The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

'පාකිස්තානය මගෙන් ඉල්ලන්නේ ක්‍රිකට් මිස ඉංග්‍රීසි නෙවෙයි!' -නායක මොහමඩ් රිස්වාන්

T

The Leader Desk

April 13, 2025 • 4:26 PM

'පාකිස්තානය මගෙන් ඉල්ලන්නේ ක්‍රිකට් මිස ඉංග්‍රීසි නෙවෙයි!' -නායක මොහමඩ් රිස්වාන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහෙම වුන දාට මම ක්‍රිකට් අතහැර මහාචාර්යවරයෙක් වෙන්නම්.” මෙසේ පවසන්නේ පාකිස්තාන ක්‍රිකට් නායක මොහමඩ් රිස්වාන්.
  • ඔහු මේ ප්‍රකාශය එල්ල කළේ සිය ඉංග්‍රීසි භාෂා දැනුම පිළිබඳව ඔහුට සරදම් කරන්නන් ඉලක්ක කරගෙන.
  • පාකිස්තානයේ ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය ආයතන කිහිපයක් පවා උර්දු භාෂාවෙන් කතා කරන ලෙසට ද මීට කළින් රිස්වාන් ට උදක් බලකර තිබුනා.
  • එම ප්‍රකාශවලට පිළිතුරු දෙමින් රිස්වාන් කීවේ තමා තමාගේ අධ්‍යාපනය සම්පූර්ණ නොකළ බව.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙම වුන දාට මම ක්‍රිකට් අතහැර මහාචාර්යවරයෙක් වෙන්නම්.”

මෙසේ පවසන්නේ පාකිස්තාන ක්‍රිකට් නායක මොහමඩ් රිස්වාන්. ඔහු මේ ප්‍රකාශය එල්ල කළේ සිය ඉංග්‍රීසි භාෂා දැනුම  පිළිබඳව ඔහුට සරදම් කරන්නන් ඉලක්ක කරගෙන.

මාධ්‍ය සාකච්ඡාවලදී රිස්වාන් ඉතාමත් අපහසුවෙන් ඉංග්‍රීසියෙන් කතා කරන අන්දම පිළිබඳව සමාජ මාධ්‍ය ඔහුව සමච්චලයට ලක් කරන්නේ අනුකම්පා විරහිතව.

පාකිස්තාන සුපර් ලීගයේ (PSL) ‘මුල්ටාන් සුල්ටාන්ස්’ කණ්ඩායමේ පළමු තරගයට පෙර ඔහු මේ සමච්චල් කරන පුද්ගලයින් ඇමතුවේ, සිය ඉංග්‍රීසි දැනුමට අවමන් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු  ඔහුගෙන් විමසූ අවස්ථාවේ.

554jj
“මම ඒවා ගණන් ගන්නේ නැහැ. මම එක දෙයක් ගැන ආඩම්බරයි. ඒ, මම කියන ඕනෑම දෙයක් එන්නේ මගේ හද පත්ලෙන් ම වීම ගැන. මම ඉංග්‍රීසි දන්නේ නැහැ. මට ප්‍රමාණවත් අධ්‍යාපනයක් නොලැබීම මට තියෙන එකම කනගාටුවයි. නමුත් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වී සිටියදීත් මට ඉංග්‍රීසි කතා කරන්න බැරිවීම ගැන මම සියයට එකක්වත් ලජ්ජා වෙන්නේ නැහැ” මොහමඩ් රිස්වාන් අවධාරණයෙන් කියා සිටියා.

 

පාකිස්තානයේ ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය ආයතන කිහිපයක් පවා උර්දු භාෂාවෙන් කතා කරන ලෙසට ද මීට කළින් රිස්වාන් ට උදක් බලකර තිබුනා. එම ප්‍රකාශවලට පිළිතුරු දෙමින් රිස්වාන් කීවේ තමා තමාගේ අධ්‍යාපනය සම්පූර්ණ නොකළ බව.


“මගෙන් තරයේ ඉල්ලා සිටින්නේ ක්‍රිකට් මිස ඉංග්‍රීසි නෙවෙයි. මම මගේ අධ්‍යාපනය සම්පූර්ණ නොකිරීම ගැන මගේ පසුතැවීමක් තියෙනවා. ඒ නිසා තමයි මම ඉංග්‍රීසි කතා කරද්දී වෙහෙසෙන්නේ. හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන විදියට තමන්ගේ අධ්‍යාපනය සම්පූර්ණ කර ගන්න කියලා මම මගේ කණිෂ්ඨ ක්‍රීඩකයන්ට කියනවා” යනුවෙන් රිස්වාන් ප්‍රකාශ කළා.

“මේ මොහොතේ පාකිස්තානය මගෙන් සාර්ථක ක්‍රිකට් ක්‍රීඩාවක් ඉල්ලනවා. පාකිස්තානය මගෙන් ඉංග්‍රීසි භාෂාව ඉල්ලන්නේ නැහැ. එහෙම වුන දවසට මම ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන මහාචාර්යවරයෙකු වෙන්නම්. නමුත් ඒකට මට එච්චර වෙලවක් ඉතුරු වෙලා නැහැ.”

gy67hh
උර්දු භාෂාවෙන් ප්‍රශ්නවලට පිළිතුරු දීමට හැකිවන පරිදි මාධ්‍ය සාකච්ඡාවන් සඳහා ඉදිරියේදී භාෂා පරිවර්තකයෙක් යොදා ගැනීම පිළිබඳව තමා සලකා බැලීමට ඉඩ තිබෙන බව ද රිස්වාන් එක් සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකුට පැවසුවා.

පාකිස්තාන ක්‍රිකට් නායකයා අවසාන වශයෙන් මෙසේ ද සඳහන් කළා.

“ඉංග්‍රීසි ජාතිකයෙක් මෙහෙ ආවොත්, මට එයත් එක්ක සන්නිවේදනය කරන්න පුළුවන්. ඔහු සමග දවසක් පුරා නගරයේ සැරිසරමින් ඉන්න වුනත් පුළුවන්. ඔහුට කිසිම වෙනසක් නොදැනේවි. වෙනසක් දැනෙන්නේ මා ගැන තරහෙන් ඉන්න අයට විතරයි!”

warnan Gunasekara (සටහන | වර්නන් ගුණසේකර)
 ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.comර

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'පාකිස්තානය මගෙන් ඉල්ලන්නේ ක්‍රිකට් මිස ඉංග්‍රීසි නෙවෙයි!' -නායක මොහමඩ් රිස්වාන් | The Leader