The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලෝක බොක්සිං ශූරී ‘බිරිඳ’ බූරාගෙන් කබඩි ක්‍රීඩක ‘සැමියා’ හූඩා ට ගුටිබැට

T

The Leader Desk

March 31, 2025 • 2:32 PM

ලෝක බොක්සිං ශූරී ‘බිරිඳ’ බූරාගෙන් කබඩි ක්‍රීඩක ‘සැමියා’ හූඩා ට ගුටිබැට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (Deepak Niwas Hooda) ට පහර දෙන අයුරු X සමාජ මාධ්‍ය කැමරාවට හසුව තිබෙනවා.
  • හර්යානා ප්‍රාන්තයේ හිසාර් නගරයේ පොලිස් ස්ථානයේදී මේ සිද්ධිය ඇතිව තිබෙන්නේ දෙදෙනාගේ දික්කසාද කටයුතු මධ්‍යයේ.
  • දෑවැද්ද ගැන කියා සැමියා තමාට හිරිහැර කරමින් පහර දෙන බවට චෝදනා කරමින් බූරා දික්කසාද නඩුවක් ගොනුකර තිබෙනවා.
  • සමාජ මාධ්‍යයේ මතුව තිබෙන වීඩියෝවෙන් දිස්වන්නේ එම පැමිණිල්ල සම්බන්ධයෙන් ඇතිවූ කතාබහක් අතරතුර බූරා, හූඩා වෙත පැන ඔහුව උගුරු දණ්ඩෙන් අල්ලා ගෙන සිටින අයුරු.
අකුරු ප්‍රමාණය (Font Size):

(Deepak Niwas Hooda) ට පහර දෙන අයුරු X සමාජ මාධ්‍ය කැමරාවට හසුව තිබෙනවා.

හර්යානා ප්‍රාන්තයේ හිසාර් නගරයේ පොලිස් ස්ථානයේදී මේ සිද්ධිය ඇතිව තිබෙන්නේ දෙදෙනාගේ දික්කසාද කටයුතු මධ්‍යයේ.

දෑවැද්ද ගැන කියා සැමියා තමාට හිරිහැර කරමින් පහර දෙන බවට චෝදනා කරමින් බූරා දික්කසාද නඩුවක් ගොනුකර තිබෙනවා. සමාජ මාධ්‍යයේ මතුව තිබෙන වීඩියෝවෙන් දිස්වන්නේ එම පැමිණිල්ල සම්බන්ධයෙන් ඇතිවූ කතාබහක් අතරතුර බූරා, හූඩා වෙත පැන ඔහුව උගුරු දණ්ඩෙන් අල්ලා ගෙන සිටින අයුරු. පවුලේ සාමාජිකයින් මැදිහත් වෙමින් දෙදෙනා එකිනෙකාගෙන් වෙන් කළ ද දෙපාර්ශවය අතර උණුසුම් ලෙස තර්ක කිරීම පොලිස් ස්ථානය තුළ දිගටම පැවතුනා.

මීට කළින්, බූරා ඇයගේ ආසියානු ලෝකඩ පදක්කම්ලාභී කබඩි ක්‍රීඩක සැමියා ට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් දමා තිබුනා. දෑවැද්ද වෙනුවෙන් ඔහු සහ ඔහුගේ පවුලේ අය තමාට පහර දෙන බවට ඇය එම පැමිණිල්ලෙන් චෝදනා කර තිබෙනවා.

දෙදෙනා විවාහ වූයේ 2022 වසරේ. ඉන්දියාවේ දෙවැනියට උසස්ම ක්‍රීඩා ගෞරවය වන ‘අර්ජුන’ සම්මානලාභියෙකු ද වන හූඩා ට එරෙහිව බූරා හිසාර් පොලිසියට පැමිණිලි කර තිබෙන්නේ පෙබරවාරි 25 වැනිදා.

xfge443
මේ සම්බන්ධයෙන් හූඩාගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කරන ලෙසට දෙතුන් වතාවක් දන්වා සිටිය ද ඔහු ඒ සඳහා පෙනී නොසිටි බව හිසාර් පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

මේ පිළිබඳව හූඩාගෙන් විමසූ විට, මේ පැමිණිල්ල නිසා තමා තුළ ඇතිව තිබෙන කම්පනය තමාගේ ශරීර සෞඛ්‍යයට දැඩි බලපෑමක් සිදුකර තිබෙන බැවින් තමා නොපැමිණි බව ඔහු කියා තිබෙනවා. “මම වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර වෙනත් දිනයක් ඉල්ලා තිබෙනවා. මම නිශ්චිතවම පොලිසියට යනවා. නමුත් මම මගේ බිරිඳට එරෙහිව සෘණාත්මක ප්‍රකාශයක් කරන්නේ නැහැ. මට එයාව මුණගැසෙන්න ඉඩ ලබා දී නැහැ” යනුවෙන් හූඩා පවසනවා.

හූඩා ට එරෙහිව බූරා විසින් නගා තිබෙන චෝදනා අතර ප්‍රධාන තැනක් ගන්නේ දෑවැද්ද වැඩිපුර ඉල්ලා වධ හිංසා පමුණුවීම සහ පහර දීම බව වාර්තා වනවා.

සුඛෝපභෝගී කාරයක් තමාට ලබා දෙන ලෙසට හූඩා කළ ඉල්ලීම ඉටු කර තිබුන ද ඇගේ සැමියා ඇයට පහර දෙන බවත් ඊට අමතරව මුදල්මය ඉල්ලීම් කරන බවත් බූරාගේ පැමිණිල්ලේ සඳහන්ව තිබෙන බව පොලිසිය පවසනවා.

sert45
හූඩා, රෝටක් දිස්ත්‍රික්කයේ මෙහාම් මැතිවරණ කොට්ඨාශයේ භාරතිය ජනතා පක්ෂ අපේක්ෂකයා වශයෙන් 2024 හර්යානා සභාවට තරග කළ ද ඔහුගේ උත්සාහය අසාර්ථක වුනා.

ඔහු 2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනූ ඉන්දියා කබඩි කණ්ඩායමේ මෙන්ම ඊට පෙර 2014 වසරේදී ආසියානු ක්‍රීඩා ලෝකඩ පදක්කම හිමිකර ගත් ඉන්දියා කබඩි කණ්ඩායමේ ද සාමාජිකයෙක්. ඩීපක් නිවාස් හූඩා වෘත්තීය කබඩි ලීගයේ ද තරග කර තිබෙනවා.

සවීටි බූරා ‘මිඩ්ල්වේට්’ අංශයේ තරග කරන බොක්සිං ක්‍රීඩිකාවක්. ජාත්‍යන්තර බොක්සිං සංගමයේ (IBA) 2023 කාන්තා ලෝක ශූරතාවලියේදී රන් පදක්කම දිනා ගත් ඇය ජාත්‍යන්තර බොක්සිං සංගමයේ (AIBA) 2014 කාන්තා ලෝක ශූරතාවලියේදී ‘ලයිට් හෙවිවේට්’ අංශයෙන් රිදී පදක්කම හිමිකර ගත්තා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...