The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී තරුෂි ගෙන් රන් පදක්කමක්

T

The Leader Desk

April 19, 2025 • 3:37 AM

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේදී තරුෂි ගෙන් රන් පදක්කමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ අවසන් දිනටත් සෞදි අරාබියේදී පැවැත්වින.
  • එහි වයස අවුරුදු 18න් පහළ මීටර 800 බාලිකා ඉසව්වට තරග කළ ශ්‍රී ලංකාවේ තරුෂි අභිෂේකා සටහන් කළ කාලය මිනිත්තු 2යි තත්පර 14යි දශම 8යි 6කි.
  • මීටර 800 බාලක ලෝකඩ පදක්කම ශවිඳු අවිශ්ක ට මේ අතර, වයස අවුරුදු 18න් පහළ මීටර 800 බාලක අවසන් තරගයට එක් වූ ශ්‍රී ලංකාවේ ශවිඳු අවිශ්ක තරගය අවසන් කළේ මිනිත්තුවයි තත්පර 53යි දශම 4යි 1ක කාලයකිනි.
  • උස පැනීම බාලක ඉසව්වේ ලෝකඩ පදක්කම පවන් නෙත්‍ය සම්පත්ට වයස අවුරුදු 18න් පහළ උස පැනීම බාලක ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ පවන් නෙත්‍ය සම්පත්ට හිමි විය.
අකුරු ප්‍රමාණය (Font Size):


6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ අවසන් දිනටත් සෞදි අරාබියේදී පැවැත්වින.

එහි වයස අවුරුදු 18න් පහළ මීටර 800 බාලිකා ඉසව්වට තරග කළ ශ්‍රී ලංකාවේ තරුෂි අභිෂේකා සටහන් කළ කාලය මිනිත්තු 2යි තත්පර 14යි දශම 8යි 6කි.

ඒ අනුව ඇයට රන් පදක්කම හිමි විය.

රිදී පදක්කම චීනයට හිමි වූ අතර ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ පිලිපීනයයි.

මීටර 800 බාලක ලෝකඩ පදක්කම ශවිඳු අවිශ්ක ට

 

awishka

මේ අතර, වයස අවුරුදු 18න් පහළ මීටර 800 බාලක අවසන් තරගයට එක් වූ ශ්‍රී ලංකාවේ ශවිඳු අවිශ්ක තරගය අවසන් කළේ මිනිත්තුවයි තත්පර 53යි දශම 4යි 1ක කාලයකිනි.

ඒ අනුව ඔහුට ලෝකඩ පදක්කම හිමි විය.

චීනය එහි රන් පදක්කම දිනූ අතර, රිදී පදක්කම හිමි වූයේ කුවේටයටයි.

උස පැනීම බාලක ඉසව්වේ ලෝකඩ පදක්කම පවන් නෙත්‍ය සම්පත්ට

වයස අවුරුදු 18න් පහළ උස  පැනීම බාලක ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ පවන් නෙත්‍ය සම්පත්ට හිමි විය.


ඔහු ප්‍රදර්ශනය කළ දක්ෂතාව මීටර 2යි දශම 0යි 3කි.

බාලිකා මිශ්‍ර සහය ධාවන ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට

වයස අවුරුදු 18න් පහළ  බාලිකා මිශ්‍ර සහය ධාවන ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට හිමි විය.


ඔවුන් තරගය අවසන් කළේ මිනිත්තු 2යි තත්පර 14යි දශම 2යි 5කිනි.

එහි රන් පදක්කම චීනයට හිමි වූ අතර, ලෝකඩ පදක්කම තායිලන්තයට හිමි විය.

වයස අවුරුදු 18න් පහළ මීටර 200 බාලක ඉසව්වට එක් වූ චතුෂ්ක ඉමේෂ් සිල්වා තත්පර 22යි දශම 0යි 9ක කාලයක් සටහන් කළේ ය.

ඒ අනුව ඔහුට හිමි වූයේ 7 වැනි ස්ථානයයි.

හොංකොං, දකුණු කොරියා සහ සිංගප්පූරු ක්‍රීඩකයින් පිළිවෙලින් එහි රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගත්තේ ය.

වයස අවුරුදු 18න් පහළ මීටර 200 බාලිකා අවසන් තරගයට එක් වූ ධනංජනා සෙව්මිණි ප්‍රනාන්දු 6 වැනි ස්ථානයට පත් විය.


| News 1st

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...