්කර ගත් හොඳම ශ්‍රේණිය වූයේ ලෝක අංක 8.
  • ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට හැකිවීම පිළිබඳව තමා සතුටු වන බව කසත්කීනා සිකුරාදා පළ කළ ඉන්ස්ටග්‍රෑම් පෝස්ටුවකින් කියා සිටියා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඇය මේ බව සඳහන් කර තිබෙන්නේ ඇය විසින් ස්ථිර පදිංචිය සඳහා ඉදිරිපත් කර තිබූ අයැදුම් පත ඔස්ට්‍රේලියානු රජය විසින් පිළිගැනීමෙන් පසුව.

27 හැවිරිදි කසත්කීනා 2022 වසරේ පැවති ප්‍රංශ විවෘත තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි ක්‍රීඩිකාවක වන අතර ඇය වර්තමානයේ ලෝකයේ අංක 12 ට ශ්‍රේණිගතව සිටිනවා. අට වතාවක් කාන්තා ටෙනිස් සංගමයේ (WTA) කේවල ශූරිය වූ ඇගේ ක්‍රීඩා දිවිය තුළ කසත්කීනා අත්කර ගත් හොඳම ශ්‍රේණිය වූයේ ලෝක අංක 8.

ratio3x2 1920

 

2022 වසරේදී රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව රුසියාව හා බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ රටවල ධජයන් යටතේ තරග කිරීම තහනම් කිරීමෙන් පසුව කසත්කීනා WTA තරගාවලියේ ක්‍රීඩා කරමින් සිටියේ මධ්‍යස්ථ ධජයක් යටතේ.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට හැකිවීම පිළිබඳව තමා සතුටු වන බව කසත්කීනා සිකුරාදා පළ කළ ඉන්ස්ටග්‍රෑම් පෝස්ටුවකින් කියා සිටියා. ඇය දැන් ඔස්ට්‍රේලියානු පුරවැසියෙක් බවත් ඉදිරියේදී ඔස්ට්‍රේලියාව නියෝජනය කරන බවත් ඔස්ට්‍රේලියා ටෙනිස් සම්මේලනය පසුව ප්‍රකාශ කළා.

“ස්ථිර පදිංචිය සඳහා මා ඉදිරිපත් කළ අයැදුම් පත ඔස්ට්‍රේලියා රජය විසින් අනුමත කර තිබෙන බව මම ඔබට දන්වන්නේ ඉතාම සතුටින්. ඔස්ට්‍රේලියාව මම ආදරය කරන රටක්. එය ඉතාම විස්මයජනක ආකාරයෙන් මිනිසුන්ව සාදරයෙන් පිළිගන්නා රටක්. එය මට සම්පූර්ණයෙන්ම ගෙදර වගේ දැනෙන තැනක්” යනුවෙන් කසත්කීනා පවසනවා.

 

c646411f85e95fc84edc83fc558ebecf

“මෙල්බර්න්වල ඉන්න මම හරි ආසයි. ඉදිරියේදී එය මගේ ගෙදර කරගන්න මම බලාපොරොත්තු වෙනවා. මෙතැන් සිට මම මගේ වෘත්තීය ටෙනිස් දිවියේ නියෝජනය කරන්නේ මගේ අලුත් මව්බිම වන ඔස්ට්‍රේලියාව කියලා මම නිවේදනය කරන්නේ ඉතාම ආඩම්බරයෙන්.”

යුද්ධයට විරුද්ධ සමරිසි පුද්ගලයෙකු වශයෙන් තමාට ආරක්ෂාවක් නැති බව හැඟුනු නිසා තමා රුසියාවෙන් පලා ගිය බව කසත්කීනා 2023 වසරේදී කියා තිබුනා.

තෙවසරකට පෙර ඇය ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් රුසියානු figure skating ඔලිම්පික් රිදී පදක්කම්ලාභිනියක වන නටාලියා සබීඅකෝ (Natalia Zabiiako) සමග තමාගේ ආදර සබඳතාවක් 2021 වසරේ සිට තිබෙන බව කියා සිටි අතර පසුගිය දෙවසරේ ඇය ජීවත් වෙමින් සිටියේ ස්පාඤ්ඤයේ හා ඩුබායි රාජ්‍යයේ.

 



එම කාලය අතරතුර කසත්කීනා යුක්රේනය සමග තිබෙන රුසියාවේ යුද්ධය විවේචනය කරන්නියක ලෙස ද කටයතු කළා.

ඔස්ට්‍රේලියාව කසත්කීනා ට ස්ථිර පදිංචිය ප්‍රදානය කර තිබෙන බව තමන්ට දැන්වූ බව ඔස්ට්‍රේලියා ටෙනිස් සම්මේලනය ඊයේ ප්‍රකාශ කළා.

රුසියානුවන්ගේ යුක්රේන ආක්‍රමණය විවේචනය කිරීමට අමතරව කසත්කීනා රුසියාව LGBTQIA+ ප්‍රජාවට සලකන දුෂ්ට ආකාරය ද හෙළා දැක තිබෙනවා. ඇය සමලිංගිකයෙකු බව 2022 වසරේදී ප්‍රකාශ කළ අවස්ථාවේදී එය රුසියානු ප්‍රවෘත්ති ජාලයේ ප්‍රධාන සිරස්තලය බවට පත්වූ අතර ඇය විදෙස් ඔත්තුකාරිනියක ලෙස හංවඩු ගසන ලෙසට එක් දේශපාලනඥයෙක් ඉල්ලා සිටියා.

f8e8178d 0798 4d9e 9db6 3fde6dbcbfc8

 

එවැනි තත්ත්වයක් යටතේ වුවද කසත්කීනා පසුගිය වසරේදී ESPN පුවත් සේවයට ප්‍රකාශයක් කරමින්, තමා සමලිංගිකයෙකු බවට ප්‍රසිද්ධියේ කියා සිටීමෙන් පසුව මහා බරක් තම උරහිසෙන් බිමට වැටුනු හැඟීමක් තමාට දැනුනු බව සඳහන් කළා.

එතැන් සිට, කසත්කීනා සහ සබීඅකෝ ඔවුන්ගේ ටෙනිස් චාරිකාව සහ ඔවුන් එකට එක්ව ගෙවන ජීවිතය ගැන තොරතුරු ඉදිරිපත් කිරීම පිණිස ජනප්‍රිය YouTube චැනලයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන්ගේ නිර්භීකමෙන් පෙළඹවීමක් ලද රුසියාවේ සිටින පුද්ගලයන්ගෙන් ඔවුන්ට නිරන්තරයෙන් දුරකථන ඇමතුම් ලැබෙන බව සබීඅකෝ 2024 වසරේදී ESPN ට පැවසුවා.

කසත්කීනාගේ මවුපියන් තවමත් රුසියාවේ ජීවත් වෙමින් සිටිය ද ඇය 2022 පෙබරවාරියේ සිට යළි රුසියාවට ගොස් නැහැ. පසුගිය වසර කිහිපය තිස්සේ ම ඇය ඩුබායි රාජ්‍යයේ ජීවත් වෙමින් සහ පුහුණු වෙමින් සිටිනවා.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...