The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ප්‍රතිවාදිනියකගේ රහස් අංග ස්පර්ශ කළ ක්‍රීඩිකාවට පාපන්දු තරග දෙකක තහනමක්

T

The Leader Desk

April 18, 2025 • 4:23 PM

ප්‍රතිවාදිනියකගේ රහස් අංග ස්පර්ශ කළ ක්‍රීඩිකාවට පාපන්දු තරග දෙකක තහනමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ තහනමට ලක්ව සිටින්නේ බාසිලෝනා කණ්ඩායමේ මාපි ලියෝන් (Mapi Leon) ක්‍රීඩිකාව.
  • සිද්ධිය ඇතිව තිබෙන්නේ දෙපිල අතර පැවති තරගයේ ලියෝන් සහ කරාකස් පෙනල්ටි කලාපය තුළ පන්දුව ලබා ගැනීමට පොරකමින් සිටියදී.
  • ස්පාඤ්ඤ පාපන්දුවේ පාලකයන් වන රාජකීය ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ තරගාවලි කමිටුව විසින් මාපි ලියෝන් ට තරග දෙකක තහනමක් පැනවූ බව ස්පාඤ්ඤයේ කාන්තා පාපන්දු ක්‍රීඩාවේ ඉහළම කොටස වන Liga F නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.
  • මේ තහනම හේතුවෙන් ලියෝන් ට මේ සතියේ පැවති බාසිලෝනා කණ්ඩායමේ සෙවීආ පිලට එරෙහි ගෝල් 5-1ක ජයග්‍රාහී තරගයට සහ ඇට්ලටිකෝ මෙඩ්රිඩ් කණ්ඩායමට එරෙහිව ගෝල් 6-0ක ජයක් ලබා ගත් තරගයට ක්‍රීඩා කිරීමට හැකිවුනේ නැහැ.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ තහනමට ලක්ව සිටින්නේ බාසිලෝනා කණ්ඩායමේ මාපි ලියෝන් (Mapi Leon) ක්‍රීඩිකාව. ඇය ඒස්පන්යෝල් කණ්ඩායමේ ඩැනිඑලා කරාකස් (Daniela Caracas) ක්‍රීඩිකාවගේ ඉකිලිය ප්‍රදේශය අල්ලන අයුරු දිස්ව තිබෙනවා.

සිද්ධිය ඇතිව තිබෙන්නේ දෙපිල අතර පැවති තරගයේ ලියෝන් සහ කරාකස් පෙනල්ටි කලාපය තුළ පන්දුව ලබා ගැනීමට පොරකමින් සිටියදී.

t4534
ස්පාඤ්ඤ පාපන්දුවේ පාලකයන් වන රාජකීය ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ තරගාවලි කමිටුව විසින් මාපි ලියෝන් ට තරග දෙකක තහනමක් පැනවූ බව ස්පාඤ්ඤයේ කාන්තා පාපන්දු ක්‍රීඩාවේ ඉහළම කොටස වන Liga F නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

මේ තහනම හේතුවෙන් ලියෝන් ට මේ සතියේ පැවති බාසිලෝනා කණ්ඩායමේ සෙවීආ පිලට එරෙහි ගෝල් 5-1ක ජයග්‍රාහී තරගයට සහ ඇට්ලටිකෝ මෙඩ්රිඩ් කණ්ඩායමට එරෙහිව ගෝල් 6-0ක ජයක් ලබා ගත් තරගයට ක්‍රීඩා කිරීමට හැකිවුනේ නැහැ.

කරාකස්ගේ රහස් අංග සමග ස්පර්ශයක් සිදු නොවූ බවත් පැහැදිලිවම එවැනි චේතනාවක් නොතිබුණු බවත් පැවසූ ලියෝන් තමා කිසිම වැරැද්දක් සිදු නොකළ බව කියමින් නිවේදනයක් නිකුත් කළා.

මේ සිදුවීමේ වීඩියෝව සමාජ මාධ්‍යයේ බොහෝ අය විසින් බෙදාගෙන තිබෙන අතර සිද්ධියෙන් දිනකට පසුව ඒස්පන්යෝල්  පාපන්දු සමාජය නිවේදනයක් නිකුත් කරමින් “අපේ ක්‍රීඩිකාවගේ ඇඟලුම්කම කෙලසුවා” යනුවෙන් කියා සිටියා.

සිද්ධිය ඇතිවූ තරගය අවසන් වූයේ බාසිලෝනා කණ්ඩායම ගෝල් 2-0ක ජයක් වාර්තා කරමින්.

ස්පාඤ්ඤ ජාතික පාපන්දු කණ්ඩායමට 50 වතාවකට වැඩියෙන් ක්‍රීඩා කර ඇති මාපි ලියෝන් බාසිලෝනා කණ්ඩායමේ සිටින ප්‍රධානතම ක්‍රීඩිකාවක්. ඇය ලීග් ශූරතා පහක් සහ කාන්තා චැම්පියන්ස් ලීග් ශූරතා තුනක් දිනා ගෙන තිබෙනවා.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...