The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ලන්දේසි පාපැදි ක්‍රීඩකයාට කෙළ - බෝතල ප්‍රහාර

T

The Leader Desk

April 18, 2025 • 11:04 AM

ලන්දේසි පාපැදි ක්‍රීඩකයාට කෙළ - බෝතල ප්‍රහාර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය මස අග පැවති තරගය ජයග්‍රහණය කළ මේ ලන්දේසි තරගකරුවාට East Flanders මහ නගර සභාවේ Ronse නුවරදී කෙළ ගසා තිබෙන්නේ තරගයේ කිලෝමීටර් 30ක පමණ දුරක් ඉතිරිව තිබියදී ඔහු තනිවම ඉදිරියෙන් පාපැදිය ධාවනය කරමින් සිටි අවස්ථාවේ.
  • පවුම් 300ක් (යුරෝ 350) දක්වා වන දඩ මුදලක් මේ පුද්ගලයාට ගෙවීමට සිදුවනු ඇතැයි පවසන පොලිසිය නඩුව මීට වඩා දුර ගෙන යන්නේ නැති බව කියා තිබෙනවා.
  • එහි බර කිලෝග්‍රෑම් භාගයක් (රාත්තලක්) විතර ඇති.
  • ඊටත් මම ඒ වෙලාවේ බයිසිකලය පදිමින් සිටියේ පැයට කිලෝමීටර් 50ක (පැයට සැතපුම් 31) පමණ වේගයකින්.
අකුරු ප්‍රමාණය (Font Size):


පසුගිය මස අග පැවති තරගය ජයග්‍රහණය කළ මේ ලන්දේසි තරගකරුවාට East Flanders මහ නගර සභාවේ Ronse නුවරදී කෙළ ගසා තිබෙන්නේ තරගයේ කිලෝමීටර් 30ක පමණ දුරක් ඉතිරිව තිබියදී ඔහු තනිවම ඉදිරියෙන් පාපැදිය ධාවනය කරමින් සිටි අවස්ථාවේ. වැන් ඩ පූ ට කෙළ ගැසූ පුද්ගලයා පොලිසිය විසින් හඳුනා ගෙන තිබෙන අතර පසුව ඔහු වරද පිළිගෙන තිබෙනවා.

පවුම් 300ක් (යුරෝ 350) දක්වා වන දඩ මුදලක් මේ පුද්ගලයාට ගෙවීමට සිදුවනු ඇතැයි පවසන පොලිසිය නඩුව මීට වඩා දුර  ගෙන යන්නේ නැති බව කියා තිබෙනවා.

Mathieu van der Poel bottle 2 edit

තවත් සිදුවීමකදී, මේ Alpecin-Deceuninck නමැති බෙල්ජියම් පාපැදි කණ්ඩායමේ ක්‍රීඩකයාට නරඹන්නෙක් වතුර බෝතලයකින් දමා ගැසුවා. එහිදී ද ඔහු මේ ප්‍රහාරයට ලක්වූයේ, පසුගිය ඉරිදා පැවති Paris-Roubaix පාපැදි මාර්ග ධාවන තරගය වාර්තාගත අයුරින් පිට පිට තෙවැනි වතාවටත් ජයග්‍රහණය කිරීමට පෙර තනිවම තරගයේ පෙරමුණ ගෙන පාපැදිය හසුරුවමින් සිටියදී.

නරඹන්නා වීසිකළ ප්ලාස්ටික් වතුර බෝතලය වැදුනේ වැන් ඩ පූගේ මුහුණට. “ඒක සාමන්‍ය දෙයක් නෙවෙයි. එය වතුර පිරී තිබුණු බෝතලයක්. එහි බර කිලෝග්‍රෑම් භාගයක් (රාත්තලක්) විතර ඇති. ඊටත් මම ඒ වෙලාවේ බයිසිකලය පදිමින් සිටියේ පැයට කිලෝමීටර් 50ක (පැයට සැතපුම් 31) පමණ වේගයකින්. මට දැණුනේ කවුරුහරි මගේ මුහුණට ගලකින් ගැහුවා වගෙයි” ඔහු තරගයෙන් පසුව ප්‍රකාශ කළා.

වැන් ඩ පූ ට බෝතල ප්‍රහාරය එල්ල කළ 28 හැවිරිදි බෙල්ජියම් ජාතිකයෙක් පොලිසියට බාර වෙමින් සමාව අයැද සිටියා. තමා සිදුකළේ  මෝඩ සහ අනතුරුදායක ක්‍රියාවක් බවත් තමා ඒ වෙලාවේ ඉතා බීමත්ව සිටි බවත් කියා සිටියා.

“මගේ මෝඩ ක්‍රියාව මධ්‍යයේත් ඔහු ඉරිදා තරගයේ අවසන් රේඛාව පළමුව පසුකිරීම ගැන මම ඉතාම සතුටු වෙනවා” යනුවෙන් එම පුද්ගලයා ඊමේල් මගින් කියා තිබුනා.

“තණ බිමේ වතුර බෝතලයක් තිබුනා. මම ඒක අහුලගෙන ඔහු එතැනින් යනවිට විසිකළා. මම ඒක කළේ හිතලා නෙවෙයි. තත්පර භාගයකට පස්සෙයි මට වැටහුනේ ඒ වැඩේ කොච්චර මෝඩ හා අනතුරුදායක ද කියලා.”

GettyImages 2209581821 1 scaled

ඔහු සඳුදා පොලිසියට බාරවුනා. ඔහු වෙනුවෙන් යම් ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් එය කුමක්ද යන්න රජයේ පැමිණිල්ල තීරණය කරමින් සිටියා.

30 හැවිරිදි වැන් ඩ පූ මෑත වසරවලදී නරඹන්නන් සම්බන්ධව සිද්ධීන් ගණනාවකට පැටලී තිබෙනවා.

2023 වසරේ දෙසැම්බර් මාසයේ නෙදර්ලන්තයේ පැවති සයික්ලොක්‍රොස් තරගයකදී ඔහු නරඹන්නන් කිහිප දෙනෙකුට කෙළ ගැසුවා. තමාට “හූ” කීමෙන් සහ තමා වෙත දියර ජාති විසිකිරීමෙන් තමා මහත් කෝපයට පත්ව සිටින බව ඔහු එම අවස්ථාවේ ප්‍රකාශ කළා.

ඉන්පසුව එළඹුනු අප්‍රේල් මාසයේ පැවති Tour of Flanders පාපැදි ධාවන තරගය අතරතුර වැන් ඩ පූ ට බීර ප්‍රහාරයකින් සංග්‍රහ කෙරුනා.

සයික්ලො-ක්‍රොස්, බොරලු සහිත මාර්ග හා මාර්ග යන පාපැදි ධාවන අංශ තුනෙන් ම ලෝක ශූරතා දිනා ගත් එකම පුද්ගලයා වන්නේ මැතිව් වැන් ඩ පූ.

 



warnan Gunasekara
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...