The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

නිලධාරියෙක් සමග ලිංගිකව හැසිරුණු පාපන්දු විනිසුරුවරියට ජීවිතාන්තය දක්වා තරග තහනමක්

T

The Leader Desk

April 6, 2025 • 5:02 PM

නිලධාරියෙක් සමග ලිංගිකව හැසිරුණු පාපන්දු විනිසුරුවරියට ජීවිතාන්තය දක්වා තරග තහනමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විනිසුරුවරියකට ජීවිතාන්තය දක්වා පාපන්දු තහනමක් පනවා තිබෙනවා.
  • ජගත් පාපන්දු සම්මේලනයේ (FIFA) හිටපු නිලධාරියෙකු වන 61 හැවිරිදි අර්ඩමිය ට ද මේ හා සමාන දඬුවමක් තුර්කියේ පාපන්දු බලධාරීන් විසින් ලබා දී තිබෙනවා.
  • රහසේ පිටකර තිබෙන වීඩියෝ පටයේ සිටින පුද්ගලයන්ගෙන් කෙනෙක් තමා බවට හැඳින්වීම එලීෆ් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
  • ඉස්ටාන්බුල් නුවර උපන් ඇයට සමාජ මාධ්‍ය අනුගාමිකයන් 363,000ක් සිටිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

විනිසුරුවරියකට ජීවිතාන්තය දක්වා පාපන්දු තහනමක් පනවා තිබෙනවා.

ආබාධයක් නිසා පාපන්දු ක්‍රීඩා කිරීම නතර කිරීමට සිදුවීමෙන් පසුව එලීෆ් කෙරාස්ලෑන් (Elif Karaarslan) තුර්කියේ පැවැත්වෙන පාපන්දු තරග විනිශ්චය කරමින් සිටියා.

එහෙත් තුර්කියේ පාපන්දු සංගමය දැන් ඇයට ජීවිතාන්ත පාපන්දු තහනමක් පනවා තිබෙන්නේ ඇය තරග විනිසුරුවන්ගේ අධීක්ෂණ නිලධාරියෙකු වන ඕහේන් අර්ඩමිය (Orhan Erdemir) සමග ලිංගිකව හැසිරෙමින් සිටින අයුරු කැමරාවට හසුවීමෙන් පසුව.

dty546
ජගත් පාපන්දු සම්මේලනයේ (FIFA) හිටපු නිලධාරියෙකු වන 61 හැවිරිදි අර්ඩමිය ට ද මේ හා සමාන දඬුවමක් තුර්කියේ පාපන්දු බලධාරීන් විසින් ලබා දී තිබෙනවා.

රහසේ පිටකර තිබෙන වීඩියෝ පටයේ සිටින පුද්ගලයන්ගෙන් කෙනෙක් තමා බවට හැඳින්වීම එලීෆ් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉස්ටාන්බුල් නුවර උපන් ඇයට සමාජ මාධ්‍ය අනුගාමිකයන් 363,000ක් සිටිනවා.

මේ තහනමට එරෙහිව අභියාචනය කරන බවට එලීෆ් අවධාරණය කරන්නේ, නීතිමය අතින් දීර්ඝ සටනක් තමා ඉදිරියේ තිබුනත් එය ඉතාමත්ම ශක්තිමත්ව හා සෘජුව සිටිමින් ජය ගන්නා බව පවසමින්.

ert435
“අඬලා, කෑගහලා, දුකෙන් ඉන්න එක මම කරන දේවල් නෙවෙයි. ඒ මම නෙවෙයි” එලීෆ් කියනවා.

“මම අවසානය දක්වා මගේ ප්‍රතිපත්තිය වෙනුවෙන් නැගී සිටිනවා. මම හිංසාවට පත්ව සිටින බොහෝ දෙනෙකුගෙන් එක් කෙනෙක් පමණයි. අන්තිමයාත් මම වනු ඇතැයි මම ප්‍රාර්ථනා කරනවා.”

පාපන්දුවේ තරග විනිසුරුවරියක වීමට එලීෆ් තුර්කියේ වඩාත්ම සාර්ථක කණ්ඩායමක් වන Besiktas ට ක්‍රීඩා කළා.

‌මේ අතර, මෙම වීඩියෝව තමා‌ගේ අවසරය නැතිව බෙදා හැර ඇති බව කියන අර්ඩමිය තමාගේ පාපන්දු දිවිය දැන් අවසන්ව ඇති බව පිළිගන්නවා.

“මගේ පවුල, මගේ සමාජ කවය සහ මගේ විනිසුරු ප්‍රජාව තුළ මට තිබුණු ගෞරවය දැන් හේදිලා ගිහින්. මගේ මූල්‍යමය පාඩුවට අමතරව මම විඳපු සංවේදී හානිය විස්තර කරන්න බැරි තරම්” ඔහු ප්‍රකාශ කරනවා.

ඉස්ටාන්බුල් වැසියෙකු වන අර්ඩමිය 1999 සහ 2002 අතර වකවානුවේ FIFA විනිසුරුවරයෙකුව සිටියා.

සිය පුහුණුකරු සගයන් අධීක්ෂණය කරන නිලධාරි‌යෙකු වීමට පෙර ඔහු තුර්කියේ සුපර් ලීග් තරගාවලියේ තරග භාරව කටයුතු කළා.


warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නිලධාරියෙක් සමග ලිංගිකව හැසිරුණු පාපන්දු විනිසුරුවරියට ජීවිතාන්තය දක්වා තරග තහනමක් | The Leader